ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති ට්‍රම්ප්ට තමා වෙනුවෙන් සමාවක් ප්‍රදානය කරගත හැකිද? නීති විශාරදයන් අතර බෙදීමක්
සිය ආධාරකරුවන් කුපිතකොට ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ආක්‍රමණය කිරීම සඳහා යොමු කරනු ලැබීම මුල්කරගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පදවියෙන් නෙරපා දැමිය යුතුව ඇතැයි කෙරෙන ඉල්ලීම් තවත් වැඩිවෙමින් පවතී.
පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජයගත් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්‍ෂක ජෝ බයිඩන් මෙම ජනවාරි 20 දින නව අමෙරිකානු ජනාධිපතිවරයා පදවිය සඳහා දිව්රුම් දීමත් සමඟ රිපබ්ලිකන් පාක්‍ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ඉවත්ව යා යුතුව ඇති අතර ඒ සඳහා තවත් ඇත්තේ දවස් කීපයක් පමණි.
එහෙත් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි ඇතුළු ඩිමොක්‍රටික් පාක්‍ෂික මහජන නියෝජිතයන්ගේ තර්කය වී තිබෙන්නේ ජනවාරි 06 දින කොංග්‍රස් මණ්ඩලයට එල්ලකෙරුන ප්‍රහාරයේ වගකීම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පැවරෙන බවය.
පදවිය දැරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව ඇති ඉතිරි දින කීපය ඔහු පදවියෙන් නෙරපාහරිනු ලැබීමේ ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොවන නමුත්, එම ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාව වී තිබෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහිව තහංචි පනවමින්, වෙනත් හිටපු ජනාධිපතිවරුන් විසින් භුක්තිවිඳිනු ලබන වරප්‍රසාද ඔහුට අහිමිකිරීම සහ අනාගතයේ දී ඇමෙරිකානු පාලනයේ කිසිදු පදවියක් දරනු ලැබීමට ඔහු සුදුසු නොවන චරිතයක් බවට පත්කරනු ලැබීමය.
25 වෙනි ව්‍යවස්ථා සංශෝධනය
කැරලිකාරී හැසිරීමක් සඳහා මිනිසුන් උසිගැන්වීම සැලකිල්ලට ගනිමින් ජනාධිපති ට්‍රම්ප් පදවියෙන් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකානු ව්‍යවස්ථාදායකය වන කොංග්‍රස් මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනේට් සභාවේ ඩිමොක්‍රටික් නායක චක් ෂූමර් (Chuck Schumer) උපජනාධිපතිවරයාගෙන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.
ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වෙනි සංශෝධනය බලගන්වන ලෙස උපජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මතකර ගැනීමට කතානායකවරිය අපේක්ෂා කරයි. ඒ සඳහා පළමු ඡන්ද විමසීම සඳුදා සිදුකිරීමට සැලසුම්කර තිබුණි.
ජනාධිපතිවරයා පදවියේ කටයුතු දිගටම කරගෙන යාමට නොහැකි පරිදි ශාරීරික හෝ මානසික අශක්නුතාවෙන් යුක්ත නම්, උපජනනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 සංශෝධනය බලගැන්විය හැකිය. එවැනි අවස්ථාවක උපජනාධිපතිවරයා වැඩබලන ජනාධිපතිවරයා හැටියට පත්කරගනු ලැබීමට 25 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නෛතික ප්‍රතිපාදන සලසා ඇත.
අඟහරුවාදා (ජනවාරි 12) එවැනි යෝජනාවක් සම්මත කරගනු ඇතැයි බලාපොරොත්තු පළවෙමින් පවතින අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම කරා යොමුවීමට පෙර 25 සංශෝධනය බලගැන්වීම සඳහා උපජනාධිපතිවරයාට පැය 24ක කාලයක් ඉතිරිව තිබුණි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සාකච්ඡාවෙමින් තිබුණේ 25 සංශෝධනයේ හතරවැනි කොටසයි. එම වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා ඔහුට අයත් නිල කාර්යභාරය ඉටුකරනු ලැබීමට නොහැකි තත්වයක පසුවෙන බව ප්‍රකාශයට පත්කිරීමට උපජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයේ බහුතරයට අවසර ලැබෙයි.
ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 සංශෝධනය අනුව, "ජනාධිපතිවරයා ආණ්ඩුකිරීමට හෝ සිය පදවියට අයත් බලතල අනුව කටයුතු කිරීමට සහ නිල කාර්යයන් ඉටුකිරීමට නොහැකි මට්ටමක සිටින" බව පවසමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයාට හෝ වරියට සහ සෙනේට් සභාවේ ප්‍රධානියාට සිය අත්සන් සහිත ලිපියක් මගින් දැනුම්දීමට උපජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට බලය පැවරෙයි. ඒ සමඟ උපජනාධිපතිවරයා ස්වයංක්‍රීය මට්ටමින් වැඩ බලන ජනාධිපතිවරයා හැටියට ජනාධිපති පදවියේ නිල කාර්යය ආරම්භ කරනු ඇත.
එහෙත් එවැනි අවස්ථාවක ජනාධිපති පදවියේ සිටින තැනැත්තාට හෝ තැනැත්තියටත් ලිඛිත මට්ටමින්, ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිචාරය දැක්වීමට ද අවස්ථාව ලැබෙයි. ජනාධිපති පදවියේ සිටි තැනැත්තා හෝ තැනැත්තිය තමාට එරෙහිව ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අභියෝග කරන්නේ නම්, එය තීන්දුකිරීමේ කාර්යය කොංග්‍රස් මණ්ඩලයට පැවරෙයි. එවැනි අවස්ථාවක ජනාධිපතිවරයා ඉවත් කරනු ලැබීමට නම්, ඊට අදාළ ඕනෑම ඡන්ද විමසීමක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනේට් සභාවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත විය යුතුය.
එම සමස්ත ක්‍රියාදාමය නිමවන තෙක් උපජනධිපතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා මට්ටමින් ක්‍රියාකරනු ඇත.
කෙසේවුවද, මේ අවස්ථාව ගත්විට, උපජනාධිපති මයික් පෙන්ස් සහ කැබිනට් මණ්ඩලයේ බහුතරය වීමට අවශ්‍ය මට්ටමින් සාමාජිකයන් අඩුතරමින් අටදෙනෙක්වත් 25 වෙනි සංශෝධනය බලගැන්වීම සඳහා මනාප බවට ඉඟියක්වත් නැත. දැනට වාර්තා වී ඇති ආකාරයට උපජනාධිපතිවරයා එවැනි යෝජනාවකට විරෝධය පළකර ඇත.
දෝෂාභියෝගයක්
උපජනාධිපති පෙන්ස් 25 සංශෝධනය බලගැන්වීමට පියවර නොගත්තොත් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව තවත් දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා තමා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කැඳවන බවක් කතානායිකා නැන්සි පෙලෝසි විසින් අඟවනු ලැබ ඇත.
දෙවැනි වතාවටත් බලයට පත්වීම සහතික කරගැනීම සඳහා යුක්රේනයේ උදව් පැතීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්වරක් දෝෂාභියෝගයක් ඉදිරිපත් විය. එහෙත් සෙනෙට් සභාව විසින් ජනාධිපතිවරයා එකී දෝෂාභියෝගයෙන් මුදාගනු ලැබුණි.
යම්හෙයකින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තවත් දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුනොත් ඔහු ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ දෙවතාවක් දෝෂාභියෝග චෝදනාවන්ට මුහුණදුන් පළමු ජනාධිපතිවරයා හැටියට ඉතිහාසයට එක්වනු ඇත.
