ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනස් විවාහ ගිවිසගැනීම තහවුරු කරයි

Priyanka Chopra and Nick Jonas

ඡායාරූප මූලාශ්‍රය, AFP/ GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, බොලිවුඩ් සුපිරි තරුව අතගත් ගායකයෙකු සහ ගීත රචකයෙකු වූ 25 හැවිරිදි නික් ජෝනස්

මාස කීපයක සම්බන්ධතාවකින් පසු ප්‍රියංකා චොප්රා ඇමරිකානු ජාතික නික් ජෝනස් සමග විවාහ ගිවිසගැනීම පිළිබඳ පළවූ තොරතුරු තහවුරු කර තිබේ.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් බිහිවූ ගායකයෙකු වන නික් ජෝනස් 'ජෝනස් බ්‍රදර්ස්' නම් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ද වී සිටියේය. ඔහු සහ 36 හැවිරිදි සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා අතර විවාහ ගිවිසගැනීම පසුගිය සෙනසුරාදා (අගෝස්තු 18) පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්විණි. මෙම දෙපළ උත්සවය තුළ සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුම්වලින් සැරසී සිටිනු දක්නට ලැබුණි.

මෙම විවාහ ගිවිසගැනීම ගැන මින් සති තුනකට පෙර සිට කටකතා පැතිරී ගොස් තිබුණත් මේ වනතෙක් එය තහවුරු කර තිබුණේ නැත.

ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනය ගැන මෙතෙක් නිවේදනය කර නොමැත.

Priyanka Chopra and Nick Jonas

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

විවාහ ගිවිසගැනීමේ උත්සවයේ ඡායාරූපය අතරින් එක සමාන ඡායාරූප දෙකක් ඔවුන් දෙදෙනාම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල පළ කර තිබේ. නික් ජෝනස් එම ඡායාරූපය පහළින් සටහනක් තබා ඇත්තේ ප්‍රියංකා චොප්රා "ජෝනස්ගේ අනාගත බිරිඳ" ලෙස පවසමිනි.

ඉන්දියානු චාරිත්‍ර අනුව පැවති විවාහ ගිවිසගැනීම 'රොකා' උත්සවය ලෙස හැඳින්විය. මෙහිදී යුවළට එකිනෙකා අතර ත්‍යාග හුවමාරු කර ගත හැකි අතර, ඔවුන්ගේ පවුල් දෙක එකතුවීම පිළිබඳ ප්‍රසිද්ධ කරනු ලැබේ.

මෙම විවාහ ගිවිසගැනීම සමරමින් 'ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones)' නිළි සොෆී ටර්නර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සුභ පැතුම් පළ කර තිබුණි.

Skip Instagram post
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post

"මම සෑහෙන සතුටට පත් වෙලා ඉන්නේ ඔයාව අපේ පවුලට සාදරයෙන් පිළිගන්න ප්‍රියංකා චොප්රා. මම ඔබ දෙදෙනාටම ආදරෙයි" ලෙස නික් ජෝනස්ගේ සහෝදරයා වන 'ජෝ' සමග විවාහ ගිවිසගෙන සිටින සොෆී ටර්නර් පැවසීය.

"මගේ සහෝදරයා ගැන මීට වඩා සතුටක් මට නැහැ. අපේ පවුලට ඔබ සාදරයෙන් පිළිගන්නවා ප්‍රියංකා චොප්රා. අපි ඔබට ආදරෙයි" යැයි ජෝ සිය ට්විටර් ගිණුමේ පළ කර තිබිණි.

Priyanka Chopra and Nick Jonas

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෙටි ඇසුරකින් පසු සිදු වූ විවාහ ගිවිසගැනීම් පසුගිය කාලය තුළ කලා ලොව සුලබව දක්නට ලැබුණි. ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනස් අතර විවාහ ගිවිසගැනීම ද එම රැල්ලට සිදු වූවක් බව සමහරුන්ගේ මතයයි.

සති කීපයක ඇසුරකින් පසු, මෙම වසර මුලදී ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ගායිකාවක් වන අරියානා ග්‍රන්ඩේ (Ariana Grande) ප්‍රහසන නළුවෙකු වන පීට් ඩේවිඩ්සන් විවාහ කරගැනීමට තීරණය කළාය.

පසුගිය මාසයේ තවත් ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ගායකයෙකු වන ජස්ටින් බීබර් ඔහුගේ පැරණි පෙම්වතියක් වූ මෝස්‌තර නිරූපණ ශිල්පිනී හෙයිලි බෝල්ඩ්වින් සමග නැවත එක් වී විවාහ ගිවිසගන්නා ලදී.

ප්‍රියංකා චොප්රා 2000 වසරේදී ලෝක රූ රැජිණ කිරුල දිනා ගත් පසු, ඉන්දියානු චිත්‍රපට පනහකට වැඩි ප්‍රමාණයකට සිය දායකත්වය ලබා දී ඇත. ඇය බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතර රැඳී සිටී.

Priyanka Chopra and Nick Jonas

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රියංකා චොප්රා 2000 වසරේදී ලෝක රූ රැජිණ කිරුල දිනාගත් අවස්ථාව

2016 වසරේ ටයිම් සඟරාව පළ කළ ලොව වැඩිම බලපෑමක් එල්ල කළ හැකි පුද්ගලයන් 100 අතරට ප්‍රියංකා චොප්රා ඇතුළත් කර තිබුණි. එමෙන්ම, පසුගිය වසරේ ෆෝබ්ස් සඟරාව පළ කළ ලොව බලවත්ම කාන්තාවන් 100 අතර ද ඇයගේ නම සටහන් වී තිබේ.

'කොන්ටිකෝ (Quantico)' ටෙලිනාට්‍ය මාලාවෙන් සහ වෙන්ටිලේටර් (Ventilator), බේවොච් (Baywatch), 'අ කිඩ් ලයික් ජේක් (A Kid like Jake) යන සිනමාපටවල රංගනයෙන් ප්‍රියංකා චොප්රා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධියට පත් විය.

ඇය මේගන් මාකල් සහ හැරී කුමරුගේ විවාහ උත්සවයේ ආරාධිතයෙකු ද විය.

Priyanka Chopra and Nick Jonas

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'කොන්ටිකෝ (Quantico)' ටෙලිනාට්‍ය මාලාවෙන් සහ සිනමාපට කීපයක රංගනයෙන් ප්‍රියංකා චොප්රා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධියට පත් විය.

නික් ජෝනස් ඔහුගේ සහෝදරයින් වන ජෝ සහ කෙවින් සමඟ පිහිටවූ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේය. නමුත් ඔහු ප්‍රසිද්ධියට පත් වුයේ ඩිස්නි චිත්‍රපටියක් වන 'කෑම්ප් රොක් (Camp Rock)' හරහාය.

Priyanka Chopra and Nick Jonas

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නික් ජෝනස්

ඉන්පසු ඔහු තනිව ගායකයෙකු ලෙස ගීත කීපයක් එළි දැක්වූ අතර, ඇමරිකානු 'X Factor' ගායන තරගයේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කළේය.

25 හැවිරිදි නික් ජෝනස් ප්‍රියංකා චෝප්රාට විවාහ යෝජනාව කළේ පසුගිය ජුනි මස ලන්ඩන් නුවරදීය.

මේ තොරතුරුද දැනගන්න: