දකුණු චීන මුහුදට ඇමරිකානු නෞකාවක්

දකුණු චීන මුහුදේ ගල්පර අවට මුහුද ගොඩකර කෘත්‍රිම දූපත් තනා චීනය විසින් හමුදා ස්ථානගත කරනු ලැබීම

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු චීන මුහුදේ ගල්පර අවට මුහුද ගොඩකර කෘත්‍රිම දූපත් තනා චීනය විසින් හමුදා ස්ථානගත කරනු ලැබීම

චීනය විසින් දකුණු චීන මුහුද ගොඩකර තනා ඇති දූපත ආසන්නයෙන් ඇමරිකානු නෞකාවක් යාත්‍රා කර තිබේ.

මෙම කෘත්‍රිම දූපතට නාවික සැතපුම් 12ක් පමණ ආසන්නයෙන් මෙම නෞකාව යාත්‍රා කළ බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය.

එම මුහුදු කලාපයට චීනය අයිතිවාසිකම් කියන අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව ඊට ඇමරිකාව අභියෝගකළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

චීනය කියා සිටියේ එක්සත් ජනපදයට අයත් නෞකාවක් තම සමුද්‍ර කලාපයට "අනවසරයෙන්" ඇතුළු වූ අතර තම කලාපයෙන් පිටවන ලෙස චීන නාවික හමුදාව ඊට අනතුරු ඇඟවූ බවය.

දකුණු චීන මුහුදේ ගල්පර අවට මුහුද ගොඩකර කෘත්‍රිම දූපත් තනා චීනය විසින් හමුදා ස්ථානගත කරනු ලැබීම

"එක්සත් ජනපද යාත්‍රාව සිදුකළ ක්‍රියාව මගින් චීනයේ ස්වාධිපත්‍යය සහ ආරක්ෂාව පීඩාවට ලක්කර තිබෙනවා" යැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලූ කැන්ග් පැවසීය.

නමුත්, ජාත්‍යන්තර සමුද්‍ර කලාපයේ ඕනෑම ස්ථානයක මෙහෙයුම් දියත් කළ හැකි බව එක්සත් ජනපදය අවධාරණය කරයි.

දකුණු චීන මුහුදේ ගල්පර අවට මුහුද ගොඩකර කෘත්‍රිම දූපත් තනා චීනය විසින් හමුදා ස්ථානගත කරනු ලැබීම

දකුණු චීන මුහුදට සහ එහි පවතින සියලු දූපත් හා ගල්පර තමන්ට අයිති බව චීනය ප්‍රකාශ කරන නමුත් අසල්වාසී රටවල් ද ඊට අයිතිවාසිකම් කියති.

දකුණු චීන මුහුදේ ගල්පර අවට මුහුද ගොඩකර කෘත්‍රිම දූපත් තනා චීනය විසින් හමුදා ස්ථානගත කරනු ලැබීම කලාපයේ අනෙක් රටවල දැඩි අවධානයට සහ කනස්සල්ලට පත්වී තිබේ.