ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමරිකානු වීසා ලබා ගැනීමට නම් සමාජ මාධ්‍ය පැටිකිරියත් දෙන්න
එක්සත් ජනපදයට ඇතුළුවීම සඳහා වීසා අයදුම් කරන්නන් සියලුදෙනාම පාහේ තමන් භාවිතා කරන සමාජ මාධ්‍ය පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් කළ යුතු බවට නව නීති පනවා තිබේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ වීසා අයදුම්කරුවන් විසින් භාවිතා කරනු ලබන සියලුම සමාජ මාධ්‍ය නාමයන් (Usernames) ඉදිරිපත් කළ යුතු බවය.
මීට අමතරව වසර පහක් ඇතුළත භාවිතා කළ විද්‍යුත් තැපෑල ලිපිනයන් (ඊමේල්) සහ දුරකථන අංක සියල්ලම හෙළිදරව් කළ යුතුව තිබේ.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ස්
පසුගිය වසරේ මෙම නීති යෝජනා කෙරුණු අවස්ථාවේ දී බලධාරීන් ඇස්තමේන්තු කොට තිබුණේ වසරකට වීසා අයදුම්කරුවන් මිලියන 14.7කට පමණ මෙම නව නීතිය බලපානු ඇති බවය.
ඇතැම් රාජ්‍යතාන්ත්‍රික සහ රාජ්‍ය සේවා අයදුම්කරුවන්ට මෙම දැඩි නීතිය බල නොපානු ඇත.
කෙසේ නමුත් එක්සත් ජනපදයට යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ රැකියා සඳහා යන සියලු දෙනා මෙම නීතියට යටත් විය යුතුය.
ඒ අනුව තම සමාජ මාධ්‍ය ගිණුම් සියල්ල පිළිබඳව තොරතුරු තමා විසින් ම අනාවරණය කරනු ලැබිය යුතු අතර යම් කෙනෙකු අසත්‍ය තොරතුරු ලබා දීමක් හෝ තොරතුරු වසන් කිරීමක් සිදු කළහොත් ඊට "බරපතළ ප්‍රතිවිපාක" විඳීමට සිදුවනු ඇති බව බලධාරීන් අවධාරණය කර තිබේ.
මේ ගැනත් කියවන්න:
ස්වයං වාරණය
ට්‍රම්ප් පරිපාලනය යටතේ මෙම නව නීති මුලින්ම යෝජනා කෙරුණේ 2018 වසරේදී ය.
එවකට ඇතැම් විවේචකයන් ප්‍රකාශ කර තිබුණේ මෙවැනි දැඩි නීති මගින් ජනතාව සමාජ මාධ්‍ය තුළ ස්වයං වාරණයකට යොමු කරවන බවය.
ඇමරිකානු සංක්‍රමණ නීති රීති තවදුරටත් දැඩි කරන බව 2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල දී අවධාරණය කළේය.
මෙක්සිකෝව සහ ඇමරිකාව අතර දේශ සීමාවේ තාප්පයක් ඉදි කිරීම ද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතරින් එකකි.