කොවිඩ්: මට එන්නත ලැබෙන්නේ කවදා ද?

A woman gets a vaccines at Rajawadi Hospital in Mumbai, India

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය එන්නත් වැඩපිළිවෙලට තවත් අරමුදල් පරිත්‍යාගකරන්නැයි කෝවැක්ස් සැලසුම රටවලින් ඉල්ලා සිටී

කොරෝනාවෛරසයට එරෙහි එන්නත බෙදාහැරීම ක්‍රියාත්මක වෙද්දී බොහෝදෙනා මතුකරන ප්‍රශ්නයකි - මට එන්නත ලැබෙන්නේ කවදාද? අතළොස්සක් රටවල් ඉතා සුවිශේෂී ඉලක්ක සකසා තිබුණද ලොව අනෙකුත් රටවල තත්ත්වය එතරම් පැහැදිලි නැත. ඒ සම්බන්ධයෙන් අප මෙතෙක් දැනසිටින්නේ කුමක්ද?

කෝවිඩ්-19 රෝගයට එරෙහිව ලෝකය එන්නත් කරවීම ජීවිතය හා මරණය අතර වැදගත් කරුණකි.

මේ සඳහා සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාදාම, බහුජාතික සමාගම්, ආණ්ඩුවල එකිනෙකට පරස්පර වූ බොහෝ පොරොන්දු මෙන්ම අධික නිලධාරීවාදය හා රෙගුලාසි බලපෑ ඇති අතර ඒ නිසාම, ලොව පුරා එන්නත් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම එතරම් සරල කරුණක් වී නැත.

ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (Economist Intelligence Unit - EIU) හි ගෝලීය පුරෝකථන අංශයේ අධ්‍යක්ෂ අගතේ ඩෙමරයිස්, මේ සම්බන්ධයෙන් වඩා පරිපූර්ණ පර්යේෂණයක් කළ අයෙකි.

එන්නත නිෂ්පාදන ලෝක ධාරිතාව මෙන්ම එම එන්නත් ජනතාව අතට පත්කිරීමට අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම්, ඊට තරග කරද්දී රටකට ඇති ජනගහනයේ ප්‍රමාණය මෙන්ම ඒ සඳහා කෙතරම් වියදමක් දැරිය හැකිද යන කරුණු සම්බන්ධයෙන් EIU ආයතනය විමසා බැලීය.

මෙයින් සොයාගත් බොහෝ කරුණු පුරෝකථනය කළ අයුරින් අදාළවන්නේ ධවත් හා දුගී යන්න මතය. මේ වනවිට එක්සත් රාජධානිය හා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සැපයුම් හොඳින් ලැබී තිබෙන්නේ එන්නත් සොයාගැනීම හා නිෂ්පාදනය සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට තිබූ හැකියාව නිසා ම එන්නත් පොරොත්තු ලේඛනයේ ඉහළින් ම හිඳීම හේතුවෙනි.

කැනඩාව මෙන්ම යුරෝපා සංගමයේ ඇතැම් ධනවත් රටවල් ද හිඳින්නේ තරමක් පසුපසිනි.

අඩු ආදායම්ලාභී රටවල් බොහොමයක් තවමත් එන්නත්කරණ වැඩසටහන් අරඹා නැත. නමුත් පුදුමය දනවන ඇතැම් කරුණු ද මේ අතර වේ. ලොව පුරා එන්නත් දියත්කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසා බලමු.

