"හිටපු ජපාන අගමැති ශින්සෝ අබේගේ ඛේදජනක මරණය ගැන මම දැඩි කම්පාවෙන්"-ජනපති ගෝඨාභය

Shinzo Abe

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Shinzo Abe is Japan's longest-serving prime minister

ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේ ප්‍රහාරයට ලක්වූ නාරා ප්‍රදේශයට ආසන්නව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේදී මිය ගිය බව ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇති බව ජපාන මහජන විකාශන සේවය NHK අද දහවල් වාර්තා කළේය.

අද උදෑසන නාරා නගරයේ දේශපාලන ප්‍රචාරක උත්සවයකදී දේශනයක් පවත්වමින් සිටියදී අබේට දෙවරක් වෙඩි තබා ඇත.

වෙඩි වැඩීමත් සමඟ වහා ඇද වැටී ඇති ජපානයේ හිටපු අගමැති වරයාව වහාම ළඟම ඇති රෝහලට ගෙන යන ලදී. එම ස්ථානයේ ගත් ඡායාරූපවලින් පෙනී ගියේ ඔහු ලේ ගලමින් ඉතාමත් බරපතළ තත්ත්වයේ සිටින ආකාරයයි.

එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් තුවක්කුකරු මැඩපවත්වා ඇති අතර, 41 හැවිරිදි සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

පැය කිහිපයකට පසු හැඟීම්බර මාධ්‍ය හමුවකදී අගමැති ෆුමියෝ කිෂිඩා වාර්තාකරුවන්ට පැවසුවේ අබේ "ඉතා බරපතල තත්ත්වයේ" සිටින බවයි.

"දැනට වෛද්‍යවරු ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිති," කිෂිඩා කඳුළු වසාගෙන සිටින බවක් පෙනෙන්නට තිබූ අතර, අබේ දිවි ගලවා ගැනීමට "ඔහුගේ හදවතින්ම යාච්ඤා කරන" බව පැවසීය.

ඔහු මෙම ප්‍රහාරය හෙළා දකිමින්, "එය ම්ලේච්ඡ හා ද්වේශසහගත ක්‍රියාවක් වන අතර එය ඉවසා සිටිය නොහැක."

අබේගේ බෙල්ලේ දකුණු ප්‍රදේශයේ වෙඩි උණ්ඩයක තුවාලයක් තිබූ බවත්, ඔහුගේ පපුවේ වම් කොටසට යටින් අභ්‍යන්තර ලේ ගැලීමක් ඇති බවත් ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය තහවුරු කළේය.

වෙඩි දෙකම වැදුනේද, එසේත් නැතිනම් වෙඩි උණ්ඩයක් ඔහුගේ බෙල්ලට වැදී වෙනත් ස්ථානයකට ගමන් කළේද යන්න පැහැදිලි නැත.

ජපාන මහජන විකාශන සේවය වන NHK පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින් පැවසුවේ, අබේ රෝහල වෙත ප්‍රවාහනය කරන විට "සැහැල්ලූවෙන් හා ප්‍රතිචාරාත්මකව" සිටි බවයි.

එහෙත් 67 හැවිරිදි ඔහුගේ තත්ත්වය "කනස්සල්ලට පත්වන" බව අබේගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු උපුටා දක්වමින් එය සඳහන් කළේය. අබේගේ බාල සොහොයුරා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ හිටපු අගමැතිවරයාට රුධිර පාරවිලයනයක් සිදු කරන බවයි.

ටෝකියෝ හිටපු ආණ්ඩුකාර යොයිචි මසුසෝ මීට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අබේ හෘද පෙනහළු හිරවීමේ තත්ත්වයක සිටින බවයි. ජපානයේ මරණය නිල වශයෙන් තහවුරු කිරීමට පෙර මෙම යෙදුම බොහෝ විට භාවිතා වේ.

ශින්සෝ අබේගේ ඛේදජනක මරණය ගැන මම දැඩි කම්පාවෙන්

ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරකු වන හිටපු අගමැති ශින්සෝ අබේට සිදු කළ වෙඩි ප්‍රහාරය සැළවූ වහාම ජනපති ගෝඨාභය රාජපක්ෂ ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහු වෙනුවෙන් තමන් ඉකමන් සුවය පතන බවය. එහෙත් ඉන්පසු ඔහුගේ මරණය සැලවීමත් සමඟ ඔහුගේ මරණය ගැන තමන් දැඩි ලෙස කම්පා වන බව සටහන් කොට තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

"හිටපු ජපාන අගමැති ශින්සෝ අබේගේ ඛේදජනක මරණය ගැන මම දැඩි කම්පාවෙන්.ජපානයට නැතිවුණේ ඉතාම ගෞරවණිය දේශපාලකයෙක්.ඔහුගේ පවුලේ අයට, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට සහ ජපාන පුරවැසියන්ට මගේ හදවතින්ම සංවේගය පළකරනවා" යැයි එහි වැඩි දුරටත් සඳහන් විය.

Sri Lankan Prime Minister Ranil Wickremesinghe (L) shakes hands with his Japanese counterpart Shinzo Abe (R) following their joint press announcement at Abe's official residence in Tokyo on October 6, 2015

ඡායාරූප මූලාශ්‍රය, KAZUHIRO NOGI

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජපාන අගමැති ශින්සෝ අබේ අගමැති රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණු අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ඉතා සමීප මිතුරකු වන හිටපු ජපාන අගමැති ශින්සෝ අබේට එල්ලවුණු බිය ගුළු ප්‍රහාරය ගැන ඇසීමෙන් තමන් කම්පනයට පත්වූ බව අගමැති රනිල් වික්‍රමසිංහද ඔහු මිය යාමට පෙර නිකුත් කළ ටුවිටර් පණිවිඩයක සටහන් කොට තිබුණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

වෙඩි තැබීම ගැන අප දන්නේ මොනවාද?

ප්‍රහාරය සිදු වන විට අබේ නාරා ප්‍රදේශයේ මංසන්ධියක දේශපාලන අපේක්ෂකයෙකු වෙනුවෙන් කතාවක් පවත්වමින් සිටියේය.

ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ විශාල තුවක්කුවක් රැගෙන ආ මිනිසෙක් ලෙස ඔවුන් විස්තර කරන ලද පුද්ගලයකු අබේට පිටුපසින් දෙවරක් වෙඩි තබනු තමන් දුටු බවයි.

පලා යාමට කිසිදු උත්සාහයක් නොගත් ප්‍රහාරකයා හා ඔහුගේ අතින් සාදන ලද තුවක්කුවක් වූ ආයුධය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු නාරාහී පදිංචි ටෙට්සුයා යමගාමි ලෙස හඳුනාගෙන ඇත. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහු ජපානයේ නාවික හමුදාවකට සමාන වන ජපානයේ සමුද්‍ර ස්වයං ආරක්ෂක බලකායේ හිටපු සාමාජිකයෙකු ලෙස සැලකේ.

අබේගේ කතාව පැමිණියේ ජපානයේ ඉහළ මන්ත්‍රණ සභා මැතිවරණය මෙම සතිය අගදී පැවැත්වීමට නියමිත බැවින් ඔහුගේ හිටපු පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සඳහා වූ ව්‍යාපාරයේ කොටසක් ලෙසය.

ප්‍රාදේශීය වාර්තාවලට අනුව රට පුරා සිටින ඇමතිවරුන්ට වහාම ටෝකියෝ වෙත ආපසු යන ලෙස පසුව දැනුම් දී ඇත.

ජපන් සමාජ මාධ්‍යවල, "අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මිස ප්‍රචණ්ඩත්වය නොවේ" යන හැෂ් ටැගය ප්‍රවණතාවයට පත් වූ අතර බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ භීතිය සහ පිළිකුල ප්‍රකාශ කළහ.

Presentational grey line
Analysis box by Rupert Wingfield-Hayes, Japan correspondent

බොහෝ දෙනෙකු අසන පළමු ප්‍රශ්නය නම් භාවිතා කළ තුවක්කුව කුමක්ද සහ වෙඩික්කරු එය ලබාගත්තේ කෙසේද යන්නයි.

පිළිතුරනම් එය ඔහු විසින්ම සාදා ගන්නට ඇති බව පෙනේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගත් ඡායාරූප වලින් පෙනෙන්නේ වැඩි දියුණු කළ හෝ නිවසේදී සෑදු ද්විත්ව බැරල් පතරොම් තුවක්කුවක් වැනි දෙයකි.

ජපානයේ තුවක්කු ප්‍රචණ්ඩත්වය ඉතා දුර්ලභ වන අතර තුවක්කුවක් අයිති කර ගැනීම අතිශයින් දුෂ්කර ය. දේශපාලන ප්‍රචණ්ඩත්වය ද අතිශයින් දුර්ලභ ය.

අබේ ගේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායමක් සිටියේය. එහෙත් කිසිදු ආකාරයක පරීක්‍ෂාවකින් හෝ බාධකයකින් තොරව අබේ සිටි ස්ථානයේ සිට මීටර් කිහිපයක් ඇතුළතට වෙඩික්කරුට ළඟා වීමට හැකි වූ බව පෙනේ.

මෙතරම් ආරක්ෂිත යැයි ආඩම්බර වන රටක එවැනි ප්‍රමුඛ චරිතයකට වෙඩි තැබීම දැඩි කම්පනයක් ඇති කරයි.

Presentational grey line

අබේ සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වීමට පෙර 2006 වසරේ වසරක කාලයක් ද පසුව 2012 සිට 2020 දක්වා ද ධූරයේ කටයුතු කළේය. ජපානයේ අගමැති ධුරය දීර්ඝතම කාලයක් දැරූ පුද්ගලයා ඔහුයි.

පසුව ඔහු හෙළි කළේ තමා ආන්ත්‍රික රෝගයක් වන ulcerative colitis නැමැති රෝගයට නැවත ගොදුරු වී ඇති බවයි.

ඔහු බලයේ සිටියදී, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ උකුසු ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කළ අතර, ජපානයේ සාමවාදී පශ්චාත් යුධ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බොහෝ කලක සිට උත්සාහ කළේය.

ලිහිල් මුල්‍ය ප්‍රතිපත්තියක්, මූල්‍ය උත්තේජක සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත ගොඩනැගුණු "අබෙඉකොනොමික්ස්" ("Abenomics") ලෙස හැඳින්වෙන ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා ද ඔහු ප්‍රවර්ධනය කළේ

ඔහුගෙන් පසු ඔහුගේ සමීපතම පක්ෂ සගයා වූ යෝශිඩේ සුගා (Yoshihide Suga) ත් පසුව ඔහු වෙනුවට ෆුමිඕ කිශිඩා (Fumio Kishida) පත් විය.

හිටපු ජපාන අගමැති ශින්සෝ අබේ ශ්‍රී ලංකාවට පැමිණි මොහොතක කැළණිය රජ මහාවිහාරය වැඳ පුඳා ගත් අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජපාන අගමැති ශින්සෝ අබේ ශ්‍රී ලංකාවට පැමිණි මොහොතක කැළණිය රජ මහාවිහාරය වැඳ පුඳා ගත් අවස්ථාවක්

'නීච ප්‍රහාරය'

ගිනි අවි තහනම් කර ඇති ජපානයේ තුවක්කු ප්‍රචණ්ඩත්වයේ සිදුවීම් දුර්ලභ ය - දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් අසා නැති තරම් ය.

2014 දී ජපානයේ තුවක්කු හා ආශ්‍රිත මරණ සිදුවීම් හයක් පමණක් සිදු වී ඇති අතර එය එක්සත් ජනපදයේ 33,599 ට සාපේක්ෂව ඉතාමත් සුළු ප්‍රමාණයකි. තුවක්කුවක් මිලදී ගැනීම සඳහා මිනිසුන්ට දැඩි විභාගයකට සහ මානසික සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනය විය යුතුය - එවිට පවා අවසර දෙනු ලබන්නේ පතුරොම් තුවක්කු සහ වායු රයිෆල් සඳහා පමණි.

A general view shows workers at the scene after an attack on Japan's former prime minister Shinzo Abe at Kintetsu Yamato-Saidaiji station square in Nara on July 8

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කින්ටෙට්සු යමටෝ-සයිඩයිජි දුම්රිය ස්ථාන චතුරශ්‍රයේ දී ශින්සෝ අබේට වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් පසු

ලොව පුරා බොහෝ ප්‍රකට පුද්ගලයින්ද මෙම සිද්ධිය හෙළා දැක ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එය හඳුන්වනු ලැබුවේ "නීච ප්‍රහාරයක්" ලෙසිනි.

ජපානයේ එක්සත් ජනපද තානාපති රහම් එම්මෑනුවෙල් පැවසුවේ අබේ "ජපානයේ කැපී පෙනෙන නායකයෙක් සහ එක්සත් ජනපදයේ නොසැලෙන සගයෙක්" වූ බවත්, එක්සත් ජනපදය ඔහුගේ යහපැවැත්ම සඳහා "යාච්ඤා කරන" බවත් පැවසීය.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසුවේ ප්‍රහාරයෙන් තම රට කම්පනයට පත් වූ බවත් අබේට ඉක්මන් සුවය අපේක්ෂා කරන බවත්ය.

"මෙම අනපේක්ෂිත සිදුවීම චීන-ජපන් සබඳතා සමඟ සම්බන්ධ නොකළ යුතු" බවත් චීන සමාජ මාධ්‍ය ප්‍රතිචාරය ගැන විමසූ විට කිසිදු ප්‍රකාශයක් නොකළ බවත් ඔහු පැවසීය.

අබේට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සතුටු වන අදහස් චීන සමාජ මාධ්‍යවල ආධිපත්‍යය දැරූ අතර කොරියානු සමාජ මාධ්‍ය වේදිකාවල ද එය මතු වී තිබේ.

චීනය සහ දකුණු කොරියාව ජපානය සමඟ ඓතිහාසිකව සංකීර්ණ සහ එතරම් යහපත් නොවූ සබඳතාවක් ඇත. උකුසූ හමුදා ප්‍රතිපත්තිය සඳහා ප්‍රසිද්ධ අබේ, ඔහුගේ නිල කාලය තුළ එම දෙරටේම පුරවැසියන් අතර ඔහු අප්‍රසාදයට පත් විය.