රුසියාවේ ව්ලදිමීර් පූතින්: විසි වසරක නායකත්වය පිංතූර විස්සකින්

Putin carrying a sniper rifle while hunting topless

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 2007: 'ස්නයිපර්' අවියක් අතැතිව මොන්ගෝලියානු දේශසීමාව ආසන්නයේ ඇවිද යන ව්ලදිමීර් පූතින්

ජාත්‍යන්තර භූ දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වන ව්ලදිමීර් පූතින් රුසියාවේ නායකත්වයට පත්ව විසි වසරක් සපිරීමට නියමිතය.

එකී කාලය තුළ ඔහු රුසියාවේ ජනාධිපති ධුරය මෙන්ම අගමැති ධුරය ද හොබවා ඇත.

හිටපු KGB ඔත්තුකරුවෙකු ව්ලදිමීර් පූතින් 1999 දෙසැම්බර් 31 ජනාධිපති ධුරයට පත් වූයේ බිල් ක්ලින්ටන් එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හොබවමින් සිටියදීය. එතැන් පටන් මේ දක්වා දශක දෙකක කාලය තුළ ඇමරිකාව තුළ තවත් ජනාධිපතිවරුන් තිදෙනෙකු සහ බ්‍රිතාන්‍යයේ අගමැතිවරුන් පස් දෙනෙකු බලයට පත්ව තිබේ.

පූතින් ජනාධිපති ධුරයට පත් වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයේ කටයුතු කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. ඇයගෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා තවත් තිදෙනෙකු තේරී පත්ව තිබේ.

පහත දැක්වෙන්නේ ව්ලැදිමීර් පූතින් බලයේ සිටි විසි වසර අර්ථ ගන්වන ගෝලීය අර්බුද සහ දෙස් විදෙස් මතභේදවල සිට ක්‍රීඩා ජයග්‍රහණ මෙන්ම ඔහුගේ ප්‍රතිරූපය ඉහළ නංවන ඡායාරූප පිළිබඳ විපරමකි.

Putin shaking hands with Boris Yeltsin

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති බොරිස් යෙල්ත්සින්ගෙන් පසු දෙසැම්බර් 31 වෙනි දින එම ධුරයට පත් වීමට පෙර ව්ලදිමීර් පූතින් 1999 අගෝස්තු මස අගමැති ධුරයට පත් කරනු ලැබිණි

මහල් නිවාස තුළ මාරක බෝම්බ මාලාවක් පුපුරවා හැරීමත් සමග ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව 1999 ඔක්තෝබර් මස දෙවන චෙච්නියානු යුද්ධය දියත් කරද්දී හිටපු KGB නිලධාරී පූතින් ඒ වන විටත් අගමැති ධුරය සඳහා පත් කරනු ලැබ තිබිණි.

ඔහුගේ ජනාධිපති ධුරය හැඩ වූයේ කලබල සහිත දකුණු දිග රුසියාවේ පැවති ගැටුම් මගිනි.

රුසියානු හමුදා විසින් චෙච්නියාවේ ග්‍රොස්නි අගනුවර වටකරනු ලැබීය. ඉන් අනතුරුව 2003 වසරේදී, එක්සත් ජාතීන් විසින් ග්‍රොස්නි අගනුවර හඳුන්වනු ලැබුවේ ලොව වඩාත්ම විනාශයට පත් වූ නගරය වශයෙනි.

Putin flying a fighter jet

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවන චෙච්නියානු යුද්ධය දියත් කර මාස ගණනාවකට පසු පූතින් 2000 මාර්තු මස චෙච්නියාව බලා පියාසර කළේය

වසර ගණනාවක් පුරා රුසියාව කැරලි ප්‍රහාරයන්හි ඉලක්කය වී ඇත. 2004 වසරේදී ජීවිත 330 ක් බිලි ගනිමින් බෙස්ලාන්හි පාසලකට එල්ල කෙරුණු ප්‍රහාරය ඉන් එකකි. ඉන් මරණයට පත් වැඩි දෙනෙකු ළමුන්ය.

ජනාධිපති පූතින් වසර 2009 වන තෙක් චෙච්නියාවේ පැවති යුද මෙහෙයුම් නිල වශයෙන් නිමා නොකළේය.

