ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සනාථ කරයි
කොරෝනාවෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අධනොම් ඝේබ්‍රෙයෙසුස් කියා සිටියේ පසුගිය සති දෙක ඇතුළත චීනයෙන් පිටත කොරෝනාවෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.
වෛරසය පැතිරයාම පාලනය කිරීම පිණිස "ක්‍රියාත්මක නොවීමේ අනතුරුදායක මට්ටම්" ගැන සිය "බරපතල අවධානය" පළ වී ඇති බව ඔහු කියා සිටියේය.
ලෝක ව්‍යාප්ත වසංගතයක් යනු ලොව පුරා රටවල් ගණනාවක එකම අවස්ථාවේ පැතිරයන රෝගයකි.
"හදිසි සහ දැඩි පියවර" අනුගමනය කරමින් වෛරසය පැතිරයාම පාලනය කිරීමට පියවර ගන්නා මෙන් ඔහු සියලු රටවල ආණ්ඩුවලින් ඉල්ලා සිටියේය.
"මේ වෛරසය පාලනය කළ හැකි බව රටවල් කිහිපයක්ම පෙන්නුම් කරලා තියෙනවා," ඔහු පැවසීය.
"විශාල ප්‍රජා කණ්ඩායම් අතර පැතිරයාම සම්බන්ධයෙන් කටයුතු කරන බොහෝ රටවල් මේ මොහොතේ මුහුණදෙන අභියෝගය ඔවුන් මෙතෙක් කළ දේම කළ හැකිද යන්න නොවේ; ඔවුන් ඒ දේ කරාවිද යන්නයි.'
"සෞඛ්‍ය ආරක්ෂාව, ජනජීවිතයට එල්ලවන බලපෑම අවම කිරීම සහ මනුෂ්‍ය ජීවිතයට ගරු කිරීම අතර සමතුලිතභාවයක් සොයාගැනීමට" ආණ්ඩුවලට සිදුවන බව ද ඔහු පැවසීය.
කියවන්න: