රැජිනගේ අවමංගල්‍යය පෙරහැර ඩයනාගේ අවමංගල්‍යයේ මතක නැවත සිහි ගැන්වීමක් - විලියම් කුමරු

වීඩියෝ ශීර්ෂ වැකිය, අවමංගල්‍යය පෙරහැර "අභියෝගාත්මක" මෙන්ම "අතීත මතකය" ගෙන එන්නක්- විලියම් කුමරු

නොර්ෆොක්හි පිරිස් සමඟ වේල්ස් හි කුමරු පවසා ඇත්තේ රැජිනගේ දේහය පිටුපසින් ඇවිද යාමේදී තම මවගේ අවමංගල්‍යය සිහි වූ බවයි.

විලියම් කුමරු පැවසුවේ, ඔහු සහ වේල්ස් හි කුමරියට සැන්ඩ්‍රින්හැම් නිවසෙන් පිටත පැවති පුෂ්පෝපහාර නැරඹීම "කම්පා සහගත" වූ බවයි.

ඔහු සහ ඔහුගේ සොහොයුරා බදාදා රථ පෙළපාලියේ ගමන් කළේ ඩයනා කුමරියගේ අවමංගල්‍යය නැවත සිහි කරමිනි.

ශෝක කාලය අතරතුර රාජකීය පවුලේ සාමාජිකයන් වරින් වර පැමිණෙනු දකින්නට ලැබුණි.

පසුගිය සතියේ මියගිය රැජනට උපහාර පළ කිරීම සඳහා ආ සිය ගණනකට සැන්ඩ්‍රින්හැම්හි ගේට්ටුවෙන් පිටතදී විලියම් කුමරු සහ කැතරින් සමඟ කතා කරන්නට අවස්ථාව උදාවිය.

එක් කාන්තාවක් සමඟ කතා කරමින් විලියම් කුමරු මෙසේ පැවසීය: "ඊයේ මම ගොඩක් දුකෙන් හිටියේ, පරණ මතකයන් කිහිපයක් ආයෙත් සිහිපත් වුණා.."

ඔහු කතා කළ අය අතර ලින්කන්ෂයර් හි ලෝන්ග් සටන් පිළිගැනීමේ නිලධාරි ජේන් වෙල්ස් ද වූ අතර ඇය කියා සිටියේ තම මව තමා ගැන කොතරම් ආඩම්බර වනවා ඇතිදැයි කුමරු තමාට පැවසූ බවයි.

"ඔහු කිව්වා ඊයේ අම්මගේ අවමංගල්‍යය සිහිවුණු නිසා ගොඩක් දුකින් හිටියේ කියලා." ඇය පැවසීය.

වේල්ස් හි නීත් හි කැරොලයින් බාර්වික්-වෝල්ටර්ස් පැවසුවේ ඇය විලියම් කුමරුට "ඔබේ ශෝකය ජාතිය සමඟ බෙදා ගැනීම ගැන ස්තූතියි" යැයි පැවසූ බවත්, "ඇය සෑම කෙනෙකුගේම ආච්චි" යැයි ඔහු පිළිවදන් දුන් බවත්ය.

එවකට 15 හැවිරිදි විලියම් කුමරු සහ ඔහුගේ සොහොයුරා වන සසෙක්ස් හි ආදිපාදවරයා වූ හැරී කුමරු 1997 සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ පියා වන III චාල්ස් රජු සමඟ ඔවුන්ගේ මව වන ඩයනා කුමරියගේ දේහය පිටුපස ඇවිද ගියහ.

බදාදා බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් වෙත රැජිනගේ දේහය රැගෙන යන විට ඔවුන් ද ඒ අසල සිටියහ.නොර්ෆොක්හි පිරිස් සමඟ වේල්ස් හි කුමරු පවසා ඇත්තේ රැජිනගේ දේහය පිටුපසින් ඇවිද යාමේදී තම මවගේ අවමංගල්‍යය සිහි වූ බවයි.

line
රාජකීය වාර්තාකරු ෂෝන් කොග්ලන්ගේ විශ්ලේෂණය
ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකීය වාර්තාකරු ෂෝන් කොග්ලන්ගේ විශ්ලේෂණය

බදාදා වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත ගිය අවමංගල්‍ය පෙරහැරේ දී රැජිනගේ දේහය පිටුපසින් විලියම් කුමරු සහ හැරී කුමරු ඇවිද යාම ඔවුන්ගේ මවගේ අවමංගල්‍ය උත්සවයේ මතකයන් අවදි කළේය.

විලියම් කුමරු නොහොත් දැන් වේල්ස් හි කුමරු සැන්ඩ්‍රින්හැම් හි ජනතාව වෙත අදහස් දැක්වීමේදී ද ඇඟවෙන්නේ එය ඔහුට ද දැනුණු දෙයක් බවයි. "මතකාවර්ජනය වීම" කොතරම් දුෂ්කර දැයි ඔහු ප්‍රකාශ කළේය.

ඩයනා කුමරිය මිය ගොස් අදට වසර 25ක් ගතවී ඇතත් එය තවමත් සිහිපත් වන මතකයකි. එය සහෝදරයන් දෙදෙනාගේ තරුණ ජීවිතවලට ඇති වූ කම්පන සහගත බලපෑම සිහිපත් කිරීමකි. ඔවුන් දෙදෙනාම බොහෝ විට කතා කළේ තම මවගේ වියෝව තවමත් ඔවුන්ට කෙතරම් දැනෙනවාද යන්නයි.

මෙතරම් අඩු වයසකින් වියෝවීම විලියම් කුමරු විසින් කලින් විස්තර කර ඇත්තේ "කියන්න බැරි තරම් වේදනාවක්" ලෙසිනි.

හැරී කුමරු තම මවගේ ආභාෂය ගැන කතා කර ඇත. "දැන් මං කරන හැම දේකදිම වගේ අම්මා ළඟ ඉන්න බව දැනෙනවා" ඔහු මේ වසර මුලදී පැවසීය.

line

2017 දී අදහස් දක්වමින් හැරී කුමරු කුඩා කාලයේදී තම මවගේ දේහය පිටුපස ඇවිදීම විස්තර කළේ නැවත කළ නොහැක්කක් ලෙසයි.

ඔහු Newsweek වෙත මෙසේ පැවසීය: "කිසිම තත්වයක් යටතේ කිසිම දරුවෙකුට එහෙම කරන්න කියලා ඉල්ලන්න හොඳ නැහැ කියලා මම හිතනවා."

Diana's funeral
ඡායාරූප ශීර්ෂ වැකිය, 1997 ඩයනා කුමරියගේ අවමංගල්‍ය උත්සවයේදී විලියම් සහ හැරී කුමරුන්
King Charles and his sons the Prince of Wales and Duke of Sussex walk behind Queen Elizabeth II's coffin

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුන් බදාදා රැජිනගේ දේහය පිටුපසින් ඔවුන්ගේ පියා චාල්ස් රජු සමඟ ගමන් ගනිමින්

සැන්ඩ්‍රින්හැම් නිවස වසර 150 කට වැඩි කාලයක් එනම්, බ්‍රිතාන්‍ය රජවරුන්ගේ පරම්පරා හතරක රාජකීය වාසස්ථානයක් වී ඇති අතර සම්ප්‍රදායිකව රැජින නත්තල් නිවාඩුව ගත කළේ එහි ය.

ඇය විලියම් කුමරුට සහ කැතරින් කුමරියට විවාහයෙන් පසු සැන්ඩ්‍රින්හැම් වතුයායේ කොටසක් වන ජෝර්ජියානු රටක නිවසක් වන ඇන්මර් හෝල් තෑගි කළාය.