Putin and cabinet members observe a minute of silence in 2004 after the Beslan school siege

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 2004 සැප්තැම්බර් මස 330 දෙනෙකුට මරු කැඳවමින් බෙස්ලාන්හි පාසලක් වටලා එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඒ වෙනුවෙන් මිනිත්තුවක නිහැඬියාවක නිරත වූ රුසියාවේ කැබිනට් මණ්ඩලය

2000 මාර්තු මස පැවති ජනාධිපතිවරණයෙන් පූතින් සිය ධුරය තහවුරු කර ගත්තේය. ඉන් මාස කිහිපයක් තුළ ඔහුගේ කීර්ති නාමය අර්බුදයකට ලක් විය.

'කුර්ස්ක්' සබ්මැරීන ව්‍යසනයෙන් කාර්ය මණ්ඩලයේ 118 ක් මරණයට පත් වූහ.

Putin meeting relatives of Kursk disaster victims

ඡායාරූප මූලාශ්‍රය, ITAR-TASS/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පූතින් 'කුර්ස්ක්' සබ්මැරීනයේ අණ දෙන නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් හමු වූ නමුත් එම ව්‍යසනය වූ අවස්ථාවේ ඔහු වෙතින් පළ වූ ප්‍රතිචාරය දැඩි ලෙස විවේචනයට ලක් විය

2000 අගෝස්තු මස 'කුර්ස්ක්' සබ්මැරීනය ගිලුණු අතර මරණයට පත් වූවන්ගේ ඥාතීන් වෙත ඒ බව දැන්වීම සඳහා රුසියාවට දින ගණනාවක් ගත විය. එවක කළු මුහුදේ නිවාඩුවක් ගත කරමින් සිටි ජනාධිපති පූතින් සිතා මතාම මව් රට බලා නොපැමිණියේය.

Putin and George W Bush in Texas, 2001

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් 2001 වසරේදී රුසියාවේ නායක පූතින්ට එරට නිල සංචාරයක් සඳහා ආරාධනා කළ අතර නායකයන් දෙපල ජනාධිපති බුෂ් නියෝජනය කළ ටෙක්සාස් ප්‍රාන්තයේ ද චාරිකාවක නිරත වූහ

ජනාධිපති ධුරය හෙබවූ පළමු දස වසර තුළ සමස්තයක් වශයෙන් ව්ලදිමීර් පූතින් හා බටහිර නායකයන් අතර යහපත් සම්බන්ධයක් පැවතිනි.

එසේ වුවත් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය ජනාධිපති පූතීන්ගේ විවේචනයට ලක් විය.

Putin and Berlusconi in warm winter outfits on a trip to a wildlife preserve north of Moscow in 2003

ඡායාරූප මූලාශ්‍රය, ITAR-TASS/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතාලියේ අගමැති සිල්වියෝ බෙර්ලුස්කෝනි (දකුණු පස) ඉරාකය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 2003 වසරේදී රුසියාවේ සංචාරයක නිරත විය
Queen Elizabeth II and Vladimir Putin in a carriage in 2003

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2003 වසරේදී බ්‍රිතාන්‍ය රැජින ද ජනාධිපති පූතින්ට සංචාරයක් සඳහා ආරාධනා කළ අතර 1874 පසු එක්සත් රාජධානියේ නිල සංචාරයක යෙදුනු පළමු රුසියානු නායකයා ඔහුය

ලොව කාර්මික රටවල් අටේ සාමාජිකත්වය තහවුරු කර ගනිමින් සත්කාරක රුසියාවේ පළමු වරට G8 නායක සමුළුවක් පවත්වනු ලැබුවේ 2006 වසරේදීය.

From left to right: Angela Merkel, Tony Blair, Jacques Chirac, Vladimir Putin and George W Bush

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අන්ගෙලා මර්කල්, ටෝනි බ්ලෙයාර්, ජාක් ශිරාක්, ව්ලැදිමීර් පූතින් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් 2008 වසරේ ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති G8 සමුළුව අතරතුර

රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්ලදිමීර් පූතින්ට නොනවත්වා තෙවරක් ජනාධිපති ධුරය දැරිය නොහැක.

ඒ අනුව 2008 වසරේදී, වසර හතරක් සඳහා ඔහු අගමැති ධුරයට පත් විය.

Vladimir Putin (2nd L) looks at a man injured during fighting in South Ossetia during a visit to a field hospital in Vladikavkaz, the provincial capital of the region of North Ossetia

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැතිවරයා වශයෙන් පූතින්, ජෝර්ජියාව අතර පැවති යුද්ධයේදී තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසමින්

ජනාධිපති දිමිත්‍රි මෙද්වේදෙෆ් යනු අන් කවරෙකු හෝ නොව සිය ස්වාමියාගේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා කැපවුණු පූතින්ගේ 'ගෝලයෙකු' බව බොහෝ දෙනාගේ අදහස විය.

බෙදී වෙන් වී සිටි දකුණු අසේතියා කලාපයේ පාලනය යළි ලබා ගනු වස් 2008 වසරේදී ජෝර්ජියාව සිය හමුදා ඒ වෙත යැවූ අවස්ථාවේ රුසියාව ආක්‍රමණශීලී ලෙස ජෝර්ජියාව තුළට කඩා වැදින.

2008 අගෝස්තු මස ආරම්භ වී දින ගණනාවකට පමණක් සීමා වුණු රුසියාව සහ ජෝර්ජියාව අතර යුද්ධය බරහිර රටවල් විසින් සලකනු ලැබුවේ අනතුරක පෙර නිමිත්තක් වශයෙනි. නමුත් පූතින් සහ බටහිර නායකයන් අතර සබඳතා නීරස බවට පත් වූයේ 2014 වසරේදී රුසියාව නැගෙනහිර යුක්‍රේනය වෙත පිවිසීමට ගත් පියවරෙන් අනතුරුවය.

යුක්‍රේනයෙන්, ක්‍රිමියාව අල්ලාගෙන සිය රටට ඈඳා ගැනීමට රුසියාව කටයුතු කිරීම යුරෝපා සංගමයේ සහ එක්සත් ජනපද සම්බාධකවලට හේතු විය. රුසියාවේ G8 සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද එය හේතු විය.

Putin on a big screen announcing the annexation of Crimea

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 2014 වසරේදී යුක්‍රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට ඈඳා ගැනීමට ජනාධිපති පූතින් පියවර ගැනීමත් සමග මත විමසුම්වලට අනුව රට තුළ ඔහුගේ ජනප්‍රියත්වය ත්‍රීව්‍රර ලෙස ඉහළ ගොස් තිබිණි
Putin with a motorcycle gang in Crimea, 2019

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 අගෝස්තු මස රුසියානු නායකයා ඈඳා ගනු ලැබූ ක්‍රිමියාවේදී යතුරු පැදි සවාරියකට එක් වූ අතර එය "අශෝභන ලෙස යුක්‍රේනයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක්" බව යුක්‍රේනය කියා සිටියේය
Volodymyr Zelensky, Emanuel Macron, Vladimir Putin and Angela Merkel in Paris in December 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්‍රේනයේ ගැටුම් ආරම්භ වී පස් වසරකට පසු සටන්වලට තිත තැබීමේ අරමුණින් ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමග මේ මස යළි සාකච්ඡා ආරම්භ විය

සිරියාවේ සිවිල් යුද්ධය ආරම්භ වී සිව් වසරක් ගත වෙමින් තිබියදී රුසියාව, සිය මිත්‍ර පාර්ශ්වය වන සිරියානු ජනාධිපතිට සහය දීම සඳහා මැදිහත් විය.

ඒ ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආණ්ඩුව අවසානය අද්දර සිටියදීය. රුසියානු ප්‍රහාරක යානා සහ අවි ආයුධ සිරියාව වෙත යැවීමට ජනාධිපති පූතින් ගත් තීන්දුව හමුවේ සිරියානු භූමියේ පැවති බල සමතුලිතතාව වෙනස් විය.

Putin with Bashar al-Assad in 2017

ඡායාරූප මූලාශ්‍රය, TASS/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද් වෙත රුසියාවේ සහාය හිමි වීමත් සමග සිරියානු සිවිල් යුද්ධයේ ගමන් මග වෙනස් විය

2016 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට රුසියාව බලපෑම් කර ඇති බව ඇමරිකානු බුද්ධි අංශවල නිගමනය විය.

රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Putin shaking hands with US President Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑම් කළ බවට එල්ල වන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි

එංගලන්තයේදී විෂ ශරීර ගත කර රුසියාවේ හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු මරා දැමීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය 2018 වසරේදී රුසියාවට චෝදනා කළේය.

