ඉරාන ප්‍රහාර: ඇමෙරිකානු හමුදා වෙත බැලිස්ටික් මිසයිල ප්‍රහාර

ඉරානයෙන් ඇමෙරිකානු හමුදා වෙත මිසයිල් ප්‍රහාර

ඉරාකය තුළ ඇමෙරිකානු හමුදා රැදී සිටින ගුවන් කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝගය අනුව, බැග්ඩෑඩ් නුවරදී සිය ඉහළම හමුදා අණදෙන නිලධාරියෙකු වූ කාසෙම් සුලෙයිමානි ඩ්‍රෝන ප්‍රහාරයකින් මරා දැමීමට ප්‍රති ප්‍රහාරයක් ලෙස මේ ප්‍රහාරය එල්ල කර ඇතැයි ඉරාන රාජ්‍ය රුපවාහිනිය ප්‍රකාශ කළේය.

පෙන්ටගනය පැවසු පරිදි අර්බිල් හා අල් අසාද් යන ප්‍රදේශවල ඇති කඳවුරු දෙකක් ප්‍රහාරවලට ලක්ව තිබේ.

මින් කිසිවකුට හෝ හානි සිදුවී තිබේද යන්න මෙතෙක් පැහැදිලි නැත.

ඉන් අනතුරුව "සැම දේම හොඳින්" යැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප්, හානියට ලක්ව සිටිය හැකිවුන් ගැන තවම තක්සේරු කර නැතැයි ද කියා සිටියේය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

"ජනාධිපතිවරයාට තත්ත්වය පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ වගේම මේ තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ඔහුගේ ජාතික ආරක්ෂක කණ්ඩායම සමග සාකච්ඡා කරනවා" යැයි ධවල මන්දිර ප්‍රකාශිකා ස්ටෙෆනි ග්‍රීෂම් කියා සිටියාය

------------------------------------

කොළඹ - ලන්ඩන් - කොළඹ ගුවන් මාර්ගයේ වෙනසක්

පර්සියානු ගල්ෆ් කලාපය තුළ මේ වන විට පවතින නොසන්සුන් තත්ත්වය හේතුවෙන් කොළඹ - ලන්ඩන් - කොළඹ ගුවන් මාර්ගයේ වෙනසක් සිදු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ඒ අනුව ආරක්ෂක පියවරක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරානය සහ ඉරාකයට අයත් ගුවන් කලාපය මඟ හරිනු ඇත.

මගීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දෙමින්, ජාතික හා ජාත්‍යන්තර බලධාරීන් සමග සබදතා පවත්වා ගනිමින් පවතින පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

--------------------------------------

ඉරානය පවසන්නේ කුමක් ද?

මෙම ප්‍රහාරය සුලේයිමානි ගේ මරණයට එකටෙක කිරීමක් බව ඉරානයේ විප්ලවවාදී හමුදාව පැවසීය.

"ත්‍රස්තවාදී හමුදාවට සිය කඳවුරු දී ඇති, ඉරානයට එරෙහි ප්‍රකෝපකාරී ක්‍රියා ආරම්භ කරන කවර හෝ ප්‍රදේශයක් ඉලක්ක කෙරෙනු ඇති බව ඇමෙරිකාවේ සියලුම හිතවාදී පාර්ශවවලට අපි අනතුරු අඟවනවා" යැයි ඉර්නා (IRNA) රාජ්‍ය පුවත් ඒජන්සිය හරහා නිවේදනයක් නිකුත් කරමින් විප්ලවීය හමුදාව ඒ බව සඳහන් කළේය.

මෙම ප්‍රහාරය ආත්මාරක්ෂාව වෙනුවෙන් කළ එකක් බව ට්විටර් පණිවිඩයකින් කියා සිටි ඉරාන විදේශ ඇමති ජාවඩ් සරිෆ්, පවතින තත්ත්වය යුද්ධයක් දක්වා උත්සන්න කිරීමේ අපේක්ෂාව බැහැර කළේය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මේ තොරතුරු ද දැනගන්න: