ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිලන්ත රජතුමාගේ වල්ලභ ස්ත්‍රියගේ දුර්ලභ ඡායාරූප පෙළක් එළිදැක්වේ
තායිලන්ත රජතුමාගේ වල්ලභ ස්ත්‍රියගේ දුර්ලභ ඡායාරූප පෙළක් පළ කිරීමත් සමඟ අති විශාල පිරිසක් මාලිගාවේ වෙබ් අඩවියට පිවිසීම හේතුවෙන් වෙබ් අඩවිය බිඳ වැටී ඇතැයි වාර්තා වේ.
34 හැවිදිරි සීන්නීනාත් වොන්වෂිරාපක්දි (Sineenat Wongvajirapakdi) ප්‍රහාරක ගුවන් නියමු ඇඳුමකින් සහ ආයුධ සන්නද්ධ හමුදා ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප වෙබ් අඩවියේ පළ කර තිබිණ.
67 හැවිදිරි තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජු සුතිදා රැජින සමග විවාහ වී දෙමසකට පසු පසුගිය ජූලි මස සීන්නීනාත් වොන්වෂිරාපක්දිට සිය නිල සහකාරිය තනතුර පිරිනැමීය.
සුතිදා රැජින තායිලන්ත රජුගේ සිව්වන බිරිඳය.
සිය වසරකට ආසන්න කාලයකින් පසු පළමු වරට රාජකීය නිල සහකාරිය තනතුරට පත් කළ සීන්නීනාත් වොන්වෂිරාපක්දි හමුදාවේ මේජර් ජෙනරාල්වරියකි.
අදාළ ඡායාරූප පළ කර තිබූ වෙබ් අඩවියට අති විශාල පිරිසක් පිවිසීම නිසා එය බිඳ වැටුණු බව රොයිටර් පුවත් සේවය පවසයි.
ඡායාරූප සමග ඇයගේ චරිතාපදානය ද වෙබ් අඩවියේ පළ කර තිබිණි.
පුහුණු ගුවන් නියමුවරියක්, හෙදියක් සහ ආරක්ෂක නිලධාරිනියක වන සීන්නීනාත් වොන්වෂිරාපක්දිගේ "චරිතාපදානය ලියා තබන ලෙසට" තායිලන්ත රජු නියම කළ බව මාලිගාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ තොරතුරුද කියවන්න:
හිටපු ගුවන් සේවිකාවක සහ රජුගේ ආරක්ෂක අංශයේ උප ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ 41 හැවිදිරි සුතිදා රැජින මහා වජිරලොංකොර්න් රජුගේ දීර්ඝ කාලීන සහකාරිය වන අතර, වසර ගණනාවක සිට ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ දැක ගත හැකි විය.
දිගු කලක් තායිලන්තයේ සිහසුන අරා සිටි පූමිපොන් අදුන්යදේජ් රජුගේ අභාවයෙන් අනතුරුව ඔහුගේ පුතු වන මහා වජිරලොංකොර්න් හට 2016 වසරේදී සිහසුන උරුම විය.
තවත් තොරතුරු: