ජමාල් කෂෝගි ඝාතනය: "නියෝග දී ඇත්තේ සෞදි ඔටුන්න හිමි කුමරු" - CIA

ඡායාරූප මූලාශ්‍රය, AFP
මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කර ඇත්තේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ නියෝගයකට අනුව යැයි ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය විශ්වාස කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
CIA ආයතනයෙන් ලැබී ඇති තොරතුරු අනුව ඝාතනය පිළිබඳ සාක්ෂි විස්තරාත්මකව අධ්‍යයනය කර තිබේ.
කෙසේවෙතත්, සෞදි අරාබිය පවසන්නේ මෙය අසත්‍යයක් බවය.
එම ඝාතන සැලසුම පිළිබඳව ඔටුන්න හිමි කුමරු දැන නොසිටි බව සෞදි අරාබිය වැඩිදුරටත් පවසයි.
මේ අතර අදාළ ඝාතනයට වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට පමුණුවන බවට ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රතිඥා දී තිබේ . ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ පැපුවා නිව්ගිනියාවේ සමුළුවකට සහභාගී වී සිටි අතරතුරදීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඔක්තෝබර් 02 වෙනිදා කෂෝගි ඝාතනයට ලක් වූයේ, තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදීය.
ඔහුගේ මෘත ශරීරය මෙතෙක් හමුවී නොමැත.
සෞදි රජය චෝදනා කළේ, කෂෝගී ඝාතනය "ව්‍යාජ නියෝජිතයින්" පිරිසකගේ ක්‍රියාවක් බවටය.
සෞදි රජයට විවේචන එල්ල කළ මාධ්‍යවේදියෙකු වූ කෂෝගිගේ ඝාතනය, සෞදි බුද්ධි අංශ නිලධාරීන් විසින් ප්‍රවේශමින් සැලසුම් කළ "දේශපාලනික ඝාතනයක්" බව තුර්කි ජනපති ටායිප් අර්දොවාන් මීට ඉහතදී පැවසීය

ඡායාරූප මූලාශ්‍රය, cnn
.
මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැක්වූ ප්‍රතිචාරය "ලෝක ඉතිහාසයේ දුර්වලතම සැඟවීම" ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට ඉහතදී හඳුන්වා දෙනු ලැබ තිබිණි.
කෂෝගි සේවය කළ 'ද වොෂිංටන් පොස්ට්' කියා සිටින්නේ ඇමරිකාවේ සිටින සෞදි තානාපති ඔටුන්න හිමි කුමරුගේ සහෝදර ඛලීද් බින් සල්මාන් කුමරු විසින් ගන්නා ලද දුරකතන ඇමතුමක් CIA තක්සේරුවට අඩ වශයෙන් පදනම් වී ඇති බවය.
සිය සහෝදරයාගේ මග පෙන්වීම යටතේ ඛලීද් කුමරු කෂෝගි වෙත දුරකතන ඇමතුමක් ලබා ගෙන ඇති බවත් ඔහුට ආරක්ෂා සහිතව කොන්සල් කාර්යාලය වෙත යා හැකි බවට ඛලීද් කුමරු එහිදී සහතික වී ඇති බවත් පැවසේ.