එවැන්නක් සිදුවීමට නම්, එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ අදාළ චෝදනා වැඩි ඡන්දයෙන් සම්මත කොට අනතුරුව සෙනේට් සභාවට යොමුකළ යුතුව ඇත.
එය සෙනේට් සභාව තුළ අනුමත වී ජනාධිපතිවරයා පදවියෙන් නෙරපා හැරීමට නම්, එහි තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුය. ජනාධිපතිවරයාට එරෙහි චෝදනාවන්ට ඔහු වැරදිකරු වුනොත්, ඔහු යළිත් ඇමෙරිකානු පරිපාලනයේ කිසිදු තනතුරක් දැරීම තහනම් කෙරෙන ඡන්දයක් විමසීමට සෙනේට් සභාවට බලය ඇත.
ඒ සමඟම එවැනි ඉරණමකට මුහුණදෙන ජනාධිපතිවරයකුට 1958 හිටපු ජනාධිපතිවරුන්ට අදාළ පනත අනුව හිමිවෙන සියලු වරප්‍රසාද අහිමිවෙයි. එම පනත අනුව හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම දීමනාවක්, සෞඛ්‍ය සංරක්‍ෂණයක් සහ අවශ්‍ය ආරක්‍ෂාව ඇමෙරිකානු බදුගෙවන ජනයාගේ මුදලින් සම්පාදනය කෙරෙයි.
ඇමෙරිකානු සෙනේට් සභාවේ රිපබ්ලිකන් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායකයාගේ ආධාරකරුවකුගේ ලේඛනයක් අනුව, දෝෂාභියෝගයකට අදාළව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ලැබෙන ඕනෑම ලිපියක් සෙනෙට් සභාව තුළ සැලකිල්ලට ගැනීමට හැකිවන්නේ ජනවාරි 19 දිනයි. එම දිනය ජනාධිපති ට්‍රම්ප් පදවියෙන් ඉවත්වීමට නියමිත දිනට පෙර දිනයයි.
ජනාධිපති ට්‍රම්ප් පදවියෙන් ඉවත්ව යාමෙන් එක පැයකට හෝ එසේත් නැත්නම් දවසකට පසුව ඔහුට එරෙහිව විභාගයක් සෙනෙට් සභාව තුළ ආරම්භ කළ නොහැකි බවත් එම ලේඛනයේ දැක්වෙයි.
එහෙත්, මේ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභිකයෙක් පවසන්නේ "නව ජනාධිපති ජෝ බයිඩන් ගේ නිලකාලය ආරම්භවීමෙන් පළමු දින 100 ඇතුළත දෝෂාභියෝගයකට අදාළ කිසිදු ලියැවිල්ලක් තම පක්ෂය සෙනේට් සභාවට යොමු නොකරන," බවය.
එමගින් ජෝ බයිඩන්ට සිය කැබිනට් මණ්ඩලය තහවුරුකර ගැනීමට සහ කොරෝනාවෛරසය මැඩලීම ඇතුළු ප්‍රධාන ක්‍රියාමාර්ග ක්ෂණිකව ආරම්භකරනු ලැබීමට අවස්ථාව උදාවෙයි. දෝෂාභියෝගයට අදාළ ලිපිලේඛන ඒ වනවිට සෙනෙට් සභාවට ලැබී ඇත්නම් එහි ප්‍රමාදයක් සිදුවෙයි.
ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්ව යාමෙන් පසුවත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් පෙරට ගෙනයා හැකිද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් අතර මත ගැටුමක් පවතී.
ජනාධිපති ට්‍රම්ප් සිය නිල කාලයේ අවසන් දිනවල තමා වෙනුවෙන් සමාවක් ප්‍රදානය කරගැනීම කෙරෙහි සලකා බලමින් ඇතැයි නම සඳහන් නොකළ පුද්ගලයන් උපුටා දක්වන මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.
ජනාධිපති ට්‍රම්ප් දැනටමත් බොහෝ පරීක්ෂණවලට මුහුණදුන් දේශපාලන චරිතයකි. බදු නිලධාරීන් බැංකු සහ සිය ව්‍යාපාරික හවුල්කරුවන් නොමඟ යැවීම සම්බන්ධයෙන් සිදුකෙරුණ 'නිව්යෝර්ක් විභාගයත්' ඊට ඇතුළත්ය.
එවැනි තත්වයක සිටින ජනාධිපතිවරයකුට තමා වෙනුවෙන් සමාවක් ප්‍රදානය කළ හැකිද?
ඒ සඳහා ඇති කෙටි පිළිතුර "අපි දන්නේ නැහැ" යන්නයි. ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටි වචන සමූහයක් මගින් ඉතා පුළුල් අර්ථකථන සපයයි. ඒ අතරම, ඇමෙරිකානු නායකයෙක් "තමා විසින් තමා සඳහා සමාව දීමක්" ගැන පූර්වාදර්ශයන් නොමැත.
ඉහත කී ප්‍රශ්නයට ඇතැම් නීති විශාරදයන් දී ඇති පිළිතුර වන්නේ "නැත.එවැනි සමාවක් ප්‍රකාශකර ගත නොහැක" යන්නයි. ඔවුන් එම පිළිතුර දෙන්නේ හිටපු ජනාධිපති රිචඩ් නික්සන් පදවියෙන් ඉවත්වීමට දින කීපයකට පෙර අධිකරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත්කරන ලද උපදෙස් උපුටා දක්වමිනි.
"මූලික පාලනයක් යටතේ තමාට අදාළ කාරණයක දී තමා විසින්ම ඊට විනිශ්චයක් දීම සිදුකළ නොහැකි," හෙයින් නික්සන්ට තමා වෙනුවෙන් සමාවක් ප්‍රදානය කරගත නොහැකි බව එකී උපදෙස් මගින් පැවසෙයි.
මේ අතර වෙනත් කණ්ඩායම් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වයං සමාව ප්‍රදානයක් වළක්වා නැති බවය.
2019 දෙසැම්බර් මාසයේ දී සිදු වූ ආකාරයටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි තවත් දෝෂාභියෝගයක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සුළු බහුතර ඡන්දයකින් සම්මත වුනත් එය සෙනේට් සභාව තුළ සම්මතවී ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්කිරීමට අවශ්‍ය තුනෙන් දෙකක විශේෂ බහුතර අනුමැතියක් දිනාගැනීම කිසිසේත්ම සපලවෙන තත්වයක් නොමැත.
රිපබ්ලිකන් පාක්‍ෂික කුඩා සංඛ්‍යාවක් මන්ත්‍රීවරු පදවියෙන් ඉවත්ව යන මෙන් ජනාධිපති ට්‍රම්ප්ට කියා සිටිති. ඔවුන් පවසන්නේ දෝෂාභියෝගයට ඇතුළත් වගන්ති තමන් විසින් සැලකිල්ලට ගන්නා බවය, එහෙත් ට්‍රම්ප් වැරදි ක්‍රියාවකට වැරදිකරු කිරීමට කටයුතු කරන බවක් ඔවුන් කිසිවකු විසින් ප්‍රකාශ කරනු ලැබ නැත.
ව්‍යවස්ථාවේ 25 වන ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීමත් සිදු නොකෙරෙන තත්වයක් දකින්නට ලැබෙයි.
කැබිනට් මණ්ඩලය මෙම කරුණු එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ මට්ටමින් සාකච්ඡාවට ගනු ලැබ ඇති බවට වාර්තා ලැබෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් ඉවත්ව ගොස් ඇත.
එහෙත් ඉතිරි කැබිනට් සාමාජිකයන් ජනාධිපති ට්‍රම්ප් නෙරපාහැරුණු ලැබීමේ ක්‍රියාමාර්ගයක් සමඟ එකතුවෙන හැඩක් දකින්නට නැත.
කියවන්න: