වසර සිය ගණනක ඉතිහාසයක් ඇති මුහුණු ආවරණ

Plague doctor wearing birdish outfit

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "විෂ මීදුමෙන්" ආරක්ෂා වීමට පැළඳි කුරුළු හිසක් වැනි ආවරණය "

බැංකු මංකොල්ලකරුවන්, පොප් තරු සහ සෞඛ්‍යය ගැන සැලකිලිමත් (සහ හෘද සාක්ෂියට එකඟ) ජපන් සංචාරකයින්ට පමණක් සීමා වූ, මුහුණු ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම දැන් "නව සාමාන්‍ය" ලෙස නම් කිරීමට තරම් පොදු කාරණාවක් බවට පත්ව තිබේ.

එය සාමාන්‍ය දෙයක් වන්නට හැකි නමුත් අලුත් දෙයක් නම් නොවේ.

'බ්ලැක් ඩෙත්' වසංගතයේ සිට 'හුස්ම හිරවන දුමාරය', රථවාහන දූෂණය, ගෑස් ප්‍රහාර තර්ජනය දක්වා මුහුණු ආවරණ පසුගිය අවුරුදු 500 ක පමණ කාලයක් තිස්සේ භාවිතයට ගැනිණි.

මුල් කාලයේ දී වෙස්වළා ගැනීම් සඳහා මුහුණු ආවරණ භාවිත කළද, ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම (ඇඳුමක් ලෙස භාවිත කරනවාට වඩා) අවම වශයෙන් ක්‍රි.පූ 6 වන සියවස දක්වා දිව යයි. පර්සියානු සොහොන්වල දොරවල්හි මිනිසුන් මුඛයට ඉහළින් රෙදි පැළඳගෙන සිටින රූප දැකගත හැකිය.

මාකෝ පෝලෝට අනුව, 13 වන සියවසේ දී චීනයේ මෙහෙකරුවන් වියන ලද රෙදි වර්ගයකින් ඔවුන්ගේ මුහුණු ආවරණය කර තිබේ. එම මෙහෙකරුවන්ගේ හුස්ම අධිරාජ්‍යයාගේ ආහාරවල සුවඳ හා රසයට බලපාන්නේ නැතිව තබා ගැනීම මෙහි අරමුණ වී තිබිණි.

වසංගතය

early Black Death outfits

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කුරුළු හිස වැනි ආවරණය හඳුන්වා දීමට පෙර වසංගත කාලයේ වෛද්‍යවරුන් ක්‍රියා කළ ආකාරය

14 වෙනි සියවසේ 1347 සිට 1351 දක්වා කාලය තුළ අවම වශයෙන් මිලියන 25 ක ජනතාවක් මියගිය 'බ්ලැක් ඩෙත් (කළු මරණය)' යුරෝපයේ පැතිරී ගිය පළමු වසංගතය වන අතර, මුහුණු ආවරණ සෞඛ්‍ය හේතු මත භාවිතයට ගැනීම මෙම කාලය තුළ සිදුවිය.

න්‍යායාචාර්යවරුන්ගේ විශ්වාසයට අනුව මෙම රෝගය විෂ සහිත වාතයෙන් හෝ "විෂ මීදුමක්" හරහා පැතිර ගොස් ඇති අතර, එයින් පුද්ගලයෙකුගේ ශාරීරික තරලවල අසමතුලිතතාවක් ඇති කර තිබේ. මුහුණු ආවරණය කිරීමෙන් හෝ මිහිරි සුවඳැති මල් ආඝ්‍රාහනය කිරීමෙන් මෙම අපිරිසිදු වාතය පැමිණීම වැළැක්වීමට මිනිස්සු උත්සාහ කළහ.

plague outfits at the Wellcome Museum in London

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බර හම් ලෝගු, පුළුල් වීදුරු ඇස් ආවරණ, අත්වැසුම් සහ තොප්පි 1665 මහා වසංගතයේදී රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පැළඳ සිටි ආරක්ෂිත ඇඳුම්වල කොටස් වේ

බියකරු කුරුලු-මුහුණු ආවරණය පැළඳගත් පුද්ගලයෙකු සහිත දැන්වීම 17 වන සියවස මැද භාගයේ වසංගතයේ අවසාන පැතිරී යාම වන තෙක් මතුවී තිබුණේ නැත.

සුවඳ විලවුන් හා කුළුබඩු මෙම මුහුණු ආවරණයට සම්බන්ධ කර තිබිණි. විෂ මීදුමක් ලෙස සැලකුණු දෙයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා මුහුණු ආවරණයේ "හොට" ඖෂධ පැළෑටි සහ සුවඳති ද්‍රව්‍යවලින් පිරවීමේ කොටසක් ලෙස භාවිත කර තිබේ.

දුම්-විරෝධී

Chimneys of an East End factory poke through the blanket of smog covering London. Circa 1952

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1952 දී ලන්ඩනයේ දුමාරය පිටකරන කර්මාන්තශාලා චිමිනි

18 වෙනි සියවසේ කාර්මික විප්ලවය නිසා කුප්‍රකට 'ලන්ඩන් දුමාරය' ඇති විය. කර්මාන්තශාලා වැඩි වැඩියෙන් දුමාරය පිට කිරීමත් නිවැසියන් ඔවුන්ගේ ගල් අඟුරු ගිනි දැල්වීමත් නිසා විෂ දුම් පරිසරයට එක් වීමේ තත්ත්වය උත්සන්න විය.

බොහෝ ශීත සෘතුවල දී අළු සහ කහ පැහැති දැඩි දුමාරයකින් ලන්ඩන් නුවර අහස වැසී තිබිණි.

භයානකම සිදුවීම වූයේ 1952 දෙසැම්බර් 5 ත් 9 ත් අතර කාලය තුළය. එකවර අවම වශයෙන් පුද්ගලයන් 4,000 ක් පමණ මිය ගිය අතර, ඊළඟ සති හා මාසවලදී තවත් 8,000 ක් පමණ මියගොස් තිබේ.

woman wearing smog mask in 1953

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුණු ආවරණයක් සහ මුතු මාල 1950 ගණන්වල මෝස්තරය විය

සීතල කාලගුණයේ දී එකතැන රැඳෙන වාතය උණුසුම් වායු තට්ටුවක් යට සිරවූ විට දුම හා මීදුම සංයෝගයක් වන දුමාරය හට ගනී.

දුමාරය හේතුවෙන් ශ්වසනරෝග හා හෘදයාබාධ උග්‍ර විය හැකි අතර අක්ෂි ආසාත්මිකතා ද ඇති කරයි.

1930 ගණන්වල සිට,"දුම්-විරෝධී" මුහුණු ආවරණ යුරෝපය පුරා බොහෝ දෙනා පැළඳි තොප්පි වර්ග මෙන්ම මෝස්තරයක් බවට පත් විය.

රථවාහනවලින් ඇති වූ උපද්‍රව

Woman Driving by Maud Stumm

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රියදුරු වේලය - සිත් ඇදගන්නා සුළු මෙන්ම ප්‍රායෝගික මුහුණු ආවරණයකි

වික්ටෝරියානු කාලයට පැමිණෙන විට ලන්ඩන් නුවර පොහොසත් කාන්තාවන් ඔවුන්ගේ තොප්පිවල ඇමිණූ වේලයකින් මුහුණ වසාගන්නට විය. කළු පැහැයත් සමග සංකීර්ණ අලංකාරයක් ඇති කළ හැකි ඕනෑම මෝස්තරයක් වැලඳ ගැනීමට මෙම කාන්තාවෝ උනන්දුව වූහ.

අවමංගල්‍යයක දී භාවිත කළද, මුහුණු වැස්මෙහි භූමිකාව හුදෙක් අවමංගල්‍යයවලට පමණක් සීමා නොවීය. කාන්තාවකගේ මුහුණ හිරු, වැසි සහ විවිධ අපවිත්‍ර දේවලින් මෙන්ම අපිරිසිදු වාතයෙන් හා දූවිලිවලින් ආරක්ෂා කිරීමට ද එය උපකාරී විය.

1971 exhaust pollution

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පළමුව ආරක්ෂාව! 1971 මේ රියදුරු ගෑස් ප්‍රතිරෝධී මුහුණු ආවරණයක් පැළඳ සිටියද ආසන පටි පැළඳ නොමැත

පර්යේෂණයන්ට අනුව, දැනට විශාල නගරවල වායු දූෂණයට බලවත් හේතුව රථවාහන භාවිතයයි. වායු විමෝචනයේ කොටසක් ලෙස නයිට්‍රජන් ඔක්සයිඩ් සහ රබර් හා ලෝහවල කුඩා අංශු වාතයට එක් වීම සිදුවේ.

කොරෝනාවෛරසය පැතිරී සියල්ලන්ම මුහුණු ආවරණ භාවිතය ආරම්භ කිරීමට බොහෝ කලකට පෙර සමහර නගරවල පාපැදි කරුවන් වායු දූෂණයෙන් වැළකීමට මුහුණු ආවරණ පැළඳ සිටිනු දක්නට ලැබිණි. විසිවන සියවස ආරම්භයේදී බ්‍රිතාන්‍ය කාන්තා රියදුරන් සිනිඳු වේලයක් භාවිත කළ නමුත්, එම ක්‍රමයෙන් තවදුරටත් ආරක්ෂාවක් සැලසෙන්නේ නැත.

ස්පාඤ්ඤ උණ

Pedestrians in a London street wearing masks over their mouths

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමහර වෛද්‍යවරු මාරාන්තික ස්පාඤ්ඤ උණ වැළැක්වීම සඳහා විෂබීජ නාශක ඉසින ලද ගෝස් පැළඳීම යෝජනා කළහ

පළමුවන ලෝක සංග්‍රාමය අවසානයේ පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගය විනාශකාරී ගෝලීය වසංගතයක් බවට පත්විය. ස්පාඤ්ඤ උණ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවේ මෙහි පළමු රෝගීන් ස්පාඤ්ඤයෙන් වාර්තා වීම හේතුවෙනි. වසංගතයෙන් පුද්ගලයෝ මිලියන පනහක් පමණ මියගියහ.

යුද පිටිවලින් ආපසු පැමිණෙන සොල්දාදුවන් නිසා වෛරසය පැතිරීම උත්සන්න වූ බව විශ්වාස කෙරේ. එය දුම්රිය ස්ථානවල සිට නගර මධ්‍යයටත්, පසුව තදාසන්න ප්‍රදේශවලටත්, ගම්බද ප්‍රදේශවලටත් ව්‍යාප්ත විය.

තම සේවකයින්ට මුහුණු ආවරණ පැළඳීමට ඉඩ සැලසීමෙන් ආසාදනය පැතිරීම වැළැක්වීමට ප්‍රවාහන සමාගම් උත්සාහ කළහ.

බ්‍රිතාන්‍ය ප්‍රකාශනයක් වන 'නර්සිං ටයිම්ස්' 1918 දී වාර්තා කර තිබූ පරිදි, එකල රෝගය පාලනය කිරීම සඳහා ශාන්ත මාලිබෝන් රෝහලේ හෙදියන් එක් එක් ඇඳ අතර විෂබීජහරණය කළ තාවකාලික බිත්ති ඉදිකර ඇති අතර, වෛරසය පවතින කොටස්වලට ඇතුළු වූ "සෑම හෙදියක්, වෛද්‍යවරයෙක්, වාට්ටු සේවිකාවක් හෝ පිරිසිදු කරන කාන්තාවකටම" මුහුණු ආවරණ පැළඳීමට සිදු වී තිබේ.

"මුහුණු ආවරණ පැළඳ ඔබේ ජීවිතය බේරා ගන්න" යනුවෙන් සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ඉල්ලා තිබේ. බොහෝ දෙනෙක් ගෝස්වලින් මුහුණු ආවරණ සාදා ගත් අතර, සමහරු මුහුණු ආවරණයේ නාසයට ආසන්න කොටසට විෂබීජ නාශක බින්දු කීපයක් එකතු කරගත්හ.

ගෑස්

මහා යුද්ධයෙන් වසර 20 කට පසු ඇතිවූ දෙවෙනි ලෝක යුද තර්ජනයත් සමග ක්ලෝරීන් හා අබ ගෑස් භාවිතය සිදු විය. සාමාන්‍ය ජනතාවට මෙන්ම හමුදාවේ අයටද ගෑස් ප්‍රතිරෝධී මුහුණු ආවරණ නිකුත් කිරීමට රජය ක්‍රියා කළේය.

සමහර යුරෝපීය නගරවල බොහෝ ප්‍රදේශයන්හි මෙම මුහුණු ආවරණ හුරුපුරුදු දසුනක් බවට පත්විය.

masked dancers

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩන් මුරේ කැබරේ සමාජ ශාලාවේ නර්තන ශිල්පීන් ගෑස් ප්‍රතිරෝධී මුහුණු ආවරණ ඔවුන්ගේ ඇඳුමේ කොටසක් බවට පත් කළහ
A horse with a gas mask

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සතුන්ට පවා තමන්ගේම මුහුණු ආවරණ තිබිණි

කීර්තිය සහ පෞද්ගලිකත්වය

මෑත කාලයේ දී තවත් ආකාරයේ මුහුණු ආවරණයක් මතු වී තිබේ. දැඩි ලෙස බැඳුණු රසිකයන්ගේ (සහ අනුමාන වශයෙන් සතුරන්ගේ) ඇස නොගැටී ආරක්ෂා වීමේ අවශ්‍යතාව සපුරාලීමට මුහුණු ආවරණ සමත් වී ඇත.

Boy George arrives at Heathrow airport in 1985

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝයි ජෝර්ජ් 1985 දී හීත්‍රෝ ගුවන් තොටුපළට පැමිණියේ මුහුණ ආවරණය කරගෙනය

"මා හඳුනාගනු ලැබීමට අවශ්‍ය නැත, ඒ නිසා මම කැපී පෙනෙන මුහුණු ආවරණයක් පැළඳ සිටිනවා" යන සැබෑයැයි පෙනෙන ප්‍රතික්ෂේප කිරීමක යෙදෙන එහෙත් තමන් වෙත අවධානය යොමු කරගැනීමට කැමැත්තක් දක්වන ජනප්‍රිය පුද්ගලයින්ට මේවා බොහෝ සෙයින් ගැලපේ.

සාමාන්‍ය, ප්‍රසිද්ධ නොවන පුද්ගලයන් ඔවුන්ගේ සාමාන්‍ය, ප්‍රසිද්ධ නොවන මුහුණු සඟවා ගැනීම ගැන තවමත් කරුණු ගොඩනැගී නැත. කෙනෙකු දෙස කුතුහලයෙන් බලන කෙටිම බැල්ම හිමිකර ගැනීම පවා මුහුණ සඟවා ගැනීම නිසා දැන් අහිමි වී තිබේ.

Justin Bieber

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජස්ටින් බීබර් අවධානයෙන් මිදෙන්න උත්සහ කරමින්

මේ තොරතුරු ද කියවන්න: