දෙවන එලිසබෙත් රැජින:ඇගේ අවමංගල්‍ය කටයුතු සිදු වන්නේ කවදාද,කොහේද?

සැප්තැම්බර් 19 වන සඳුදා වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකිරීමට ප්‍රථම, රැජිනගේ දේහය සිව්දිනක් තැම්පත්කර තිබේ.

එම කාලය තුළ ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට අවසර ලැබේ.

ඊට පෙර, රැජින‍ගේ දේහය සැප්තැම්බර් 12 වන සඳුදා සිට පැය 24ක් එඩින්බරෝහි ශාන්ත ගයිල්ස් ආසන දෙව්මැදුරේ තැන්පත් කෙරුණු අතර ජනතාවට එහි දී ද ගෞරව දැක්වීමට හැකි වේ.

ඇගේ රාජ්‍ය අවමංගල උත්සවය 19 දා බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11:00ට පැවැත්වෙනු ඇති අතර, ඊට ඇගේ පවුලේ සාමාජිකයින්, දේශපාලනඥයන් සහ ලෝක නායකයින් සහභාගී වනු ඇත. එදින බැංකු නිවාඩු දිනයක් ද වේ.

දේහය තැන්පත් කළ ඕක් දැවයෙන් තැනූ මිනීපෙට්ටිය රැජින මියගිය ඇබර්ඩීන්ෂයර්හි බැල්මොරල් මන්දිරයේ සිට පසුගිය ඉරිදා එඩින්බරෝ වෙත ගෙන එන ලදී . එදින පැය 16:00 වන විට හොලිරූඩ්හවුස් මාලිගයේ තැන්පත් කිරීම සඳහා අවමංගල රථ පෙළපාලිය සෙමින් ගමන් කළේය.

සඳුදා පස්වරුවේ රාජකීය පවුලේ සාමාජිකයන් සමඟ දේහය නැවත එඩින්බරෝහි ශාන්ත ගයිල්ස් ආසන දෙව්මැදුර වෙත ගමන් කළ අතර එහිදී දේව මෙහෙයක් පැවැත්වෙන අතර ජනතාවට ගෞරව දැක්වීම සඳහා දේහය පැය 24ක් රඳවා තැබේ.

අද දින ඈන් කුමරිය දේහය සමඟ ලන්ඩන් වෙත ගෙනඑනු ඇත. රැජිනගේ දෙණ එඩින්බරෝ ගුවන් තොටුපළේ සිට බකිංහැම් මාලිගය දක්වා ගෙන යනු ඇත.

බදාදා පස්වරුවේ, පැය 15:00 වෙද්දී දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත ගෙනයනු ඇත. බ්‍රහස්පතින්දා අවසන් කටයුතුවලට පෙර දේහය සිව්දිනක් එහි ප්‍රදර්ශනය කෙරේ.

රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සැප්තැම්බර් 19 වන දින පෙරවරු 11:00ට පැවැත්වේ. රැජිනගේ දේහය වින්ඩ්සර් මාලිගය දක්වා පෙරහැරකින් ගෙනැවිත්, වින්ඩ්සර්හි කිං ජෝර්ජ් VI අනුස්මරණ දේවස්ථානයේ තැන්පත් කරනු ලැබේ.

නව රජු ලෝක සවාරියක

අවමංගල්‍යයට පෙර නව රජු ස්කොට්ලන්තයට, උතුරු අයර්ලන්තයට සහ වේල්සයට සංචාරය කරනු ඇත.

රාජ්‍ය අවමංගල්‍ය දිනය දක්වා ජාතික ශෝක කාලයක් පවතින බව එරට රජය නිවේදනය කර තිබේ. ඉන් අනතුරුව තවත් දින හතක ශෝක කාලයක් රජ පවුල විසින් සමරනු ඇත.

වෙස්ට්මිනිස්ටර් ඇබේ යනු බ්‍රිතාන්‍යයේ රජවරුන්ට සහ රැජිනියන්ට කිරුළු පළඳවන ඓතිහාසික දේවස්ථානය යි. නමුත් 18 වන සියවසේ සිට කිසිදු රජෙකුගේ අවමංගල්‍ය උත්සවයක් එහි පවත්වා නොතිබුණි. 1900 ගණන්වල දී රැජිනගේ පියාගේ, මුත්තණුවන්ගේ සහ මිත්තණිය වන වික්ටෝරියා රැජිනගේ අවමංගල්‍ය කටයුතු වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී පැවැත්විණි.

රැජිනගේ ජීවිතය සහ සේවය සිහිපත් කිරීම සඳහා රාජකීය පවුලේ සාමාජිකයන් සමග එක්වන ලෙස ලොවපුරා රාජ්‍ය නායකයින්ට ආරාධනා කරනු ලැබේ.

එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සහ වත්මන් සහ හිටපු අගමැතිවරුන් ද මෙම අවස්ථාවට එක්වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. මෙය රූපවාහිනියේ සජීවීව විකාශනය කිරීමට නියමිත ය.

අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිත දිනයේ දී පැවැත්වීමට පෙර දී සැලසුම් කරන ලද වෙනත් කටයුතු ඒවායේ සංවිධායකයින් විසින් අවලංගු කළ යුතුයැ යි නීතියක් පනවා නැතත්, රජයේ මාර්ගෝපදේශයන් යෝජනා කරන්නේ ක්‍රීඩා හෝ පෙර සැලසුම් කළ උත්සව අවස්ථාවන්, රැජිනගේ අවමංගල්‍ය සේවාව හෝ පෙළපාළි සමග ගැටීම වළක්වා ගැනීම සඳහා ඒවා පැවැත්වීමට නියමිත වේලාවන් වෙනස් කිරීමට සිදුවනු ඇතිබව යි.

රැජිනගේ මරණයෙන් ඉක්බිතිව, පැවැත්වීමට නියමිතව තිබූ ඇතැම් උත්සව අවලංගු කරන ලදී. නැතහොත් කල් දමන ලදී.

ප්‍රිමියර් ලීගයේ, එංගලන්ත පාපන්දු ලීගයේ හෝ ස්කොට්ලන්තයේ හෝ උතුරු අයර්ලන්තයේ පාපන්දු තරග අඟහරුවාදා දක්වා කල්දමා ඇති අතර, කාන්තා සුපර් ලීග්, කාන්තා ශූරතා සහ කාන්තා FA කුසලානයේ සියලුම තරග ද අත්හිටුවා ඇත. තුරඟ තරග, ගොල්ෆ් සහ බොක්සිං තරග ගණනාවක් ද අත්හිටුවා තිබේ.

ලබන සතිය සඳහා සැලසුම් කර තිබූ මහා පරිමාණ වැඩවර්ජන ක්‍රියාමාර්ග වහාම අවලංගු කරන ලද අතර, වෘත්තීය සමිති කොංග්‍රසය පැවසුවේ බ්‍රයිටන්හි පැවැත්වීමට නියමිතව තිබූ සිය වාර්ෂික සමුළුව ද කල් දමන බවයි.

ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේ දී කිරුළු පැළඳූ නව රජු ප්‍රකාශ කළේ අවමංගල්‍ය දිනය බැංකු නිවාඩු දිනයක් ලෙස නම් කරන බව ය.

ඔහුගේ කතාවේ දී ඔහු රැජිනගේ "අසමාන පාලනය" අගය කළේ ය.

ඔහු සිය මවගේ අභාවයෙන් පසු රජබවට පත්වූ නමුත් ප්‍රිවි කවුන්සිලය, නිලධාරීන් සහ පූජකයන් රාජාභිෂේකය නිල වශයෙන් තහවුරු කළේ ය.

දැනට ජීවතුන් අතර සිටින හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් සයදෙනාගේ ද සහභාගීත්වයෙන් පැවැත්වුණු එය, තම ප්‍රකාශය ශාන්ත ජේම්ස් මාලිගයේ ෆ්‍රයරි කෝට් ශාලාවට ඉහළින් පිහිටි බැල්කනියේ සිට ප්‍රසිද්ධ කරන ලදී.

ප්‍රිවි කවුන්සිලයේ ලිපිකරු රිචඩ් ටිල්බෲක්, "දෙවියන්වහන්සේ රජතුමා ආරක්ෂා කරත්වා," යි ප්‍රකාශ කිරීමට පෙර චාල්ස් "රජු, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, ආගමේ ආරක්ෂකයායැ"යි නම් කළේ ය.