ගෝලීය එන්නත් දියත්කිරීම

ගෝලීය එන්නත් දියත්කිරීම

වගුවේ ඉහළ පහළ යන්න
ලෝකය
61
12,120,524,547
චීනය
87
3,403,643,000
ඉන්දියාව
66
1,978,918,170
එක්සත් ජනපදය
67
596,233,489
බ්‍රසිල්
79
456,903,089
ඉන්දුනීසියා
61
417,522,347
ජපානය
81
285,756,540
බංග්ලාදේශ්
72
278,785,812
පාකිස්තානය
57
273,365,003
වියට්නාමය
83
233,534,502
මෙක්සිකෝ
61
209,179,257
ජර්මනිය
76
182,926,984
රුසියාව
51
168,992,435
පිලිපීනය
64
153,852,751
ඉරානය
68
149,957,751
එක්සත් රාජධානිය
73
149,397,250
තුර්කිය
62
147,839,557
ප්‍රංශය
78
146,197,822
තායිලන්තය
76
139,099,244
ඉතාලියා
79
138,319,018
දකුණු කොරියාව
87
126,015,059
ආජන්ටිනා
82
106,075,760
ස්පාඤ්ඤය
87
95,153,556
ඊජිප්තුව
36
91,447,330
කැනඩා
83
86,256,122
කොලොම්බියා
71
85,767,160
පෙරූ
83
77,892,776
මැලේසියා
83
71,272,417
සෞදි අරාබිය
71
66,700,629
මියන්මාර්
49
62,259,560
චිලී
92
59,605,701
තායිවානය
82
58,215,158
ඕස්ට්‍රේලියා
84
57,927,802
උස්බෙකිස්තානය
46
55,782,994
මොරොක්කෝ
63
54,846,507
පෝලන්තය
60
54,605,119
නයිජීරියා
10
50,619,238
ඉතියෝපියා
32
49,687,694
නේපාලය
69
46,888,075
කාම්බෝජය
85
40,956,960
ශ්‍රී ලංකාව
68
39,586,599
කියුබා
88
38,725,766
වෙනිසුවෙලා
50
37,860,994
දකුණු අප්‍රිකාව
32
36,861,626
ඉක්වර්දෝර්
78
35,827,364
නෙදර්ලන්තය
70
33,326,378
යුක්‍රේන්
35
31,668,577
මොසැම්බික්
44
31,616,078
බෙල්ජියම්
79
25,672,563
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
98
24,922,054
පෘතුගාලය
87
24,616,852
රුවන්ඩා
65
22,715,578
ස්වීඩනය
75
22,674,504
උගන්ඩා
24
21,756,456
ග්‍රීසිය
74
21,111,318
කසාක්ස්තානය
49
20,918,681
ඇන්ගෝලා
21
20,397,115
ඝානා
23
18,643,437
ඉරාකය
18
18,636,865
කෙන්යා
17
18,535,975
ඔස්ට්‍රියා
73
18,418,001
ඊශ්‍රායලය
66
18,190,799
ගුවාතමාලා
35
17,957,760
හොංකොං
86
17,731,631
චෙක් ජනරජය
64
17,676,269
රුමේනියා
42
16,827,486
හංගේරියා
64
16,530,488
ඩොමිනිකන් ජනරජය
55
15,784,815
ස්විට්සර්ලන්තය
69
15,759,752
ඇල්ජීරියා
15
15,205,854
හොන්ඩූරස්
53
14,444,316
සිංගප්පූරුව
92
14,225,122
බොලිවියා
51
13,892,966
තජිකිස්ථානය
52
13,782,905
අසර්බයිජාන්
47
13,772,531
ඩෙන්මාර්ක්
82
13,227,724
බෙලාරුස්
67
13,206,203
ටියුනීසියා
53
13,192,714
අයිවරි කෝස්ට්
20
12,753,769
ෆින්ලන්තය
78
12,168,388
සිම්බාබ්වේ
31
12,006,503
නිකරගුවා
82
11,441,278
නෝර්වේ
74
11,413,904
නවසීලන්තය
80
11,165,408
කොස්ටා රීකා
81
11,017,624
අයර්ලන්තය
81
10,984,032
එල් සැල්වදෝරය
66
10,958,940
ලාඕස්
69
10,894,482
ජෝර්දානය
44
10,007,983
පැරගුවේ
48
8,952,310
ටැන්සානියා
7
8,837,371
උරුගුවේ
83
8,682,129
සර්බියා
48
8,534,688
පැනමා
71
8,366,229
සුඩානය
10
8,179,010
කුවේට්
77
8,120,613
සැම්බියාව
24
7,199,179
ටර්ක්මෙනිස්තානය
48
7,140,000
ස්ලෝවැකියා
51
7,076,057
ඕමාන්
58
7,068,002
කටාර්
90
6,981,756
ඇෆ්ඝනිස්තානය
13
6,445,359
ගිනී
20
6,329,141
ලෙබනන්
35
5,673,326
මොංගෝලියා
65
5,492,919
