දකුණු චීන මුහුදේ මතභේදය: චීනය තම බෝම්බ ප්‍රහාරක යානා සමග අභ්‍යාසයක

ඡායාරූප මූලාශ්‍රය, GOOGLE/DIGITAL GLOBE
චීනය විසින් බෝම්බ ප්‍රහාරක යානාවක් පළමු වරට දකුණු චීන මුහුදේ පිහිටි මතභේදයට ලක් වූ ස්ථානයකට ගොඩබාන ලද බව චීන ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
මෙම ක්‍රියාවට ප්‍රතිචාර දක්වන ඇමෙරිකා එක්සත් ජනපදය, කලාපයේ අස්ථාවර ඇති කරන බවට චීනයට චෝදනා කරයි.
"සෑම කළාපයකටම පිවිසීමට චීනයට ඇති හැකියාව" වර්ධනය කරමින් මෙම දූපත් සහ කොරල් පර අතර සිදුවූ අභ්‍යාසයට එක්වූ යානා අතර දිගු දුර H-6K බෝම්බ ප්‍රහාරක යානය ද විය.
ප්‍රධාන වෙළඳ මාර්ගයක් වන දකුණු චීන මුහුදට රටවල් හයක් හිමිකම් කියමින් සිටී. එහෙත්, සිය හිමිකම් පෑම වෙනුවෙන් කළාපය මිලිටරිකරණය කරමින් සිටින බවට චීනයට චෝදනා එල්ල වී තිබේ.
චීනය විසින් දිගු දුර ප්‍රහාරක යානා යොදාගෙන සිදු කළ අභ්‍යාසය හේතුවෙන් කලාපයේ අලුත් තැතිගැන්මක් ඇතිකිරීමට ඉඩ තිබේ.
යානා ගොඩබස්සවන ස්ථානය ප්‍රකාශ නොකළ චීන ආරක්ෂක අමාත්‍යාංශය, මුහුදු ඉලක්ක සඳහා ඒකාබද්ධ අභ්‍යාසයක යෙදුන බව ප්‍රකාශ කළේය.
H-6K ගුවන් නියමු ගෙ ඩකින්ග් (Ge Daqing) ගේ ප්‍රකාශයක් උපුටා දක්වන නිවේදනයක්, පුහුණුව "අපගේ ධෛර්යය වර්ධනය කළ අතර සැබෑ යුද්ධයකට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කළා" යනුවෙන් ප්‍රකාශ කළ බව දක්වා ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
පැරසල් (Paracel) දූපත් සමූහයේ පිහිටි විශාලතම දූපතේ H-6K යානයක් ගොඩබෑම සහ ගුවන්ගත කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂය පවත්වාගෙන යන People's Daily පුවත්පත විසින් පළකරන ලද වීඩියෝවක දක්නට ලැබෙන බව Asia Maritime Transparency Initiative (AMTI) ආයතනය සඳහන් කරයි.
මීට පෙර ප්‍රහාරක යාත්‍රා දකුණු මුහුදේ පිහිටි මෙම දූපත අවට පියාසර කළ නමුත් බෝම්බ ප්‍රහාරක යානා ගොඩබස්සන ලද පළමු අවස්ථාව මෙය බව AMTI ආයතනය පවසයි. එම දිවයිනේ සිට සියලුම දකුණු ආසියානු රටවලට පියාසර කිරීමට මෙම යානයට හැකියාව තිබෙන බවත් ඔවුහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉතා නුදුරු අනාගතයේදීම බෝම්බ ප්‍රහාරක යානා දකුණු දිග ස්ප්‍රැට්ලි (Spratly) දූපත් සමූහය වෙතද ගමන් කරනු ඇතැයි විශ්ලේෂකයෝ අනුමාන කරති. එහි ධාවනපථය නිර්මාණය කර ඇත්තේ කොරල් පර මතය.
එහි සිට උතුරු ඔස්ට්‍රේලියාව වෙත හෝ එක්සත් ජනපද හමුදා සිටින ගුවාම් දුපත වෙතද පියාසර කළ හැකි බව AMTI ආයතනය පවසයි.
චීනය විසින් නිර්මාණය කරන ලද කෘතිම දූපත් පිහිටි දකුණු දිග මුහුදට ඇමෙරිකාව ප්‍රහාරක යාත්‍රා පිටත්කර ඇත. උපාය මාර්ගිකව වැදගත් කළාපයක නිදහස සීමා කිරීමට චීන පෙළඹීම අභියෝගයට ලක්කිරීම එහි අරමුණය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දකුණු චීන මුහුදට සහ එහි පවතින සියලු දූපත් හා ගල්පර තමන්ට අයිති බව චීනය ප්‍රකාශ කරන නමුත් අසල්වාසී රටවල් ද ඊට අයිතිවාසිකම් කියති.
චීනය යොන්ග්ශින් (Yongxing) යනුවෙන් හඳුන්වන වූඩි දූපතට (Woody Island) වියට්නාමය සහ තායිවානය ද හිමිකම් කියති.
දකුණු චීන මුහුදේ ගල්පර අවට මුහුද ගොඩකර කෘත්‍රිම දූපත් තනා චීනය විසින් හමුදා ස්ථානගත කරනු ලැබීම කලාපයේ අනෙක් රටවල දැඩි අවධානයට සහ කනස්සල්ලට ලක්ව පවතී.
සබැඳි පුවත්:










