ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉතාලියේ 'මෝදෙනා ආදරවන්තයන්' දෙදෙනාම පුරුෂයන් බව හෙළිවේ
'මෝදෙනාහි ආදරවන්තයන්' ලෙස හඳුන්වන අත් අල්ලාගෙන සිටින යුවළේ අස්ථි පුරුෂයන්ගේ බව පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ.
2011 වසරේ ඉතාලියෙන් හමුවූ අස්ථි දැඩි ලෙස දිරාපත් වී තිබීම නිසා ස්ත්‍රී පුරුෂභාවය සොයා ගැනීමට නොහැකි විය.
නමුත් නව උපක්‍රමයක් ලෙස දත්වල පිට සිවියේ ප්‍රෝටීන් භාවිත කරමින් ඔවුන්ගේ ලිංගිකත්වය හෙළි කරගෙන තිබේ.
ක්‍රිස්තු පූර්ව 4 - 6 වෙනි සියවසේ දිවි ගෙවූ බවට සැක කෙරෙන මෙම යුවළ අතර තිබූ සම්බන්ධතාව තවමත් අභිරහසක් ලෙස පවතී.
දෙඅත් පටලවාගත් මෙම පුරුෂයන් යුවළ දැනුවත්ව භූමදානය කර ඇතැයි පර්යේෂකයෝ පවසති.
මොවුන් දෙදෙනා සහෝදරයන්, ඥාතීන් හෝ යුද්ධයේ දී එකවර මියගිය හමුදා සෙබළුන් දෙදෙනෙකු ලෙස උපකල්පන ඉදිරිපත් වී ඇතැයි පර්යේෂණ මෙහෙයවන Federico Lugli ඉතාලියේ රායි පුවත් සේවයට පවසා තිබිණි.
ඔවුන් භූමදානය කර තිබෙන ස්ථානයේ යුද සෙබළුන්ගේ සුසාන භූමියක් පිහිටා තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ පවසති.
පුරාණයේ ඉතාලියේ පැවති අවමංගල්‍ය චාරිත්‍ර ගැන ද මෙමගින් අදහසක් ලබා ගත හැකි බව ඉතාලියේ බොලොග්නා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් නිකුත් කළ වාර්තාවක සඳහන් වී තිබේ.