ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"හිටපු ජපාන අගමැති ශින්සෝ අබේගේ ඛේදජනක මරණය ගැන මම දැඩි කම්පාවෙන්"-ජනපති ගෝඨාභය
ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේ ප්‍රහාරයට ලක්වූ නාරා ප්‍රදේශයට ආසන්නව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේදී මිය ගිය බව ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇති බව ජපාන මහජන විකාශන සේවය NHK අද දහවල් වාර්තා කළේය.
අද උදෑසන නාරා නගරයේ දේශපාලන ප්‍රචාරක උත්සවයකදී දේශනයක් පවත්වමින් සිටියදී අබේට දෙවරක් වෙඩි තබා ඇත.
වෙඩි වැඩීමත් සමඟ වහා ඇද වැටී ඇති ජපානයේ හිටපු අගමැති වරයාව වහාම ළඟම ඇති රෝහලට ගෙන යන ලදී. එම ස්ථානයේ ගත් ඡායාරූපවලින් පෙනී ගියේ ඔහු ලේ ගලමින් ඉතාමත් බරපතළ තත්ත්වයේ සිටින ආකාරයයි.
එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් තුවක්කුකරු මැඩපවත්වා ඇති අතර, 41 හැවිරිදි සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.
පැය කිහිපයකට පසු හැඟීම්බර මාධ්‍ය හමුවකදී අගමැති ෆුමියෝ කිෂිඩා වාර්තාකරුවන්ට පැවසුවේ අබේ "ඉතා බරපතල තත්ත්වයේ" සිටින බවයි.
"දැනට වෛද්‍යවරු ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිති," කිෂිඩා කඳුළු වසාගෙන සිටින බවක් පෙනෙන්නට තිබූ අතර, අබේ දිවි ගලවා ගැනීමට "ඔහුගේ හදවතින්ම යාච්ඤා කරන" බව පැවසීය.
ඔහු මෙම ප්‍රහාරය හෙළා දකිමින්, "එය ම්ලේච්ඡ හා ද්වේශසහගත ක්‍රියාවක් වන අතර එය ඉවසා සිටිය නොහැක."
අබේගේ බෙල්ලේ දකුණු ප්‍රදේශයේ වෙඩි උණ්ඩයක තුවාලයක් තිබූ බවත්, ඔහුගේ පපුවේ වම් කොටසට යටින් අභ්‍යන්තර ලේ ගැලීමක් ඇති බවත් ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය තහවුරු කළේය.
වෙඩි දෙකම වැදුනේද, එසේත් නැතිනම් වෙඩි උණ්ඩයක් ඔහුගේ බෙල්ලට වැදී වෙනත් ස්ථානයකට ගමන් කළේද යන්න පැහැදිලි නැත.
ජපාන මහජන විකාශන සේවය වන NHK පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින් පැවසුවේ, අබේ රෝහල වෙත ප්‍රවාහනය කරන විට "සැහැල්ලූවෙන් හා ප්‍රතිචාරාත්මකව" සිටි බවයි.
එහෙත් 67 හැවිරිදි ඔහුගේ තත්ත්වය "කනස්සල්ලට පත්වන" බව අබේගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු උපුටා දක්වමින් එය සඳහන් කළේය. අබේගේ බාල සොහොයුරා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ හිටපු අගමැතිවරයාට රුධිර පාරවිලයනයක් සිදු කරන බවයි.
ටෝකියෝ හිටපු ආණ්ඩුකාර යොයිචි මසුසෝ මීට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අබේ හෘද පෙනහළු හිරවීමේ තත්ත්වයක සිටින බවයි. ජපානයේ මරණය නිල වශයෙන් තහවුරු කිරීමට පෙර මෙම යෙදුම බොහෝ විට භාවිතා වේ.
ශින්සෝ අබේගේ ඛේදජනක මරණය ගැන මම දැඩි කම්පාවෙන්
ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරකු වන හිටපු අගමැති ශින්සෝ අබේට සිදු කළ වෙඩි ප්‍රහාරය සැළවූ වහාම ජනපති ගෝඨාභය රාජපක්ෂ ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහු වෙනුවෙන් තමන් ඉකමන් සුවය පතන බවය. එහෙත් ඉන්පසු ඔහුගේ මරණය සැලවීමත් සමඟ ඔහුගේ මරණය ගැන තමන් දැඩි ලෙස කම්පා වන බව සටහන් කොට තිබුණි.
