ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බෝයිං 737 මැක්ස් ගුවන් යානා සියල්ල අත්හිටුවීමට නිෂ්පාදක සමාගම තීරණය කරයි
ඉතියෝපියානු ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් නවතම සාක්ෂි අනාවරණය වීමෙන් පසු බෝයිං 737 මැක්ස් මාදිලියේ සියලු ගුවන් යානා භාවිතය අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබේ.
ඇමෙරිකානු සමාගමක් වන බෝයිං නිවේදනය කර සිටියේ තමන් නිෂ්පාදනය කර ඇති බෝයිං 737 මැක්ස් ගුවන් යානා 371 ම තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන බවය.
මෙම තීරණයට එළඹීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් නවතම සාක්ෂි ද බලපෑ බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය පැවසුවේය.
බොහෝ රටවල් එම ගුවන් යානා භාවිතය අත්හිටුවීමට කඩිනම් පියවර ගනිමින් සිටියදී, ඇමෙරිකානු ෆෙඩරල් සිවිල් ගුවන් සේවා අධිකාරිය එම පියවර ගැනීම පමා කර තිබිණි.
පසුගිය ඉරිදා ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේදී සිදු වූ මෙම ගුවන් අනතුරෙන් පුද්ගලයින් 157 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පසුගිය ඔක්තෝබර් මාසයේ ද, එම වර්ගයේ ගුවන් යානයක් ඉන්දුනීසියාවේදී අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 189 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මාස 5ක් ඇතුළත එවැනි ගුවන් යානයක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග
අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට ලෝකයේ රටවල් කිහිපයක් ගෙන තිබූ පියවර සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය බදාදා නිවේදනය කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව බෝයිං වර්ගයේ ගුවන් යානා නොමැති නමුත් බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිත කරන සමාගම් 6ක් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වල නිරතව සිටි අතර එම සමාගම් අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවා ඇති බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.
ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන හෝ ඉන් පිටව යන මගීන්ට මේ අවස්ථාවේ අවදානමක් නොමැති බව එම අධිකාරිය පවසයි.
කෙසේ වෙතත්, ඉතියෝපියානු ගුවන් යානය අනතුරට ලක් වීම සහ ඊට පසුව ඇති වූ තත්ත්වය කෙරෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය තවදුරටත් අවධානයෙන් පසු වන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය අනාවරණය කර ගත්තේ කුමක් ද?
ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය එක්ව ඉතියෝපියානු ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක නිරත විය.
ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරියේ ඩෑන් එල්වෙල් බදාදා පැවසුවේ, "සෑම පාර්ශවයකට ම පැහැදිලි කාරණයක් තමයි, ඉතියෝපියානු ගුවන් යානයේ ගමන් මග කෙටි එකක්. මේ සිද්ධිය මීට පෙර අනතුරට ලක් වූ ලයන් එයාර් ගුවන් අනතුරට සමානයි," යනුවෙනි.
"අපි සොයා ගත් සාක්ෂිවලින් තවත් පෙනී ගියා ලයන් එයාර් සිද්ධියට මේක ගොඩක් සමානයි කියලා."
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ, "අලුතින් සොයා ගත් තොරතුරු, භෞතික සාක්ෂි සහ වෙනත් පැමිණි සැලකිල්ලට ගනිමින්" ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය මෙම තීරණයට එළඹි බවය.
එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, චීනය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් මීට පෙර එම ගුවන් යානා භාවිතය අත්හිටවූ අතර එම රටවල් අතරට අලුතින් ම එක් වූ රට වන්නේ, ඇමෙරිකාවය.
මේ අතර, ගුවන් අනතුර සම්බන්ධයෙන් සාක්ෂි ලැබුණු බවට කැනඩාවේ ප්‍රවාහන අමාත්‍ය මාර්ක් ගාන්යෝ පැවසීමෙන් පසු එරට ද බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිතය බදාදා සිට අත්හිටුවීය.
ඔහු සඳහන් කළේ, අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් යානය පියාසර කළ ආකාරය සහ කැනඩාවේ භාවිත කරන බෝයිං 737 මැක්ස් ගුවන් යානාවල පියාසර කරන ආකාරය සමාන බව පෙනී යන බවය.
බෝයිං 737 මැක්ස් ගුවන් යානයේ සැකැස්ම
බෝයිං 737 මැක්ස් ගුවන් යානය ගුවන් ගමන්වලට අලුතින් එක් වූ එකකි. එය වාණිජමය වශයෙන් භාවිතයට එක් වූයේ 2017 වසරේ සිටය.