රුසියාව එම චෝදනාව ද ප්‍රතික්ෂේප කරයි.

Theresa May shaking hands with Vladimir Putin

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාවේ හිටපු ඔත්තුකරුවකු වන සෙර්ගේයි ස්ක්‍රිපාල්ට විෂ ශරීර ගත කරවීමත් සමග එක්සත් රාජධානියේ එවක අගමැතිනිය තෙරේසා මේ සමග පැවති සබඳතා පැහැදිලි ලෙස අයහපත් අතට හැරිණි

තමා සහ රුසියාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට රුසියානු ජනාධිපතිවරයා සිය ධුර කාලය තුළ කටයුතු කර තිබේ. වසර ගණනාවක් තුළ නායක පූතින් විසින් නිකුත් කරන ලද ඡායාරූප මගින් ඔහු ශක්තිමත් පුද්ගලයෙකු බව පෙන්වීමට උත්සහ කර ඇත.

රුසියාවේ හිටපු ඔත්තුකරුවකු වන සෙර්ගේයි ස්ක්‍රිපාල්ට විෂ ශරීර ගත කරවීම සමග එක්සත් රාජධානියේ එවක අගමැතිනිය තෙරේසා මේ සමග පැවති සබඳතා පැහැදිලි ලෙසම අයහපත් අතට හැරිණි.

Putin frolicking in the snow with his dogs, 2013

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු නායකයාගේ මෘදු බව ප්‍රදර්ශනය කරමින් ඔහු සිය බලු සරතුලුන් වන බෆී සහ යුමේ සමග හිම ක්‍රීඩා කරන අයුරු
Vladimir Putin slipping while playing ice hockey

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පූතින් සිය ක්‍රීඩා දක්ෂතා ප්‍රදර්ශනය සිය ධුර කාලය තුළ අයිස් හොකී සහ ජූඩෝ තරගවලට සහභාගි වෙමින් ක්‍රීඩා දක්ෂතා ප්‍රදර්ශනය කළේය
Vladimir Putin on horse, on holiday near Kyzyl in southern Siberia, 3 Aug 09

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ රුසියානුවන් ප්‍රියකරන හැඩිදැඩි පුරුෂ ලක්ෂණ සහිත ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීමට පූතින් සමත් විය

2014 වසරේ පැවති හිම ඔලිම්පික් උළෙලේ සත්කාරක රට බවට පත්වෙමින් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ රුසියාවේ නම තැබීමට ද ඔහු කටයුතු කර තිබේ.

සෝචි හිම ඔලිම්පික් උළෙල සාර්ථකව නිම වූ නමුත් තහනම් උත්තේජක සම්බන්ධයෙන් රුසියානු ක්‍රීඩකයන්ට චෝදනා එල්ල විය.

සියලුම ප්‍රධාන තරගවලට සහභාගී වීම වළකා රුසියාවට සිව් වසරක තරග තහනමක් පැනවීමට ලෝක උත්තේජක මර්දන ඒජන්සිය පසුගිය සතියේදී කටයුතු කළේය.

රුසියාවේ මළල ක්‍රීඩකයන් සම්බන්ධයෙන් "රාජ්‍ය අනුග්‍රහය යටතේ" උත්තේජක ලබා දී ඇති බව 2015 වසරේ නිකුත් කළ වර්තාවක දැක්විණි. ජනවාරි මස ලබා දුන් පර්යේෂණාගාර දත්ත සිතාමතාම වෙනස් කර ඇතැයි සොයා ගෙන ඇති බවත් එහිදී කියවිණි.

Putin gesturing at the World Cup trophy

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක රට වශයෙන් රුසියාව කටයුතු කළ අතර එහිදී ජනාධිපති පූතින් කළ කාර්ය භාරය කැපී පෙනිණි

2018 වසරේ පැවති ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ජාත්‍යන්තර මට්ටමෙන් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වුවත් තහනම් උත්තේජක අපචාරය හමුවේ 2022 වසරේ කටාර්හි පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු කුසලානයට සහභාගී වීමට රුසියාවට අවස්ථාව උදා නොවනු ඇත.

ඡායාරූප: සියලුම හිමිකම් ඇවිරිණි.