ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පරිසරය : යළි නැගිටින කොටි
නේපාලයේ කොටිගහනය විස්මිත ලෙස ඉහළ ගොස් තිබේ. ගෙවී ගිය දශකය තුළ කොටිගහනය දෙගුණ කිරීමට දුන් පොරොන්දුව ඉටු කළ පළමු රට වන්නේ, හිමාල කදුවැටිය ආසන්නයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන නේපාලය යි. කොටින් පමණක් නොව නේපාලයේ රයිනෝ සහ අලින් ආදී සත්ව විශේෂ කිහිපයක ම ගහනය ඉහළ ගොස් තිබේ.
මේ සාර්ථකත්වය පසුපස ඇත්තේ කුමක් ද? එමෙන් ම මෙම තත්ත්වය කොටින් සමග ජීවත් වන ප්‍රජාවට කෙසේ බලපා තිබේ ද?
ඒ පිළිබදව බීබීසී ආසියා සංස්කාරක රෙබෙකා හෙන්ස්කි නේපාලයේ බාර්දියා ජාතික වනෝද්‍යානයේ සිට වාර්තා කළාය.
අධ්‍යක්ෂණය සහ කැමරාකරණය : කෙවින් කිම්
නිෂ්පාදනය : රාජන් පරාජුලී