වසර කිහිපයක් එම යුවළ ඔවුන්ගේ දරුවන් වන ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය තරුණ වියේ සිටියදී එය ඔවුන්ගේ ප්‍රධාන නිවස බවට පත් කර ගත්හ.

වීඩියෝ ශීර්ෂ වැකිය, වේල්ස් කුමරු සහ කුමරිය සැන්ඩ්‍රින්හැම් ජනතාව හමුවෙමින්

මේ අතර, රජු ග්ලූක්ස්ටර්ශයර් හි ඔහුගේ ග්‍රාමීය නිවස වන හයිගෲව් වෙත ආපසු ගිය අතර, එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු රජයේ වැඩ කටයුතුවලට සහභාගී වන බවයි.

රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් ද බ්‍රහස්පතින්දා දේහයට ගරු බුහුමන් දැක්වීම සඳහා පැමිණ තිබේ.

වෙසෙක්ස් හි අර්ල් සහ කවුන්ටස්වරිය, රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු සහ ඔහුගේ බිරිඳ සොෆී, මැන්චෙස්ටර් හි ශාන්ත ආනා චතුරශ්‍රයේදී පැමිණ සිටි ජනතාව හමුවිය.

මැන්චෙස්ටර් ආසන දෙව්මැදුරේ දී රැජින සිහි කිරීම සඳහා ඉටිපන්දමක් දැල්වීමට පෙර යුවළට මැන්චෙස්ටර් මධ්‍යම පුස්තකාලයේදී ශෝක පුස්තකය පෙන්වනු ලැබීය.

රැජිනගේ එකම දියණිය වන ඈන් කුමරිය, රැජින අනුග්‍රහය දක්වන සංවිධානවල නියෝජිතයන් හමුවීමට ග්ලාස්ගෝ වෙත ගියේය.

බදාදා, රාජකීය පවුලේ සාමාජිකයන් රැජිනගේ දේහය පිටුපසින් ගමන් කළ අතර එම පෙරහැර බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව දක්වා ගමන් කළේය.

ඇයගේ අවසන් කටයුතු සිදු කෙරෙන සැප්තැම්බර් 19 වන දින BST 06:30 දක්වා ජනතාවට දවසේ පැය 24 පුරාම දේහය ප්‍රදර්ශනය කෙරේ.

බ්‍රහස්පතින්දා 20:00 වන විට පෝලිම සැතපුම් පහක් (8km) පමණ දිගු වූ අතර, පෝලිම් කාලය පැය අටහමාරක් ලෙස ගණන් බලා ඇත.

දීර්ඝතම කාලයක් රජකම් කළ රැජිනට අවසන් බුහුමන් දැක්වීමට ඉදිරි දිනයන් තුළ තවත් විශාල පිරිසක් අගනුවරට පැමිණීමට නියමිතය.

වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය පිළිබඳ ඇතැම් තොරතුරු ප්‍රසිද්ධ කර ඇති අතර එය දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යයේ සිදු කෙරෙන විශාලතම චාරිත්‍රානුකූල උත්සව වලින් එකක් විය හැකිය.

The Princess of Wales

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සැන්ඩ්‍රින්හැම් මන්දිරයෙන් පිටත දහස් ගණනක් ජනයා මල් සහ උපහාර කරමින්
The Princess and Prince of Wales look at floral tributes outside Sandringham House in Norfolk

ඡායාරූප මූලාශ්‍රය, Reuters

The Princess Royal speaks to crowds in Glasgow

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකීය කුමරිය වන ඈන් කුමරිය ග්ලාස්ගෝ හි ජනතාව සමඟ
Earl and Countess of Wessex

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙසෙක්ස් හි අර්ල් සහ කවුන්ටස්වරිය මැන්චෙස්ටර් ආසන දෙව්මැදුරේ රැජින සිහි කිරීම සඳහා ඉටිපන්දම් දල්වමින්
HM Queen Elizabeth II 640x55
HM Queen Elizabeth II black line