"හිටපු ජපාන අගමැති ශින්සෝ අබේගේ ඛේදජනක මරණය ගැන මම දැඩි කම්පාවෙන්.ජපානයට නැතිවුණේ ඉතාම ගෞරවණිය දේශපාලකයෙක්.ඔහුගේ පවුලේ අයට, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට සහ ජපාන පුරවැසියන්ට මගේ හදවතින්ම සංවේගය පළකරනවා" යැයි එහි වැඩි දුරටත් සඳහන් විය.
ශ්‍රී ලංකාවේ ඉතා සමීප මිතුරකු වන හිටපු ජපාන අගමැති ශින්සෝ අබේට එල්ලවුණු බිය ගුළු ප්‍රහාරය ගැන ඇසීමෙන් තමන් කම්පනයට පත්වූ බව අගමැති රනිල් වික්‍රමසිංහද ඔහු මිය යාමට පෙර නිකුත් කළ ටුවිටර් පණිවිඩයක සටහන් කොට තිබුණි.
වෙඩි තැබීම ගැන අප දන්නේ මොනවාද?
ප්‍රහාරය සිදු වන විට අබේ නාරා ප්‍රදේශයේ මංසන්ධියක දේශපාලන අපේක්ෂකයෙකු වෙනුවෙන් කතාවක් පවත්වමින් සිටියේය.
ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ විශාල තුවක්කුවක් රැගෙන ආ මිනිසෙක් ලෙස ඔවුන් විස්තර කරන ලද පුද්ගලයකු අබේට පිටුපසින් දෙවරක් වෙඩි තබනු තමන් දුටු බවයි.
පලා යාමට කිසිදු උත්සාහයක් නොගත් ප්‍රහාරකයා හා ඔහුගේ අතින් සාදන ලද තුවක්කුවක් වූ ආයුධය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නාරාහී පදිංචි ටෙට්සුයා යමගාමි ලෙස හඳුනාගෙන ඇත. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහු ජපානයේ නාවික හමුදාවකට සමාන වන ජපානයේ සමුද්‍ර ස්වයං ආරක්ෂක බලකායේ හිටපු සාමාජිකයෙකු ලෙස සැලකේ.
අබේගේ කතාව පැමිණියේ ජපානයේ ඉහළ මන්ත්‍රණ සභා මැතිවරණය මෙම සතිය අගදී පැවැත්වීමට නියමිත බැවින් ඔහුගේ හිටපු පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සඳහා වූ ව්‍යාපාරයේ කොටසක් ලෙසය.
ප්‍රාදේශීය වාර්තාවලට අනුව රට පුරා සිටින ඇමතිවරුන්ට වහාම ටෝකියෝ වෙත ආපසු යන ලෙස පසුව දැනුම් දී ඇත.
ජපන් සමාජ මාධ්‍යවල, "අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මිස ප්‍රචණ්ඩත්වය නොවේ" යන හැෂ් ටැගය ප්‍රවණතාවයට පත් වූ අතර බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ භීතිය සහ පිළිකුල ප්‍රකාශ කළහ.
බොහෝ දෙනෙකු අසන පළමු ප්‍රශ්නය නම් භාවිතා කළ තුවක්කුව කුමක්ද සහ වෙඩික්කරු එය ලබාගත්තේ කෙසේද යන්නයි.
පිළිතුරනම් එය ඔහු විසින්ම සාදා ගන්නට ඇති බව පෙනේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගත් ඡායාරූප වලින් පෙනෙන්නේ වැඩි දියුණු කළ හෝ නිවසේදී සෑදු ද්විත්ව බැරල් පතරොම් තුවක්කුවක් වැනි දෙයකි.
ජපානයේ තුවක්කු ප්‍රචණ්ඩත්වය ඉතා දුර්ලභ වන අතර තුවක්කුවක් අයිති කර ගැනීම අතිශයින් දුෂ්කර ය. දේශපාලන ප්‍රචණ්ඩත්වය ද අතිශයින් දුර්ලභ ය.
අබේ ගේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායමක් සිටියේය. එහෙත් කිසිදු ආකාරයක පරීක්‍ෂාවකින් හෝ බාධකයකින් තොරව අබේ සිටි ස්ථානයේ සිට මීටර් කිහිපයක් ඇතුළතට වෙඩික්කරුට ළඟා වීමට හැකි වූ බව පෙනේ.
