සිරුරට යහපත් මෙන්ම යහපත්වන නැතුවම බැරි 'කැලරි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කැලරි පුද්ගලයාට ශක්තිය සපයයි. ඒ අනුව සාමාන්‍යයෙන් කාන්තාවකට දිනකට කිලෝ කැලරි 2,000 ක් පමණ අවශ්‍යවන අතර පිරිමියෙක්ට කිලෝ කැලරි 2,500 ක් පමණ අවශ්‍යවේ.
නමුත් අතිරේක කැලරි ස්ථුල භාවයට හේතු විය හැකි බැවින්, ලබා ගන්නා කැලරි ප්‍රමාණය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
එම සෞඛ්‍ය සේවා නිර්දේශ කරන්නේ (කිලෝ කැලරි);
400 ක් උදැසන ආහාරයෙන් ද
600 ක් දිවා ආහාරයෙන් ද
600 ක් රාත්‍රී ආහාරයෙන් ද
400 - 900 ත් අතර ප්‍රමාණයක් දිනය පුරා විටින් විට ලබා ගන්නා කෙටි ආහාර සහ පාන මගින් ලබා ගන්නා ලෙසත් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආහාර ඇසුරුම් මත අදාළ ආහාරවල අඩංගු කිලෝ කැලරි ප්‍රමාණය සටහන්ව තිබෙන නමුත්, සෞඛ්‍ය සම්පන්න තෝරා ගැනීම තරමක් සංකීර්ණ විය හැකිය.
ග්‍රෑම් 30 ක් පමණ ඇට වර්ගවල කිලෝ කැලරි 174 ක් පමණ ඇතුළත් වේ. බිස්කට් වැනි දෙයක් වෙනුවට ඇට වර්ග ආහාරයට ගැනීම මගින් ගුණාත්මක කැලරි ප්‍රමාණයක් ලැබීය හැකි බව බ්‍රිතාන්‍ය පෝෂණ පදනම (British Nutrition Foundation) පවසයි.
අලිගැට පේර තුළ හොඳ පෝෂ්‍ය ගුණයක් සහ අනෙක් නැවුම් පළතුරු සහ එළවළු බොහොමයකට වඩා "ගුණයෙන් උසස්" කැලරි අඩංගුවී තිබේ.
සැමවිටම නොවුනද, ඉහළ කැලරි ප්‍රමාණයක් සහිත ආහාර පෝෂ්‍ය ගුණයෙන් අඩුය. එසේම අඩු කැලරි අඩංගුයැයි සටහන් කර අළෙවි කරන ආහාරවල තත්ත්වය ද එසේමය.
අඩු කැලරි ප්‍රමාණයක් යනුවෙන් හඳුන්වන්නේ;
- ආහාරයක කිලෝ කැලරි 40 ට අඩුවීම.
- පානයක් නම් මිලි ලීටර් 100 ට කිලෝ කැලරි 20 ක් වීම.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඵලයක් නොමැති කැලරි
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට විශේෂඥයන් බොහෝ විට මත්පැන් උදාහරණයට ගනී. නමුත්, ඉහළ සීනි ප්‍රමාණයක් තිබුණ ද පෝෂ්‍ය ගුණයෙන් තොර ඕනෑම ආහාරයක් හෝ පානයක්, ඵලයක් නොමැති කැලරි ලෙස සැලකේ.
කුඩා ලොලිපොප් එකක් තුළ කිලෝ කැලරි 45 ක් පමණ අඩංගු වන අතර එය ඇපල් ගෙඩියක ඇති ප්‍රමාණයට වඩා මදක් වැඩිය. නමුත් ඇපල්වල ඇති කැලරි පෝෂ්‍යදායී නමුත් ලෝලිපොප්වල එසේ නොවේ.
සැඟවුණු කැලරි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සැඟවුණු කැලරි යනුවෙන් හැඟවෙන්නේ සාමාන්‍යයෙන් අපේක්‍ෂිත මට්ටම ඉක්මවා ආහාර හෝ බීම තුළ කැලරි අඩන්ගුවී තිබීමය.
ඒ අනුව ග්‍රෑම් 125 ක අඩු මේද සහිත පළතුරු යෝගට් එකක කිලෝ කැලරි 100 ට වඩා තිබිය හැකිය.
නිවැරදි කරගැනීම
බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය සේවා නිර්දේශ අනුව පෝෂ්‍යදායී ආහාරවේලක;
- පළතුරු සහ එළවලු වැඩි ප්‍රමාණයක් ද
- බත්, පැස්ටා, ධාන්‍යවලින් සැකසු පාන් වැනි පිෂ්ටය සහිත ආහාර ද
- මස්, මාලු, කිරි වැනි යම් ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත ආහාර ද
- ඉතා සුළු ප්‍රමාණයක් මේද සහිත ආහාර ද තිබිය යුතුය.
ආහාරයට නොගත යුතු දෑ;
- පැණි බීම
- මත්පැන්
- සීනි මිශ්‍ර සිරියල් වර්ග
- කේක්
- බිස්කට්
- පේස්ට්‍රි
ශරීරයේ බර 'ස්කන්ධ දර්ශකය' අනුව ගණනය කිරීම මගින් ඔබගේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ තක්සේරුවක් කළ හැකිය.
ඔබට බර අඩු කිරීමට අවශ්‍ය නම්, සතියකට කිලෝග්‍රෑම් 0.5 සිට 1 දක්වා ප්‍රමාණයකින් අඩු කිරීමට ඉලක්ක කරගත යුතු අතර, ඔබට සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා දිනකට කිලෝ කැලරි 500 - 600 ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමෙන් වැලකී සිටීම සුදුසු බව සෞඛ්‍ය සේවා පවසයි.










