එක්සත් ජනපද ඩොලරය මෙතරම් ශක්තිමත් වන්නේ ඇයි, එයින් අදහස් වන්නේ කුමක්ද?

Palestinian man holds up dollar bill

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක හා සසඳන විට එක්සත් ජනපද ඩොලරය දශක දෙකක් තිස්සේ පවතින ඉතාම ශක්තිමත්ම මුදල් ඒකකයයි.

මෙයින් අදහස් වන්නේ ඩොලර් මිලදී ගැනීම වඩා මිල අධික වන අතර ඩොලරය විසින් පවුම්, යුරෝ හෝ යෙන් වැඩියෙන් මිලට ගන්නා බවයි. මෙය ලොව පුරා ව්‍යාපාර සහ කුටුම්භවලට බලපා ඇත.

ඩොලරය කොතරම් ශක්තිමත්ද?

යුරෝ, පවුම් සහ යෙන් ඇතුලු අනෙකුත් ප්‍රධාන මුදල් වර්ග හයකට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය මනිනු ලබන ඩොලර් දර්ශකය (DXY) 2022 දී 15% කින් ඉහළ ගොස් ඇත.

මෙම මිනුම අනුව, ඩොලරය වසර 20ක කාල පරාසයක් තුල ඉහළ මට්ටමක පවතී.

ඩොලරය වසර 20ක කාල පරාසයක් තුල ඉහළ මට්ටමක පවතී.

ඩොලරය මෙතරම් ශක්තිමත් ඇයි?

එක්සත් ජනපද මහ බැංකුව මේ වසරේ කිහිප වතාවක්ම පොලී අනුපාත වැඩි කර ඇත්තේ ඉහළ යන මිල ගණන් පාලනය කිරීමට උත්සාහ කිරීම සඳහා ය. මෙය මුදල් ණයට ගැනීම වඩා මිල අධික කරයි.

ආයෝජකයින්ව වඩාත් ආකර්ෂණය කරගනිමින් එක්සත් ජනපද රජයේ බැඳුම්කර වැනි මූල්‍ය නිෂ්පාදන සඳහා ඔබට වැඩිපුර මුදල් ආපසු ලැබෙන බව ද එයින් අදහස් වේ.

බැඳුම්කර යනු ඉතා ආරක්ෂිත මෙන්ම අනාගතයේදී පොලී සමඟ ආපසු ගෙවීමට පොරොන්දු වන රජයන්ට මුදල් ණයට ගැනීමේ මාර්ගයකි.

2022 ජූලි මාසයේදී පමණක් විදේශීය ආයෝජකයින් ඩොලර් බිලියන 10.2 ක එක්සත් ජනපද රජයේ බැඳුම්කර මිලදී ගත් අතර දැන් ඒවායින් ඩොලර් ට්‍රිලියන 7.5 ක් සතුව ඇත.

Man hurrying across trading floor of New York Stock Exchange

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද ආණ්ඩුවේ බැඳුම්කර මිලට ගැනීමට වෝල් වීදියේ දැඩි තරගයක් තිබේ.

මෙම බැඳුම්කර මිලදී ගැනීම සඳහා ආයෝජකයින් ඩොලර් මිලදී ගත යුතු අතර එම ඉල්ලුම නිසා ඩොලරයේ වටිනාකම වැඩි වේ.

ආයෝජකයින් ඩොලර් මිලදී ගැනීම සඳහා වෙනත් මුදල් විකුණන විට ඒවායේ වටිනාකම පහත වැටේ.

එක්සත් රාජධානියේ රජය විශාල බදු කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඩොලරයට සාපේක්ෂව පවුම වල වටිනාකම පහත වැටී ඇත.

එක්සත් ජනපදයේ විශාලත්වය එහි මුදල් "ආරක්ෂිත තෝතැන්නක්" බවට පත් කරන නිසා ආයෝජකයින් ද ගෝලීය ආර්ථිකය පීඩනයට ලක් වූ විට ඩොලර් මිලදී ගැනීමට නැඹුරු වන අතර එම හේතුව නිසාත් ඩොලරයේ අගය වැඩි වේ.

යුක්රේන ගැටුම හේතුවෙන් ගෑස් මිල ඉහල යාමේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ සහ ආසියාවේ බොහෝ ආර්ථිකයන් ගැටලු වලට මුහුණ දෙමින් සිටිති.

බලශක්ති මිල ඉහල යාමෙන් එක්සත් ජනපදයට විශාල බලපෑමක් සිදුවී නොමැත. පසුගිය මාස හය තුළ එහි ආර්ථිකය හැකිලී ඇතත්, ව්‍යාපාර තවමත් නව කාර්යමණ්ඩල භාර ගනිමින් සිටින අතර, එය අඛණ්ඩ විශ්වාසයේ සලකුණක් ලෙස සැලකේ.

කෙසේ වෙතත්, ඇපල් සහ ස්ටාර්බක්ස් වැනි ලෝකයේ සෙසු රටවල් වලින් මුදල් උපයන එක්සත් ජනපද සමාගම්වලට මෙම ශක්තිමත් ඩොලරය හානි කරයි.

S&P 500 කොටස් වෙලඳපොල දර්ශකයේ වෙළඳාම් කරන එක්සත් ජනපද සමාගම්වලට ජාත්‍යන්තර විකුණුම් වලින් ඩොලර් බිලියන 100 ක් අහිමි විය හැකි යැයි සැලකේ.

ශක්තිමත් ඩොලරයක් දුර්වල මුදල් ඒකක සහිත රටවල් වලට බලපාන්නේ කෙසේද?

දුර්වල මුදල් ඒකක ඇති රටවලට ශක්තිමත් ඩොලරයකින් ප්‍රතිලාභ ලැබිය හැක්කේ තම අපනයනය ඉහල නංවමින් එක්සත් ජනපදයට ලාභදායී ලෙස භාණ්ඩ හා සේවා ලබා දෙමිනි.

කෙසේ වෙතත්, එයින් අදහස් වන්නේ එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ මිලෙන් වැඩි වීමයි.

Bar chart showing how the currencies of nine developing nations have strengthened or weakened against the dollar

තෙල් මිල ඇමරිකානු ඩොලර් වලින් ගණනය වන බැවින් දැන් ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල ඉහල තත්වයක පවතීයි.

නිදසුනක් වශයෙන්, කෙන්නියාවේ, ඩොලරයට සාපේක්ෂව ශිලිං මුදල් ඒකකය වාර්තාගත අවම මට්ටමකට වැටී ඇති අතර, 2022 ආරම්භයේ සිට ඉන්ධන මිල 40%කින් පමණ වැඩි වී තිබේ.

Female pump attendant fills a car at a petrol station in Kenya

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොලරය ඉහළ යෑම යනු කෙන්නියාව වැනි රටවල පෙට්‍රල් මිල තවත් ඉහල යාමකි

බොහෝ රටවල් වල රජයන් සහ පෞද්ගලික සමාගම් ද බොහෝ විට මුදල් ණයට ගන්නේ ඔවුන්ගේ මුදල් ඒකක වලට වඩා ඇමෙරිකානු ඩොලර්වලිනි. ඒ එය වඩා ස්ථාවර නිසා ය.

ඩොලරයේ අගය වැඩි වන විට, එම ණය දේශීය මුදලින් ගෙවීමට වඩා මිල අධික වේ.

ඩොලරයේ ශක්තිමත්භාවය නිසා ආර්ජන්ටිනාවේ ආණ්ඩුව විශේෂයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇත.

තම මූල්‍ය සංචිත ආරක්ෂා කර ගැනීමේ උත්සායක් වශයෙන් විනෝද බෝට්ටු යාත්‍රාවන් සහ විස්කි ඇතුලු විවිධ ආනයනික භාණ්ඩ තාවකාලිකව තහනම් කර ඇත.

ඩොලර් උපයන විදේශ ශ්‍රමිකයින්ට සිදුවන්නේ කුමක්ද?

