ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජායාරූප : එක්සත් රාජධානිය පුරා පළවෙන ශෝකය
එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය හෙඹ වූ දෙවන එලිසබෙත් රැජිනගේ මරණය පිළිබඳ පුවත පැතිර යාමත් සමඟම, එක්සත් රාජධානිය පුරා රැජිනට ගෞරවය පුද කරමින් පුෂ්පෝහාර පැවැත්වෙමින් තිබේ.
ධජය අඬකුඹු කර ඇති බකිංහැම් මාලිගයට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටින්නේ රැජින ජීවත් වූ නිවසේ ඡායාරූප ගැනීමට සහ පුෂ්පෝහාර දැක්වීමට ය.
අධිරාජ්‍යණියගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය මාලිගාවේ දොරටු අසළ ප්‍රදර්ශනය කර තිබේ.
බ්‍රහස්පතින්දා පස්වරුවේ බැල්මෝරල් මාලිගයේදී රැජින ඉතා සාමකාමීව අභාවප්‍රාප්ත වූ අතර, ඒ මොහොතේ පටන්, අයහපත් කාලගුණය ද නොතකා, මාලිගයේ ගේට්ටු අසළ පුෂ්පෝහාර දැක්වීමට පිරිස් කටයුතු කර තිබිණි.
වින්ඩ්සර් මාලිගය රැජිනගේ ප්‍රියතම නිවස ලෙස හැඳින්වුණු අතර, ප්‍රදේශවාසීන් ඇයව දුටුවේ ඔවුන්ගේ අසල්වැසියෙකු ලෙසටය.
ලන්ඩන් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ වෙස්ට් හැම්ෂයර් යුනයිටඩ් සහ සහ FCSB අතර යුරෝපා සම්මන්ත්‍රණ ලීග් පාපන්දු තරඟයට පෙර මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.
ශෝකයට පත්වූවන් විසින් රැජිනට ගෞරව පිණිස ඇගේ තවත් නිවසක් වන එඩින්බරෝ හි හොලිරූඩ්හවුස් මාලිගයේද මල් තබා තිබුණි. එක මල් කළඹක තිබුණේ කුඩා පණිවිඩයකි.
ලන්ඩනයේ පිකැඩ්ලි වටරවුමට ඉහළින් ඇති දැවැන්ත විද්‍යුත් දැන්වීම් පුවරුවේ රැජිනගේ රූපයක් ප්‍රදර්ශනය කර ඇති අතර එය ඒ අසලින් යන අයගේ අවධානය දැඩි ලෙස දිනාගනිමින් තිබේ.