බෝයිං 737 මැක්ස් ගුවන් යානාවලට නව මෘදුකාංගයක් යෙදීමට නිෂ්පාදක සමාගම සැරසෙයි

A Boeing 737 MAX 8 airliner lifts off for its first flight in January 2016

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආන්දෝලනයට ලක්ව තිබෙන බෝයිං 737 මැක්ස් ගුවන් යානා සඳහා මේ මස අග වන විට නව මෘදුකාංග පද්ධතියක් යෙදීමට අපේක්ෂා කරන බව බෝයිං සමාගම පවසා තිබේ.

පුද්ගලයින් 157 දෙනෙකුට මරු කැඳවූ ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසුව එම වර්ගයේ ගුවන් යානා පියාසර කරවීම අත්හිටුවන ලදි.

පුද්ගලයින් 157 දෙනෙකුට මරු කැඳවූ ඉතියෝපියානු ගුවන් අනතුර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පුද්ගලයින් 157 දෙනෙකුට මරු කැඳවූ ඉතියෝපියානු ගුවන් අනතුර

ගුවන් අනතුර සම්බන්ධයෙන් පළවූ වාර්තා මගින් තහවුරු වන්නේ, මෘදුකාංග යාවත්කාලීන කිරීමක් මගින් එහි ක්‍රියාකාරීත්වය සීමා විය හැකි බවය.

ඉන්දුනීසියාවේදී මුහුදට කඩා වැටුණු ලයන් එයාර් 737 මැක්ස් ගුවන් යානයේ ද භාවිත වී ඇත්තේ එම මෘදුකාංගයයි.

විමර්ශකයින් පවසන්නේ, එම ගුවන් අනතුරු දෙක අතර "පැහැදිලි සමානකම්" පවතින බවය.

ගුවන් නියමුවන්ට පුහුණුවක්

Boeing

"අපි ඉක්මනින් මෘදුකාංග යාවත්කාලීන කිරීමක් කරනවා. ඒ වගේ ම 737 මැක්ස් ගුවන් යානය සම්බන්ධයෙන් ගුවන් නියමුවන්ට පුහුණුවක් ලබා දෙනවා. මේ ගුවන් අනතුරු ගැන සොයා ගත් කරුණු ගැන එහිදී අවධානය යොමු කරනවා," බෝයිං සමාගමේ සභාපති ඩෙනිස් මුයිලන්බර්ග් විවෘත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඔහු පැවසුවේ, අදාළ බලධාරීන් සහ නියාමන ආයතන සමග "සම්පූර්ණ සහයෝගයකින්" බෝයිං සමාගම ක්‍රියා කරන බවය.

ඒ අනුව, ගුවන් නියමු කුටියේ අනතුරු ඇඟවීම් පද්ධතිය වෙනස් කිරීමට නියමිත අතර, ගුවන් කාර්ය මණ්ඩලයේ මෙහෙයුම් අත්පොත යාවත්කාලීන කරනු ඇත. ඊට අමතරව, ගුවන් නියමුවන්ට පරිගණක පදනම් වූ පුහුණුවක් ලබා දීමට ද නියමිතය.

737 මැක්ස් ගුවන් යානා තවත් කෙතරම් කාලයක් තහනම් කර තිබේ ද යන්න පැහැදිලි නැත.

ඉතියෝපියානු ගුවන් අනතුරේ සාක්ෂි

ඉතියෝපියානු ගුවන් අනතුර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉතියෝපියාවේදී අනතුරට පත් ගුවන් යානයේ පටිගත වූ සාක්ෂි ප්‍රංශ විශේෂඥයින් පිරිසක් මේ සතියේදී ලබා ගත් අතර, මේ සම්බන්ධයෙන් මූලික වාර්තාවක් අප්‍රේල් මැද වන විට නිකුත් කිරීමට ඔවුහු අපේක්ෂා කරති.

යානයේ කළු පෙට්ටිය පරීක්ෂණයට ලක් කළ විමර්ශකයින් අඟහරුවාදා පැවසුවේ, මීට පෙර සිදුවූ ගුවන් අනතුර සහ මෙම අනතුර අතර "පැහැදිලි සමානකම්" පවතින බවය.

මේ පිළිබඳව පර්යේෂණ සිදු කරන ප්‍රංශ ආයතනය එම අනතුරු දෙකෙහි සාමනකම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් පවසා නොමැත.

පසුගිය සතියේදී ඉතියෝපියාවේදී මෙන් ම පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දුනීසියාවේදී ද ගුවන් යානා කඩා වැටුණේ, ගුවන්ගත වී මිනිත්තු කිහිපයක් ඇතුළතදීය.

ලයන් එයාර් ගුවන් අනතුරේදී සිදු වී තිබුණේ, ගුවන් නියමුවාට නව මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් ගැටලු මතු වූ හෙයිනි.

බෝයිං 737 මැක්ස්, ගුවන් ගමන්වලට අලුතින් එක් වූ ගුවන් යානයකි. එය වාණිජමය වශයෙන් භාවිතයට එක් වූයේ 2017 වසරේ සිටය.

බෝයිං 737 මැක්ස්