මෙතරම් ආරක්ෂිත යැයි ආඩම්බර වන රටක එවැනි ප්‍රමුඛ චරිතයකට වෙඩි තැබීම දැඩි කම්පනයක් ඇති කරයි.
අබේ සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වීමට පෙර 2006 වසරේ වසරක කාලයක් ද පසුව 2012 සිට 2020 දක්වා ද ධූරයේ කටයුතු කළේය. ජපානයේ අගමැති ධුරය දීර්ඝතම කාලයක් දැරූ පුද්ගලයා ඔහුයි.
පසුව ඔහු හෙළි කළේ තමා ආන්ත්‍රික රෝගයක් වන ulcerative colitis නැමැති රෝගයට නැවත ගොදුරු වී ඇති බවයි.
ඔහු බලයේ සිටියදී, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ උකුසු ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කළ අතර, ජපානයේ සාමවාදී පශ්චාත් යුධ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බොහෝ කලක සිට උත්සාහ කළේය.
ලිහිල් මුල්‍ය ප්‍රතිපත්තියක්, මූල්‍ය උත්තේජක සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත ගොඩනැගුණු "අබෙඉකොනොමික්ස්" ("Abenomics") ලෙස හැඳින්වෙන ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා ද ඔහු ප්‍රවර්ධනය කළේ
ඔහුගෙන් පසු ඔහුගේ සමීපතම පක්ෂ සගයා වූ යෝශිඩේ සුගා (Yoshihide Suga) ත් පසුව ඔහු වෙනුවට ෆුමිඕ කිශිඩා (Fumio Kishida) පත් විය.
'නීච ප්‍රහාරය'
ගිනි අවි තහනම් කර ඇති ජපානයේ තුවක්කු ප්‍රචණ්ඩත්වයේ සිදුවීම් දුර්ලභ ය - දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් අසා නැති තරම් ය.
2014 දී ජපානයේ තුවක්කු හා ආශ්‍රිත මරණ සිදුවීම් හයක් පමණක් සිදු වී ඇති අතර එය එක්සත් ජනපදයේ 33,599 ට සාපේක්ෂව ඉතාමත් සුළු ප්‍රමාණයකි. තුවක්කුවක් මිලදී ගැනීම සඳහා මිනිසුන්ට දැඩි විභාගයකට සහ මානසික සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනය විය යුතුය - එවිට පවා අවසර දෙනු ලබන්නේ පතුරොම් තුවක්කු සහ වායු රයිෆල් සඳහා පමණි.
ලොව පුරා බොහෝ ප්‍රකට පුද්ගලයින්ද මෙම සිද්ධිය හෙළා දැක ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එය හඳුන්වනු ලැබුවේ "නීච ප්‍රහාරයක්" ලෙසිනි.
ජපානයේ එක්සත් ජනපද තානාපති රහම් එම්මෑනුවෙල් පැවසුවේ අබේ "ජපානයේ කැපී පෙනෙන නායකයෙක් සහ එක්සත් ජනපදයේ නොසැලෙන සගයෙක්" වූ බවත්, එක්සත් ජනපදය ඔහුගේ යහපැවැත්ම සඳහා "යාච්ඤා කරන" බවත් පැවසීය.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසුවේ ප්‍රහාරයෙන් තම රට කම්පනයට පත් වූ බවත් අබේට ඉක්මන් සුවය අපේක්ෂා කරන බවත්ය.
"මෙම අනපේක්ෂිත සිදුවීම චීන-ජපන් සබඳතා සමඟ සම්බන්ධ නොකළ යුතු" බවත් චීන සමාජ මාධ්‍ය ප්‍රතිචාරය ගැන විමසූ විට කිසිදු ප්‍රකාශයක් නොකළ බවත් ඔහු පැවසීය.
අබේට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සතුටු වන අදහස් චීන සමාජ මාධ්‍යවල ආධිපත්‍යය දැරූ අතර කොරියානු සමාජ මාධ්‍ය වේදිකාවල ද එය මතු වී තිබේ.
චීනය සහ දකුණු කොරියාව ජපානය සමඟ ඓතිහාසිකව සංකීර්ණ සහ එතරම් යහපත් නොවූ සබඳතාවක් ඇත. උකුසූ හමුදා ප්‍රතිපත්තිය සඳහා ප්‍රසිද්ධ අබේ, ඔහුගේ නිල කාලය තුළ එම දෙරටේම පුරවැසියන් අතර ඔහු අප්‍රසාදයට පත් විය.