යුක්රේන ආක්‍රමණය: ඉදිරි දිනවල රුසියාවේ ඉරණම තීරණය වනු ඇතැ යි බුද්ධි ප්‍රධානියා පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා "පහසු නොවන" නමුදු, "සම්මුතියක් සඳහා බලාපොරොත්තුවක්" පවතිතැ යි රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් ප්‍රකාශ කළේ ය.
"අපගේ ප්‍රමන්ත්‍රණකරුවන් ලබා දී ඇති ඇගයීම් මට මඟපෙන්වනවා," ඔහු පවසයි.
"පැහැදිලි හේතූන් නිසා, සාකච්ඡා පහසු නැතිබව ඔවුන් පවසනවා. කොහොම නමුත්, සම්මුතියකට පැමිණීමේ යම් බලාපොරොත්තුවක් තිබෙනවා," RBC ප්‍රවෘත්ති ආයතනය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ලැව්රොව් පැවසූයේයැ යි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ගැටලු මතුව ඇත්තේ යුක්රේනයේ මධ්‍යස්ථභාවය සහ හමුදාකරණයෙන් මුදවාගැනීම සම්බන්ධයෙන් පමණක් නොව, නැගෙනහිර යුක්රේනයේ - කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ ද මීට අයත් ය - මිනිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද බව ඔහු පවසයි.
ඉදිරි දිනවල දී රටේ ඉරණම තීරණය වනු ඇතිබව රුසියාවේ විදේශ බුද්ධි අංශ ප්‍රධානියා ප්‍රකාශකර තිබේ.
SVRහි ප්‍රධානියා වන සෙර්ගෙයි නරිෂ්කින් මොස්කව්හි දී පැවත්වුණු විද්වත් කමිටුවකට පැවසුවේ රුසියාව "දැන් සැබවින්ම ඓතිහාසික මොහොතක් අත්විඳිමින් සිටින" බව යි.
"රුසියාවේ ඉරණම, අනාගතයේ දී ලෝකයේ අත්කර ගන්නා ස්ථානය තීරණය වෙමින් පවතිනවා," නරිෂ්කින් පැවසීය.
ඔත්තු ප්‍රධානියාගේ කථාව ස්වෛරීභාවයේ වැදගත්කම වටා කේන්ද්‍රගතව පැවැති අතර, "ස්වෛරීභාවය යනු අපගේ පුරවැසියන්ගේ යහපැවැත්ම සහ අභිමානය සහතික කිරීමක්, මෙය යි අපගේ දරුවන්ගේ අනාගතය," ඔහු නියෝජිතයින්ට පැවසුවේ ය.
"එවැනි කාරණාවල දී රුසියාව කිසි විටෙකත් පසුබැස නැහැ, පසුබසින්නේත් නැහැ, මොකද එසේ නොවුනොත් ඒක තවදුරටත් රුසියාව නෙවෙයි."
යුක්රේන ආක්‍රමණය සිදුවීමට පෙර, රාජ්‍ය රූපවාහිනියේ විකාශය වූ හොඳින් තිර රචනය කළ ජාතික ආරක්ෂක රැස්වීමක දී ජනාධිපති ව්ලැදිමීර් පුටින් නරිෂ්කින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළේ ය.
යුක්රේනයේ සටන්වල තත්ත්වය කුමක් ද?
යුද්ධය පිළිබඳ අධ්‍යයන ආයතනයේ නවතම විශ්ලේෂණය මත පදනම්ව ඉදිරිපත් කෙරෙන රුසියාවේ ප්‍රහාර පිළිබඳ කෙටි සාරාංශයකි මේ. එක්සත් ජනපදය පදනම් කරගත් මෙම බුද්ධි මණ්ඩලය, සෑම දිනකම යුද තක්සේරුවක් සැකසීම සඳහා OSINT සහ ප්‍රවෘත්ති වාර්තා භාවිතා කරයි.
කියෙව්: රුසියානු හමුදා සඳුදා සහ අඟහරුවාදා දිනවල අගනුවරට ආසන්නයේ පිහිටි ඉර්පින් සහ ගුටා-මෙසිර්ස්කාහි තැනින් තැනට ප්‍රහාර එල්ලකළ නමුත් පසුගිය පැය 24 තුළ නගරයට එරෙහි කිසිදු පුළුල් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
මරියුපොල්: රුසියාව මෙම දකුණුදිග නගරයට නැගෙනහිරින් සහ බටහිරින් දිගින් දිගටම පහර දෙමින් සිටියි.
කාර්කිව්: ඊසානදිග ප්‍රදේශයේ පිහිටි නගරය වට කිරීමට තැත් දරන රුසියානු හමුදා උණ්ඩ හිඟය නිසා පීඩාවට පත්ව සිටිති.
කෙර්සොන් කලාපය: අඟහරුවාදා රුසියාව මෙම කලාපයේ පාලනය අත්පත්කර ගත්බවට ව්‍යාජ ප්‍රකාශයක් නිකුත්කළ නමුත්, ප්‍රධාන නගර වන සපරිශියා හෝ මිකොලයෙව් වෙත ළඟාවී නැත.
ඔඩෙසා: රුසියාව තවමත් මෙම දකුණු වරාය නගරයට එරෙහිව මුහුදේ සිට මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් නැත්තේ, ඔවුන් ගොඩබිම් භට පිරිස් එහි ස්ථාපිත කිරීමට අපොහොසත්ව ඇති බැවිනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මිලියන 1.89කට අධික ජනතාවක් යුක්රේනයෙන් පෝලන්තයට පලායති
යුද්ධය ආරම්භ වූ දා සිට මිලියන 1.89කට අධික ජනකායක් යුක්රේනයේ සිට පෝලන්තයට පළාගොස් ඇතිබව පෝලන්ත දේශසීමා ආරක්ෂක ඒජන්සිය පවසයි.
වෝර්සෝ විශ්වවිද්‍යාලයයේ සංක්‍රමණ පර්යේෂණ මහාචාර්ය මචේ ඩුස්චික් පවසන පරිදි මිලියන භාගයකට වැඩි පිරිසක් දැනටමත් රට හැරගොස් ඇත.
දේශසීමා තරණය කරන්නන්ගෙන් 94%ක් යුක්රේන පුරවැසියන් ය.
අඟහරුවාදා පමණක් 66,600ක් පුද්ගලයින් සිය දේශසීමා තරණය කළ බව ඒජන්සිය ට්විටර්හි ප්‍රකාශ කළ අතර, එය සඳුදාට වඩා 7%ක අඩුවීමකි.
බදාදා (මාර්තු 15) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30 වන විට පුද්ගලයින් 13,600කට අධික පිරිසක් දේශසීමා හරහා පෝලන්තයට ඇතුළුවී ඇති අතර, එය ඉන් පෙරදා එම කාල සීමාව තුළ රටට ඇතුළුවූ පිරිසට වඩා 17,500කින් පහත වැටී ඇත.
බොහෝ සරණාගතයින් වෝර්සෝ, ක්‍රකෝව්, සහ ව්‍රොක්ලෝව් ඇතුළු විශාල නගර වෙත ගොස් ඇති හෙයින්, පුද්ගලයින් සංඛ්‍යාව දරාගත නොහැකිව නගරයන් පීඩාවට පත්ව ඇතිබව වාර්තා වේ.
යුක්රේනයේ නවතම තත්ත්වය පිළිබඳ සාරාංශයක් මෙන්න:
- රුසියානු හමුදා යුක්රේනය පුරා නගර ඉලක්කකර ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, අද උදෑසන කියෙව් අගනුවර ගොඩනැගිලිවලට ෂෙල් ප්‍රහාරයන් ද එල්ලවිය
- ෂෙව්චෙන්කෝ දිස්ත්‍රික්කයේ මහල් 12කින් යුත් නේවාසික ගොඩනැගිල්ලක් ප්‍රහාරයට ගොදුරු විය. මින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ
- මේ වන විට කියෙව්හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. නගරාධිපති විටාලි ක්ලිට්ශ්කෝ "දුෂ්කර හා භයානක මොහොතක්" උදාවනු ඇතැ යි අනතුරු අඟවා ඇත
- දෙපාර්ශවය අතර සාම සාකච්ඡා "ටික ටික තාත්වික" අතට හැරෙමින් පවතිනබව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කිරීම නිසා, එහි යම් ප්‍රගතියක් දක්නට ලැබෙනබව කිව හැකි ය.
- සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නා මිකායිලෝ පොඩොලියැක් ප්‍රකාශ කරන පරිදි සාකච්ඡා අතරතුර "මූලධාර්මික පරස්පරතා" පවතින නමුත් "නිසැකවම සම්මුතියකට ඉඩ ඇත"
- රුසියානු හමුදා වෛද්‍යවරුන් සහ රෝගීන් ඇතුළු 400 දෙනෙකු "ප්‍රාණ ඇපකරුවන් මෙන්" රඳවාගෙන සිටිනබව වටලනු ලැබූ දකුණුදිග නගරයක් වන මරියුපොල්හි නියෝජ්‍ය නගරාධිපති පවසයි
- යුක්රේනයේ භූමිය මෙන්ම එහි හමුදාවන් සමග ද සටන් වැදීමට සිදුව ඇති රුසියානු හමුදා ඉදිරියට යාමට අරගල කරමින් සිටිනබව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය
- යුරෝපීය නායකයින් තිදෙනෙක් - චෙක් ජනරජයේ, පෝලන්තයේ, සහ ස්ලෝවේනියාවේ අගමැතිවරු - සෙලෙන්ස්කි හමුවීම සහ සහයෝගය දැක්වීම සඳහා දැඩි අවදානම්සනගත දුම්රිය ගමනකින් පසු කියෙව් වෙත පැමිණියෝ ය
- "ඔබ තනිව නැහැ. ඔබේ සටන අපේත් සටන යි," ස්ලෝවේනියාවේ අගමැති යුක්රේන ජනතාවට අමතා ප්‍රකාශ කළේ ය
- පෝලන්තයේ පාලක පක්‍ෂයේ ප්‍රධානියා ද සමග පැමිණි මෙම නායකයෝ, යුද්ධය ආරම්භයෙන් පසු යුක්රේන අගනුවරට පැමිණි ප්‍රථමයෝ වෙති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images