ක්‍රොඒෂියා
55
5,258,768
ලිතුවේනියා
70
4,489,177
බල්ගේරියා
30
4,413,874
සිරියාව
10
4,232,490
පලස්තීන බල ප්‍රදේශ
34
3,734,270
බෙනින්
22
3,681,560
ලිබියා
17
3,579,762
නයිජර්
10
3,530,154
ප්‍රජා. කොංගෝ ජනරජය
2
3,514,480
සියෙරා ලියොන්
23
3,493,386
බහරේන්
70
3,455,214
ටෝගෝ
18
3,290,821
කිර්ගිස්තානය
20
3,154,348
සෝමාලියාව
10
3,143,630
ස්ලෝවේනියා
59
2,996,484
බුර්කිනා ෆාසෝ
7
2,947,625
ඇල්බේනියා
43
2,906,126
ජෝර්ජියා
32
2,902,085
ලැට්වියා
70
2,893,861
මොරිටානියා
28
2,872,677
බොට්ස්වානා
63
2,730,607
ලයිබීරියා
41
2,716,330
මුරුසිය
74
2,559,789
සෙනගාලය
6
2,523,856
මාලි
6
2,406,986
මැඩගස්කර්
4
2,369,775
චැඩ්
12
2,356,138
මලාවි
8
2,166,402
මෝල්ඩෝවා
26
2,165,600
ආර්මේනියා
33
2,150,112
එස්තෝනියා
64
1,993,944
බොස්නියා සහ හර්සගොවිනා
26
1,924,950
භූතාන්
86
1,910,077
උතුරු මැසිඩෝනියා
40
1,850,145
කැමරූන්
4
1,838,907
කොසොවෝ
46
1,830,809
සයිප්‍රස්
72
1,788,761
ටිමෝර් - ලෙස්තේ
52
1,638,158
ෆිජි
70
1,609,748
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
51
1,574,574
ජැමෙයිකා
24
1,459,394
මකාවු
89
1,441,062
මෝල්ටා
91
1,317,628
ලක්සම්බර්ග්
73
1,304,777
දකුණු සුඩානය
10
1,226,772
මධ්‍යම අප්‍රිකානු ජනරජය
22
1,217,399
බෘනායි
97
1,173,118
ගයානා
58
1,011,150
මාලදිවයින
71
945,036
ලෙසෝතෝ
34
933,825
යේමනය
1
864,544
කොංගෝ
12
831,318
නැමීබියා
16
825,518
ගැම්බියා
14
812,811
අයිස්ලන්තය
79
805,469
කේප් වර්ඩ්
55
773,810
මොන්ටිනීග්‍රෝ
45
675,285
කොමරෝස්
34
642,320
පැපුවා නිව්ගිනි
3
615,156
ගිනී-බිසවු
17
572,954
ගැබොන්
11
567,575
එස්වාටිනි
29
535,393
සුරිනාම්
40
505,699
සමෝවා
99
494,684
බෙලීස්
53
489,508
ඉක්වටෝරියල් ගිනී
14
484,554
සොලමන් දූපත්
25
463,637
හයිටි
1
342,724
බහමාස්
40
340,866
බාර්බඩෝස්
53
316,212
වනුවාටු
40
309,433
ටොන්ගා
91
242,634
ජර්සි
80
236,026
ජිබූටි
16
222,387
සීෂෙල්ස්
82
221,597
සාඕ ටොම් සහ ප්‍රින්සිපී
44
218,850
අයිල් ඔෆ් මෑන්
79
189,994
ගර්න්සී
81
157,161
ඇන්ඩෝරා
69
153,383
කිරිබටි
50
147,497
කේමන් දූපත්
90
145,906
බර්මියුඩා
77
131,612
ඇන්ටීගුවා සහ බාබූඩා
63
126,122
ශාන්ත ලූෂියා
29
121,513
ජිබ්‍රාල්ටර්
123
119,855
ෆැරෝ දූපත්
83
103,894
ග්‍රෙනඩා
34
89,147
ග්‍රීන්ලන්තය
68
79,745
ශාන්ත වින්සන්ට් සහ ද ග්‍රෙනෙඩිස්
28
71,501
ලිච්ටන්ස්ටයින්
69
70,780
ටර්ක්ස් සහ කයිකොස් දූපත්
76
69,803
සැන් මැරිනෝ
69
69,338
ඩොමිනිකා
42
66,992
මොනකෝ
65
65,140
ශාන්ත කිට්ස් හා නේවිස්
49
60,467
බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්
59
41,198
කුක් දූපත්
84
39,780
ඇන්ගීලා
67
23,926
නාවුරු
79
22,976
බුරුන්ඩි
0.12
17,139
ටුවාලු
52
12,528
ශාන්ත හෙලේනා
58
7,892
මොන්ට්සෙරාත්
38
4,422
ෆෝක්ලන්ත දූපත්
50
4,407
නියුවේ
88
4,161
ටොකලාවු
71
1,936
පිට්කෙයාන්
100
94
ඉන්දීය සාගර බ්‍රිතාන්‍ය බල ප්‍රදේශ
0
0
උතුරු කොරියාව
0
0
එරිත්‍රියා
0
0
දකුණු ජෝර්ජියා සහ දකුණු සැන්ඩ්විච් දූපත්
0
0
වතිකානය
0
0

සම්පූර්ණ දත්ත විමසීම පිණිස ඔබේ බ්‍රව්සරය යාවත්කාලීන කරන්න

සිය ජනගහනය ආවරණය කිරීමට අවශ්‍ය සැපයුම් ප්‍රමාණයට වඩා පස්ගුණයක් වූ ප්‍රමාණය මිලදී ගැනීමට ක්‍රියා කළ හේතුවෙන්, පසුගිය වසරේ අගදී කැනඩාවට චෝදනා එල්ල විණි. එසේ වුවද, සැපයුම්වල ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහළට ඒමට එරටට නොහැකි වී ඇත.

එසේ කිරීමට හේතුව නම් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ අපනයන තහනමක් පැනවෙනු ඇතැයි පළවූ අවධානය මත කැනඩාව යුරෝපා නිෂ්පාදනාගාරවල නිපැයෙන එන්නත් සඳහා ආයෝජනය කිරීමට තෝරාගැනීමය. එහෙත් එය එරට තැබූ වැරදි සහගත ඔට්ටුවක් විය.

සැපයුම් සම්බන්ධයෙන් යුරෝපා නිෂ්පාදනාගාර අරගලයක යෙදුනු අතර අවසානයේ ඇමෙරිකාව නොව, අපනයන සඳහා මෑතදී තහනම් පනවන බවට තර්ජනය කළේ යුරෝපා සංගමය ය.

"යුරෝපා වෙළෙඳපොළට සෑහෙන තරම් එන්නත් නොලැබුණොත්, කැනඩාව වෙත විශාල අපනයනයක් කරන්නට නොහැකි වේවි යැයි මා හිතනවා," අගතේ ඩෙමරයිස් පැවසුවාය.

නමුත් සිතුවාට වඩා හොඳින් මේ කාර්යය ඉෂ්ඨ කිරීමේ නිරත රටවල් ද වෙති.

මේ ලිපිය ලියන අවස්ථාව වනවිට යුරෝපයේ අනෙකුත් රටල් ද අභිබවමින් ප්‍රතිශතාත්මකව සිය ජනගහනය එන්නත් කළ ලොව අටවෙනි රට බවට සර්බියාව පත්ව සිටී. එක් අතකින් කාර්යක්ෂමව එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සර්බියාවේ මෙම සාර්ථකත්වයට හේතුවුව ද එන්නත් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික භාවයේ වාසිය ද ඊට එක්ව තිබේ. එනම් නැගෙනහිර යුරෝපය තුළ බලපෑමක් ඇතිකිරීම සඳහා රුසියාව හා චීනය අතර ඇති සටන මෙයට හේතුවී ඇත. රුසියාවේ ස්පුත්නික් වී (Sputnik V) සහ චීනයේ සිනොෆාම් (SinoPharm) යන එන්නත් වර්ග දෙක ම ඇති රටවල් ස්වල්පය අතරින් සර්බියාව ද එකකි.

නිල වශයෙන් කියවෙන ආකාරයට ෆයිසර්, ස්පුත්නික් හෝ සිනොෆාම් යන එන්නත්වලින් තමන්ට රිසි වුවක් ලබාගැනීමේ අවස්ථාව සර්බියානුවන්ට දී ඇතැයි පැවසේ. සත්‍යවශයෙන් ම බොහෝ පිරිසකට ලබාදෙන්නේ සිනොෆාම් එන්නත ය. චීනය මුදාහරින බලපෑම දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි පෙනෙන්නට තිබේ. සිනොෆාම් හි පළමු හා දෙවැනි මාත්‍රා ලබාගන්නා රටවල්, අන්නගතයෙදී තමන්ට බලගැන්වීම් මාත්‍රා අවශ්‍යනම් ඒ සඳහා ද චීනය වෙත යොමු වීමට ඉඩ ඇත.

