කොරෝනා වෛරසය: තුන්වෙනි රැල්ල ලොව රටවලට බලපා ඇත්තේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රංශය
කොරෝනාවෛරස තුන්වෙනි රැල්ල පැතිරී යාමත් සමග ප්‍රංශයේ පාසල් අවම වශයෙන් සති තුනක් හෝ වසා දමන බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කළේය. වෛරසය පාලනය කිරීම සඳහා එරට ජන ජීවිතයට නැවතත් සීමා පනවා තිබේ.
ලබන සතියේ සිට පාසල් දුරස්ථ අධ්‍යාපනය සඳහා යොමු වන බව එමානුවෙල් මැක්‍රොන් පැවසීය.
සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල් සෙනසුරාදා (මාර්තු 27) දින සිට වසා දමා ඇති අතර, අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසේ සිට කිලෝමීටර 10කට වැඩි දුරක් ගමන් කිරීම තහනම් කෙරෙනු ඇත.
මේ වන විට ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවල 5,000 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබති.
ප්‍රංශයේ මේ වන විට කොරෝනාවෛරස රෝගීන් මිලියන 4.6 කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 95,495 ක් වාර්තා වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඉන්දියාව
මෙම වසර මුලදී පුද්ගලයන්ට එන්නත ලබා දීම ආරම්භ කිරීමත් සමග ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන්ගේ ගණන තියුණු ලෙස පහත වැටී තිබිණි. එය දිනකට ආසාදිතයන් 15,000 ට අඩු ප්‍රමාණයක් දක්වා පහත වැටිණි.
එහෙත් පරීක්ෂණ සිදු කිරීමේ දුර්වලතා සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග පිළිනොපැදීම හේතුවෙන් මාර්තු මාසයේදී රෝගීන් ගණන යළිත් ඉහළ යාමට පටන් ගත්තේය.
බදාදා දිනයේදී (මාර්තු 31) ඉන්දියාව තුළ නව රෝගීන් 72,019 ක් සහ මරණ 457 ක් වාර්තා වී තිබේ.
වසංගතය ආරම්භ වූ දා සිට ඉන්දියාවේ රෝගීන් මිලියන 11.7 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 160,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වේ තිබේ. එය එක්සත් ජනපදයෙන් පසු ලොව තුන්වෙනි වැඩිම කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටයි.
ඉතාලිය
රෝමය සහ මිලාන් ඇතුළු ඉතාලියේ අඩකට වඩා ප්‍රදේශයක වෙළෙඳසල්, ආපනශාලා සහ පාසල් නැවත වරක් වසා දැමේ.
රැකියාව, සෞඛ්‍ය හෝ වෙනත් අත්‍යවශ්‍ය හේතු හැරෙන්නට සියලුදෙනා නිවසේ රැඳී සිටිය යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාස්කු කාලය ඇතුළත (අප්‍රේල් 3-5) දින තුනක් පුරා මුළු රටම වසා දැමෙනු ඇත.
යුරෝපා සංගම් රටවලින් පැමිණෙන පිරිස හෝ එම කලාපය තුළ සංචාරවලින් පසු ආපසු පැමිණෙන පුද්ගලයින් සඳහා අනිවාර්ය දින පහක නිරෝධායන ක්‍රියාවලිය අප්‍රේල් 6 දක්වා ක්‍රියාත්මක වේ
ඔස්ට්‍රේලියාව
ඔස්ට්‍රේලියානු නගරයක් වන බ්‍රිස්බේන්හි කොරෝනාවෛරස රෝගියෙක් වාර්තා වීමත් සමග දින තුනක කාලයක් වසා දමා බ්‍රහස්පතින්දා (අප්‍රේල් 1) දින නැවතත් විවෘත කර තිබේ.
මිලියන දෙකක් පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්තයේ අගනුවරින් මේ වන විට ආසාදිතයන් 16 ක් වාර්තා වී තිබේ.
නව ආසාදන අඩුවීමෙන් හැඟවෙන්නේ පාස්කු නිවාඩු සති අන්තය සඳහා නියමිත වේලාවට අගුලු ලෑම (lockdown ) ඉවත් කිරීමට ඉඩ තිබීම යැයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඇනස්ටේෂියා පලස්චුක් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
කෙසේනමුත්, ගොඩනැගිලි තුළ මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සමහර සීමාවන් තවමත් ක්‍රියාත්මක වේ.
නිවසක රැස් විය හැකි පුද්ගලයන් ගණන 30 දෙනෙකුට සීමා කර ඇති අතර, සියලුදෙනා සිය ටිකට් පත් ද සමග අසුන් ගෙන සිටින්නේ නම් දේවස්ථානයේ ආගමික කටයුතු සම්පූර්ණයෙන් සිදු කළ හැකිය.
මේ තොරතුරු ද කියවන්න:
ජර්මනිය
ජර්මනිය තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන සීමාවන් අප්‍රේල් 18 දක්වා දීර්ඝ කර තිබේ.
කෙසේ වෙතත්, අප්‍රේල් මස ආරම්භයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ රට පුරා ව්‍යාප්ත අගුලු ලෑමේ (lockdown) සැලසුමට පුළුල් ලෙස විවේචනය එල්ල වීමත් සමග, එය අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
ජර්මානු චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් කියා සිටියේ එවැනි කෙටි දැනුම්දීමකින් අතිරේක සීමා හඳුන්වා දීමට උත්සාහ කිරීම "වැරදීමක්" බවය.
කෙසේනමුත්, දින හතක කාලයක් තුළ 100,000 කට නව රෝගීන් 100 ක් ඉක්මවා ආසාදිතයන් සිටින ප්‍රදේශවල සීමාවන් තවදුරටත් ලිහිල් කිරීම නතර කර තිබේ.
වෙළෙඳසල් සහ පොදු ප්‍රවාහනයේදී එක් වතාවක් පමණක් භාවිත කළ හැකි ශල්‍ය මුහුණු ආවරණ හෝ FFP2 වර්ගයේ විශේෂ මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඩෙන්මාර්කය
ඩෙන්මාර්ක රජය වයස අවුරුදු 15 ට වැඩි සෑම කෙනෙකුටම "කොරෝනා බලපත්‍රයක්" ලබා දීමට යෝජනා කර තිබේ.
ජංගම දුරකථනයෙන් සහ කඩදාසිවලින් ලබා ගත හැකි මෙම බලපත්‍රයේ පසුගිය පැය 72 තුළ කොරෝනාවෛරස පරීක්ෂණයෙන් 'නෙගටිව්' ප්‍රතිඵල ලැබී ඇත්ද, කලින් ආසාදනය වී ඇත්ද යන්න හෝ එන්නත ලබා ගෙන ඇත්තේ ද යන්න සඳහන් වේ.
එරට සීමාවන් ක්‍රමයෙන් ඉවත් කරන බැවින්, කොණ්ඩා මෝස්තර දමන ස්ථානයට, අවන්හලකට හෝ වෙනත් ස්ථානයකට යෑමේ දී මෙම බලපත්‍රයේ සඳහන් දත්ත අවශ්‍ය වේ.
තත්ත්වය හොඳ අතට හැරෙන්නේ නම්, කුඩා සාප්පු අප්‍රේල් 13 සිට විවෘත කරන අතර අප්‍රේල් 21 සිට විශාල සාප්පු මධ්‍යස්ථාන, කැෆේ සහ ආපනශාලාවල එළිමහනේ ආහාර ගැනීමට අවසර දෙනු ලැබේ. සිනමා ශාලා මෙන්ම ආපනශාලා ඇතුළත සිට ආහාර ගැනීම මැයි 6 වෙනි දින නැවත ආරම්භ කළ හැකිය.
චෙක් ජනරජය
යුරෝපා සංගමයට අයත් චෙක් ජනරජය කොරෝනාවෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් රටකි. ඒ හේතුවෙන් එරට ජන ජීවිතයට පැනවූ සීමා තවදුරටත් දැඩි කර තිබේ.
නව ක්‍රියාමාර්ග අතරට කුඩා ළමුන් හා ආබාධිත පුද්ගලයින් සඳහා වූ පාසල් වැසීම, දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම තහනම් කිරීම සහ විවෘතව පවතින කර්මාන්තශාලා සහ සමාගම්වල සේවකයින් සඳහා අනිවාර්ය කොරෝනාවෛරස පරීක්ෂණ පැවැත්වීම ඇතුළත් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ස්පාඤ්ඤය
පළාත් අතර ගමන් කිරීම අප්‍රේල් 9 දක්වා තහනම්ය.
රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය නම් අදාළ ප්‍රදේශවල රාත්‍රී 10 සිට එය බලපැවැත්විය හැකිය.
විවෘත ස්ථානවල උපරිම වශයෙන් හය දෙනෙකු සහ සංවෘත ප්‍රදේශවල සිව් දෙනෙකුට හමු විය හැකි අතර, පෞද්ගලික නිවාසවල හමුවීමට අවසර නොමැත.
වයස අවුරුදු 6 ට වැඩි ඕනෑම පුද්ගලයෙක් ගෘහස්ථ හා එළිමහන් පොදු ස්ථානවල මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.
බෙල්ජියම
පාස්කු සමය ඇතුළත බෙල්ජියම සති හතරක කාලයක් වසා දමා තිබේ.
ප්‍රාථමික හා ද්විතීයික පාසල් මෙන්ම විශ්ව විද්‍යාල ද අප්‍රේල් 19 දක්වා වසා ඇත.
අත්‍යවශ්‍ය නොවන සාප්පු විවෘතව ඇති නමුත් පෙර වෙන් කරවා ගත් වෙලාවක දී පමණක් අදාළ සේවාවන් ලබා ගත හැකිය. කොණ්ඩා මෝස්තර දමන ස්ථාන, රූපලාවණ්‍යාගාර සහ සම්බාහන මධ්‍යස්ථාන වසා ඇත.
අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාර තහනම් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෘතුගාලය
පෘතුගාලයේ නගර අතර ගමන් කිරීම අප්‍රේල් 5 දක්වා තහනම් කර තිබේ.
ඇතැම් ව්‍යාපාර සහ ප්‍රාථමික පාසල් නැවත විවෘත කරමින් මාර්තු 15 සිට පෘතුගාලය ඇතැම් සීමා කිරීම් ලිහිල් කිරීමට පටන් ගත්තේය.
නෙදර්ලන්තය
අගුලු ලෑමේ (ලොක්ඩවුන් -lockdown) නීති අප්‍රේල් 20 දක්වා දීර්ඝ කර ඇත.
ඇඳිරි නීතිය ද දීර්ඝ කර තිබෙන නමුත් මාර්තු 31 සිට එය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට උදෑසන 4.30 දක්වාය.
මැයි මස මැද වන තුරු විදේශයන්හි නිවාඩු වෙන් නොකරන ලෙස රජය එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.








