කඩාවැටුණු නේපාල ගුවන් යානයේ සුන්බුන් අතරින් මළ සිරුරු 20ක් සොයාගැනේ

The wreckage of a Twin Otter aircraft, operated by Nepali carrier Tara Air, lay on a mountainside in Mustang on May 30, 2022, a day after it crashed.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නේපාල ගුවන් සේවයක් වන ටාරා එයාර් විසින් මෙහෙයවන ලද ට්වින් ඔටර් වර්ගයේ ගුවන් යානයේ සුන්බුන්, කඩා වැටීමෙන් දිනකට පසු මස්ටෑන්ග්හි කඳුකරයක විසිරී තිබී සොයාගැනුනි

පුද්ගලයන් 22 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබිය දී කඩා වැටුණු කුඩා ගුවන් යානයෙන් මේ වන විට මළ සිරුරු 20ක් සොයාගෙන ඇති බව ගුවන්තොටුපළ නිලධාරියෙක් සඳුදා (මැයි 30) ප්‍රකාශ කළේ ය.

නේපාල ගුවන් සේවයක් වන ටාරා එයාර් විසින් මෙහෙයවන ලද මෙම යානයේ සුන්බුන් උතුරු නේපාලයේ මස්ටැන්ග් දිස්ත්‍රික්කයෙන් සොයාගන්නා ලදී.

ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය සමග තිබූ සම්බන්ධතාව ගිලිහී යන විට ගුවන් යානයේ පියාසැරිය ඇරඹී මිනිත්තු 20ක් ගතව තිබූ අතර, ගොඩබෑමට ඉතිරිව තිබුණේ මිනිත්තු පහකි.

ඉතිරි මඟීන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බව නිලධාරියෙක් පැවසුවේ ය.

"මේ වන විට මළ සිරුරු දාහතරක් සොයාගෙන තිබෙනවා. ඉතිරි අය සඳහා සෝදිසි කිරීම් දිගටම කරගෙන යනවා," රටේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශක දියෝ චන්ද්‍ර ලාල් කර්න් අනතුරෙන් දිනකට පසු AFP වෙත පැවසීය. "කාලගුණය ඉතා අයහපත් නමුත් යානය කඩාවැටුණු ස්ථානයට කණ්ඩායමක් පිටත්කරන්න අපට පුළුවන් වුණා."

ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු, ජර්මානු ජාතිකයින් දෙදෙනෙකු, සහ නේපාල ජාතිකයින් 16 දෙනෙකු ගුවන් යානයේ සිට ඇති බවට වාර්තා වේ. එහෙත් අයහපත් කාලගුණය සහ කඳුකර භූමිය හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට බාධා එල්ල වූ අතර සඳුදා උදෑසන මෙහෙයුම් යළි ආරම්භ විය.

නේපාල හමුදාවේ ප්‍රකාශකයෙකු යානයේ නටබුන් සහිත ඡායාරූප ට්විටරයේ පළ කරන ලදී. එහි ලියාපදිංචි අංක 9N-AET දක්නට ලැබේ.

"මුදාගැනීමේ භටයින් ගුවන් යානය කඩා වැටුණු ස්ථානය සොයාගෙන තිබෙනවා,"යි නාරායන් සිල්වාල් සඳුදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, සුන්බුන් සෙවීම සඳහා වූ පැය 24කට ආසන්න කාලයක මෙහෙයුම්වල අවසානය සනිටුහන් කරමිනි.

කැනේඩියානු ගුවන් යානා සමාගමක් වන ඩි හැවිලන්ඩ් විසින් නිපදවන ලද මෙම යානය ඉරිදා නේපාල වේලාවෙන් පැය 0955ට පමණ පොඛාරාහි සිට සංචාරක සහ වන්දනා ස්ථානයක් වන ජොම්සම් වෙත පිටත්වගොස් ඇත.

බොහෝකොටම නේපාලයේ හදිසි කාලගුණික විපර්යාස සහ ප්‍රවේශවීමට අපහසු පාෂාණමය භූමිවල පිහිටා ඇති ගුවන් පථ හේතුවෙන්, නිතර ගුවන් අනතුරු වාර්තා වේ.

Aviation accidents of Nepal 2011 - 2020

2018 මුල් භාගයේ දී, බංගලාදේශයේ ඩකා සිට පුද්ගලයින් 71 දෙනෙකු රැගෙන එක්සත් ජනපදය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කත්මන්ඩු වෙත ගොඩබස්වන විට එහි ගින්නක් හටගත් අතර, පුද්ගලයන් 51 දෙනෙකු ඉන් මියගියේ ය.

2019 අප්‍රේල් මාසයේ දී ලුක්ලා ගුවන්තොටුපළේ දී ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන, නවතා තිබූ හෙලිකොප්ටරයක ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගියේ ය. එය ධාවනයට වඩාත්ම අපහසු ධාවන පථවලින් එකක් ලෙස සැලකේ.

වැඩිදුර නරඹන්න:

වීඩියෝ ශීර්ෂ වැකිය, යානය සෙලවෙනු දුටුබව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෝ විස්තර කරති

2018 වසරේ, පුද්ගලයන් 71 දෙනෙකු රැගත් ගුවන් යානයක් නේපාලයේ කත්මන්ඩු ගුවන්තොටුපළ ආසන්නයේ දී කඩා වැටීමෙන් විශාල පිරිසක් මියගියහ.