සෑම වසරකම, විදේශයන්හි සේවය කරන පුද්ගලයින් විසින් ආපසු සිය පවුල් වෙත ඩොලර් බිලියන 625ක ප්‍රමාණයක් එවනු ලැබේ. මෙම ප්‍රේෂණ දේශීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් එල්ල කරයි.

එක්සත් ජනපදයේ පමණක් විදේශීය ශ්‍රමිකයින් වසරකට ඩොලර් බිලියන 150ක් ප්‍රේෂණය කරන අතර එයින් මෙක්සිකෝවට ඩොලර් බිලියන 30කුත්, චීනයට ඩොලර් බිලියන 16කුත්, ඉන්දියාවට ඩොලර් බිලියන 11ක් සහ පිලිපීනයට ඩොලර් බිලියන 11කටත් වඩා ප්‍රේෂණය කරනු ඇතැයි සැලකේ.

එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වන තරමට එය මිලදී ගත හැකි වෙනත් මුදල් වර්ග වැඩි වේ. මෙය ඩොලර් මත පදනම් වූ ප්‍රේෂණ ලබන්නන්ට ඉතා හොඳ ඉතිරි කිරීමකි.

Fred and Bernadette Cruz with their three sons

ඡායාරූප මූලාශ්‍රය, Bernadette Roque Cruz

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆ්‍රෙඩ් කෲස් පිලිපීනයේ සිටින ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එක්සත් ජනපදයේ සිට ඩොලර් යවයි

බර්නාඩෙට් කෲස් ඇගේ පුතුන් තිදෙනා සමඟ පිලිපීනයේ සැන් ජෝස් නගරයේ ජීවත් වන කාන්තාවකි.

පසුගිය වසර 18 පුරා හෙද නිලධාරියෙකු ලෙස සේවය කරන ඇගේ සැමියා ෆ්‍රෙඩ් නිව් යෝර්ක් සිට නිවසට එවන ඩොලර් මත පවුල රඳා පවතී.

පිලිපීනයේ මුදල් ඒකකය වන පෙසෝට සාපේක්ෂව ඩොලරය 13.5% කින් ඉහළ ගොස් තිබේ. "පිලිපීනයේ ආහාර සහ සේවා ඇතුලුව සියලුම භාණ්ඩවල මිල ඉහළ යමින් පවතී," බර්නඩෙට් පවසයි.

"නමුත් ඉහළ වටිනාකමක් ඇති ඩොලරය අපට අවශ්‍ය දේවල් ලබා ගැනීමට විශාල වශයෙන් උපකාර කරනවා. මේ අමතර මුදල මගේ සැමියා විදේශගතව සිටීමේ පරිත්‍යාගයට තවත් වටිනාකමක් එක් කරනවා"

ශක්තිමත් ඩොලරයට මුහුණ දීමට රටවල් කරන්නේ කුමක්ද?

ලොවපුරා බොහෝ රටවල් පොලී අනුපාත ඉහල දමා තම තමන්ගේ මුදල් ඒකකවල වටිනාකම ඉහළ නැංවීමට උත්සාහ කරයි.

ආර්ජන්ටිනාවේ මහ බැංකුවේ ප්‍රධාන පොලී අනුපාතය දැනට 69.5% කි. එය ඝානාවේ 19%, නයිජීරියාවේ 14% සහ බ්‍රසීලයේ 13.75% කි.

කෙසේ වෙතත් ඉහළ පොලී අනුපාත වලින් අදහස් වන්නේ ව්‍යාපාර සහ කුටුම්භ සඳහා මුදල් ණයට ගැනීම වඩා මිල අධික බවයි.

ව්‍යාපාර ව්‍යාප්ත කිරීමේ ගැටලු වලට මුහුණ දිය හැකි අතර තමන්ගේ කාර්ය මණ්ඩල සේවයෙන් පහ කිරීමට අවස්ථාව ඇත.

පවුලේ නඩත්තු කිරීමේ වියදම් කපා හැරිය හැක. අනෙක් අතට, මෙය ආර්ථිකයන් අවපාතයකට ඇද වැටීමේ අවස්ථාවකට පාත්‍ර විය හැක.