මියන්මාරය: ගුවන් නියමුවාගේ දක්ෂතාව 89 දෙනෙකුගේ දිවි බේරයි

ගුවන් නියමුවාගේ දක්ෂතාව නිසා 89 දෙනෙකුගේ දිවි බේරෙයි

ඡායාරූප මූලාශ්‍රය, BBC/Nay Min

ගොඩ බැස්වීමේදී ක්‍රියාත්මක කරන ගියරයේ ඇති වූ දෝෂයක් නිසා ඉදිරිපස රෝද ක්‍රියාත්මක නොවූ ගුවන් යානයක් ආරක්ෂිතව ගොඩ බැස්වීමට මියන්මාර් ගුවන් නියමුවෙකු සමත්ව තිබේ.

එහිදී ගුවන් යානය නතර කිරීමට පෙර එය ලිස්සා ගොස් මැන්ඩලේයි ගුවන් තොටුපළේ ගුවන් යානා ධාවන පථය මත නතර වී තිබිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

එම්බ්‍රයර් 190 වර්ගයේ එම ගුවන් යානයේ සිටි මගීන් 89 දෙනා නිරුපද්‍රිතව ගොඩ බැස්වීම හේතුවෙන් ගුවන් නියමුවාට ප්‍රසංශාව හිමි වී තිබේ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip X post, 3

End of X post, 3

මියන්මාර් ජාතික ගුවන් සේවය පැවසුවේ, ගුවන් යානයේ සිදුව තිබූ දෝෂය සම්බන්ධයෙන් දැනුවත් කරන තෙක් ගුවන් නියමු කපිතාන් මයට් මෝ අවුං දෙවරක් ගුවන් තොටුපළ වටා ගුවන් යානය පියාසර කරවූ බවය.

එම ගුවන් යානය යැන්ගොන් ගුවන් තොටුපළේ සිට මැන්ඩලේයි ගුවන් තොටුපළ දක්වා පියාසර කර තිබේ.

ගුවන් නියමුවා හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති අතර, ගුවන් යානයේ බර අඩු කිරීම සඳහා වැඩිපුර තිබූ ඉන්ධන අඩු වන තුරු ගුවන් යානය වැඩි වේලාවක් පියාසර කර ඇත.

වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, ගුවන් යානයේ ඉදිරිපස පොළොවේ ගැටීමට පෙර එහි පසුපස රෝද මගින් යානය ගුවන් යානා ධාවන පථය මතට ගොඩ බස්වන ආකාරයයි. යානය ඉන්පසු තත්පර 25ක් පමණ කාලයක් ලිස්සා යන අයුරු දක්නට ලැබේ.

"ගුවන් නියමුවා විශිෂ්ට දෙයක් කළේ," මියන්මාර් ප්‍රවාහන අමාත්‍ය වින් ඛාන්ත් රොයිටර් පුවත් සේවයට පැවසීය.

මෙය සතියක කාලයක් තුළ මියන්මාරයේ සිදුවූ දෙවන ගුවන් යානා අනතුරය. පසුගිය බදාදා දිනයේදී බංග්ලාදේශ ගුවන් සමාගමේ ගුවන් යානයක් අයහපත් කාලගුණය හේතුවෙන් යැන්ගොන් ගුවන් ධාවන පථයේ ලිස්සා යාමෙන් පුද්ගලයින් 17 දෙනෙක් තුවාල ලැබූහ.

තවදුරටත් කියවන්න.