ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සවේටිව් පක්ෂයට සමස්ත බහුතරය හිමි වෙයි
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සවෙටිව් පක්ෂය සමස්ත බහුතර ජයග්‍රහණයක් හිමි කරගෙන තිබේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650ක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා බ්‍රහස්පතින්දා මහ මැතිවරණය පැවැත්විණි.
මහ මැතිවරණයෙන් සමස්ත බහුතරය දිනා ගත හැක්කේ, ආසන 326ක් ජය ගන්නා පාර්ශවයටය.
මේ වන විට ආසන 649ක ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන් ආසන 364ක් කොන්සවේටිව් පක්ෂයට හිමි වී තිබේ.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, මෙම ප්‍රතිඵලය තුළින් බ්‍රිතාන්‍යය ලබන මාසයේදී යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීම සඳහා තමන්ට ජන වරමක් හිමි වන බවය.
මේ අතර, කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් පැවසුවේ, කම්කරු පක්ෂයට "බලාපොරොත්තු සුන් වූ රාත්‍රියක් උදාවූ" අතර තමන් ඉදිරි මැතිවරණවලදී පක්ෂයට නායකත්වය නොදෙන බවය.
වසර 5කට අඩු කාලයකදී එක්සත් රාජධානියේ පැවැත්වෙන තෙවන මහ මැතිවරණය බ්‍රහස්පතින්දා (දෙසැ: 12) පැවැත්විණි.
මීට පෙර 2015 සහ 2017 වසරවලදී ද එක්සත් රාජධානියේ මහ මැතිවරණය පැවැත්විණි.
එංගලන්තය, වේල්ස්, උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තය පුරා මැතිවරණ කොට්ඨාස 650ක් වෙනුවෙන් ඡන්ද විමසීම සිදු කරන ලදි.