සිනොෆාම් එන්නත මත බලවත් සේ යැපෙන තවත් රටකි එක්සත් අරාබි එමීර් රාජ්‍යය. මේ වනවිට එහි එන්නත් කර ඇති මාත්රාවලින් 80% ක් ම සිනොෆාම් වන අතර එම නිෂ්පාදනාගාරයක් සිය රටෙහි ඉදිකිරීමට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබේ.

"චීනය පැමිණෙන්නේ නිෂ්පාදනාගාර, පුහුණු සේවකයින් සමග වන බැවින් චීනයට දිගු කාලීන බලපෑමක් හිමිවෙනවා," යැයි අගතේ පවසන්නීය. "ඒ වගේම මේ එන්නත් ලබාගන්නා ආණ්ඩුවලට අනාගතයේදී ඕනෑම දෙයකට බැහැ කියන්න බැරි වන ආකාරයේ ඉතා දුෂ්කර අවස්ථාවකට පත්වේවි." යැයි ද ඇය පෙන්වා දෙන්නීය.

කෙසේවෙතත් ලෝක මට්ටමේ එන්නත් පිළිබඳ සුපිරි බලයක් තිබීමේ අර්ථය පළමුවෙන් සිය ජනගහනය එන්නත් කිරීම ම නොවේ.

EIU හි පර්යේෂණවල පුරෝකථනයට අනුව ලෝකයේ සුපිරි එන්නත් නිෂ්පාදකයින් වන චීනය හා ඉන්දියාවට 2022 වසර අග වන තෙක් සිය ජනතාව ප්‍රමාණවත් තරම් එන්නත් කිරීමට නොහැකි වනු ඇත. දෙරටේම ඇති විශාල ජනතාවක් හිඳීම හා සෞඛ්‍ය සේවකයින්ගේ හිඟය මීට හේතුවේ.

line
වීඩියෝ ශීර්ෂ වැකිය, කොවිඩ් එන්නත: "රටේ ජනතාව බේරා ගැනීමට තියෙන හොඳම ආයුදය එන්නත්කරණයයි''
line

කෝවිඩ් එන්නත නිෂ්පාදනයේ දී ඉන්දියාවේ සාර්ථකත්වය විශාල වශයෙන් ම රඳන්නේ එක් පුද්ගලයෙකු මතය. ඒ, අදර් පූනවල්ලා. ඔහුට අයත්, ඉන්දියාවේ පිහිටි සීරම් ආයතනය (Serum Institute) ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වේ.

නමුත් පසුගිය වසරේ මැදදී අදර් ගේ පවුලේ සාමාජිකයින් සිතන්නට වූයේ ඔහුගේ සිහි කල්පනාව අඩුවී ඇති දැයි කියාය. ඔහු ඩොලර් මිලියන සියගණනක් වූ තම මුදල් එන්නත් වෙනුවෙන් ඔට්ටු තැබුවේ ඒවා සාර්ථක වේ දැයි නොදැන ය.

එම එන්නත් අතරින් පළමු වන්න ලෙස, ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රාසෙනෙකා විසින් නිර්මාණය කරන ලද එන්නත ජනවාරියේදී ඉන්දියානු ආණ්ඩුවට සැපයිණි. දැන් ඔහු දිනකට මාත්‍රා මිලියන 2.4ක ප්‍රමාණයක් නිපදවයි.

ඔහුගේ සමාගම ඉන්දියාවේ ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනාගෙන් එකක් වන අතර බ්‍රසීලය, මොරොක්කෝ, බංග්ලාදේශ් හා දකුණු අප්‍රිකාව වෙත ද එන්නත් සපයයි.

"පීඩනය වගේම මේ හැම පිස්සුවක් ම දැන් ඉවර වේවි, අපි ඒ නිෂ්පාදනය හැදුවා" යැයි කී ඔහු "නමුත් සැබෑ ම අභියෝගය හැම දෙනාම සතුටින් තබන එකයි" යැයි ද සඳහන් කළේය.

"තවත් නිෂ්පාදකයින්ට සැපයුම් කළ හැකි වේ යැයි මං හිතවා. නමුත් කණගාටුව නම්, මේ වනවිට, අඩුම තරමේ 2021 පළමු කාර්තුවෙදී නැතිනම් දෙවෙනි කාර්තුවේදීවත් සැපයුමේ සැලකිය යුතු ඉහළ යාමක් දකින්න ලැබෙන්නේ නැහැ."

එක රැයකින් නිෂ්පාදනය වැඩි කළ නොහැකි බව ඔහු කියා සිටී.

"ඒකට කල් ගතවෙනවා," යැයි පෙන්වා දෙන පූනවල්ලා, "මිනිස්සු හිතන්නේ සීරම් ආයතනයට මැජික් ද්‍රාවණයක් තියෙනවා කියලයි. ඔව්, අපි කරන දේ හොඳින් කරනවා නමුත් ඒක මැජික් යෂ්ටියකින් නෙවෙයි." යැයි සඳහන් කරයි.

ඔහු දැන් සිටින්නේ ප්‍රමුක තත්ත්වයක ය. ඊට හේතුව නම්, පසුගිය වසරේ මාර්තුවේදී ඉඩ පහසුකම් ඉදිකිරීම ඇරඹු ඔහු රසායන ද්‍රව්‍ය මෙන්ම වීදුරු කුප්පි වැනි දේ තොග රැස්කිරීම අගෝස්තුවේදී ආරම්භ කිරීම ය.

නිෂ්පාදනය අතරතුරදී නිපැයූ එන්නත් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස්විය හැකි අතර ම යම් දේ වැරදීමට ද ඕනෑ තරම් අවස්ථා ඇත.

"එය විද්‍යාව වගේම කලාවක්" අගතේ පවසන්නීය.

දැන් නිෂ්පාදනය අරඹන නිෂ්පාදකයින්ට එන්නත නිපදවිය හැකිවන්නේ තවත් මාස ගණනකිනි. වෛරසයේ අලුත් මාදිලිවලට මුහුණදීම සඳහා කිසියම් බලගැන්වීම් මාත්‍රා නිපදවීමට ද මෙම තත්ත්වය ම අදාළ වේ.

කෝවැක්ස් පහසුකම (Covax facility) නම් වැඩපිළිවෙල යටතේ පළමුව ඉන්දියාවටත් දෙවනුව අප්‍රිකාවටත් එන්නත් සැපයීමට කැපවන බව පූනවල්ලා කියා සිටී.

කෝවැක්ස් යනු, ලෝක සෞඛ්‍ය සංවිධානය, එන්නත් පිළිබඳ සන්ධානයක් වන ගැවි (Gavi) සහ පූර්ව වසංගත සූදානම් මධ්‍යස්‌ථානය (CEPI - Centre for Epidemic Preparedness) යන පාර්ශවවල මුලිකත්වයෙන් සැකසුනු වැඩපිළිවෙලකි. දැරිය හැකි මිල කට ලොව සෑම රටකටම එන්නත් ලබාදීම එහි ඉලක්කය වේ.

එන්නත් සඳහා වියදම් දැරිය නොහැකි රටවලට විශේෂ අරමුදලක් හරහා ඒවා සැපයේ. අනෙකුත් රටවල් ඒ සඳහා මිලක් ගෙවිය යුතුය. නමුත් මෙහි අරුත තමන් ම මේ සඳහා පියවර ගනු වෙනුවට මෙම කණ්ඩායම හරහා වඩා වාසිදායක මිලක් සාකච්ඡා කළ හැකි වීමය.

පෙබරවාරි මස අගදී එන්නත් සැපයීම ආරම්භ කිරීමට කෝවැක්ස් වැඩපිළිවෙල සැලසුම් කරයි.

මේ අතරේදී ම කෝවැක්ස් සැලසුමට සම්බන්ධ රටවල් බොහොමයක් වෙනත් පසෙකින් තමන්ගේම ගනුදෙනු සාකච්ඡා කිරීමේ යෙදීම හේතුවෙන් කෝවැක්ස් වැඩපිළිවෙල පසුබෑමකට ලක්වෙමින් තිබේ.

ස්වාධීනව එන්නත් ලබාගැනීම සඳහා අප්‍රිකාවේ නායකයින් සෑම කෙනෙකුම පාහේ තමන් සමග සම්බන්ධතා පවත්වන බව අදර් පූනවල්ලා පවසයි. එක් මාත්‍රාවක් ඩොලර් 7 ක් වූ මිලකට මාත්‍රා මිලියන 18 ක් සීරම් ආයතනයෙන් ලබාගැනීමට හැකිවූ බව උගන්ඩාව පසුගිය සතියේදී නිවේදනය කළේය. එය කෝවැක්ස් සැලසුමෙන් ගෙවන ඩොලර් 4 ට වඩා ඉහළ මිලකි.

තමන් උගන්ඩාව සමග සාකච්ඡාවල යෙදී සිටියද ගනුදෙනුවකට මෙතෙක් එළැඹ නැති බව සීරම් ආයතනය පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව අනුමැතිය ලද වහා පූනවල්ලා විසින් කෝවැක්ස් වෙත ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන 200ක් සපයනු ලබනු ඇත. තවත් මාත්‍රා මිලියන 900ක් කෝවැක්ස් වෙත සපයන බවට පූනවල්ලා පොරොන්දු වී ඇතත් ඒ කවදාද යන්න ඔහු තහවුරු කර නැත.

මෙම වැඩපිළිවෙල සඳහා තමන් කැපවී සිටින බව පවසන පූනවැල්ලා එහි ගැටලු ඇති බව ද පිළිගනී. එන්නත් නිෂ්පාදකයින් රැසක් සමග කෝවැක්ස් වැඩපිළිවෙල ගනුදෙනු කරන අතර ඒ සෑම නිෂ්පාදකයෙකුගේ මිල මෙන්ම සැපයෙන කාලවකවානු ද වෙනස් බව ඔහු කියා සිටී.

කෝවැක්ස් හට සාර්ථකත්වයක් උදාකර ගත හැකි ද යන්න සම්බන්ධයෙන් අගතේ මෙන්ම EIU ආයතනය ද සර්ව සුභවාදී නොවෙති. සැම දේ සැලසුමට අනුව ක්‍රියාත්මක වුව ද මෙම වසර තුළදී එම වැඩපිළිවෙලට ආවරණය කළ හැකිවන්නේ රටක ජනගහනයෙන් 20 - 27% ක් තරම් වූ ප්‍රමාණයකි.

"එයින් කෙරෙන්නේ සුළු වෙනසක් වුණත් සම්පූර්ණයෙන් ම තත්ත්වය වෙනස් කිරීමක් නොවෙයි," අගතේ පවසන්නීය.

Economist Intelligence Unit වෙනුවෙන් ඇය කළ පුරෝකථනයට අනුව ඇතැම් රටවල් 2023 වනවිට හෝ කෙදිනකවත් සම්පූර්ණයෙන් එන්නත් කළ නොහැකිවනු ඇත. සෑම රටකටම එන්නත්කරණය ප්‍රමුඛතාවක් නොවනු ඇත. එය විශේෂයෙන් ම තරුණ ජනගහනයක් ඇති රටක් මෙන්ම ජනතාව විශාල වශයෙන් රෝගී වන බවක් නොපෙන්වන රටවල් එසේ එන්නත්කරණය ප්‍රමුඛතාවක් නොදක්වනු ඇත.

මෙම තත්ත්වය තුළ මතුවන ප්‍රශ්නය නම්, කිසියම් හෝ තැනක වෛරසයට වැඩීමට ඉඩකඩ ලැබෙන තාක් ඊට විකෘති වෙමින් සංක්‍රමණය වීමට හැකියාව ලැබේ. එනම්, එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන වෛරස මාදිලි ජනනයවීම දිගටම සිදුවිය හැක.

එය කොහෙත්ම අසුභ ආරංචියක් ද නොවේ. අන් කවරදාටත් වඩා එන්නත් නිපදවීම වෙගවත්වෙමින් පවතී. නමුත් බිලියන 7.7 ක් වූ ලෝක ජනගහනය එන්නත් කිරීමේ කාර්යය ඉතා විශාල වූවකි. එසේම එය මීට පෙර නොදැරූ ප්‍රයත්නයකි.

කළ හැක්කේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු සිය ජනතාවට අවංක විය යුතු බව අගතේ විශ්වාස කරන්නීය. "නැහැ, වසර කිහිපයක් යන තෙක් ව්‍යප්තවූ ප්‍රතිශක්තිකරණ ආවරණයකට ළඟාවෙන්න අපට පුළුවන් කමක් නැහැ. යැයි කියන්න ඕනෑම ආණ්ඩුවකට අසීරුයි. කිසිම කෙනෙකුට එහෙම කියන්න ඕන කමක් නැහැ," යැයි ඇය පවසන්නීය.

දත්ත ජනමාධ්‍ය: බෙකී ඩේල් සහ නැසොස් ස්ටයිලියානු විසිනි

An illustration of a needle and a vaccine dose