සාරියේ වටිනාකම පිළිබඳ සමාජ සංවාදයක්

කාන්තා රුව ප්‍රදර්ශනය කරන මෙවැනි සාරියක මිල ඩොලර් 3000 කටත් වඩා වැඩිවිය හැක

ඡායාරූප මූලාශ්‍රය, NALLI

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තා රුව ප්‍රදර්ශනය කරන මෙවැනි සාරියක මිල ඩොලර් 3000 කටත් වඩා වැඩිවිය හැක

සාරිය අඳින්න දන්නේ නැති ඉන්දියානු කාන්තාවන් ලජ්ජා විය යුතු යයි කීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව එරට මෝස්තර නිර්මාණ ශිල්පියකු වන සබ්යාසාචි මුඛර්ජි (Sabyasachi Mukherjee) පවසයි.

ඉන්දීය කාන්තාවන් ඉලක්ක කරගත් සාරි කතාව ඔහු කර තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 'හාවර්ඩ්' සරසවියේ පැවති උත්සවයකදීය.

ඔහුගේ එම ප්‍රකාශයත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලයේ මහා සංවාදයක් පැතිර ගිය අතර ඇතැම් කාන්තාවන් එම ප්‍රකාශය විග්‍රහ කරනු ලැබ තිබුණේ පුරුෂවාදී සහ කාන්තාවන්ට වෙනස් කොට සැලකීමක් හැටියටය.

එම සමාජ සංවාදය උත්සන්න වෙමින් පවතිද්දී 'ඉන්ස්ටර්ග්‍රෑම්' පණිවුඩයක් නිකුත් කරන සබ්යාසාචි මුඛර්ජි 'තමා පාවිච්චි කරන ලද වචන' සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළේය.

සාරිය කෝටි සංඛ්‍යාත ඉන්දියානු කාන්තාවන්ගේ සුපුරුදු සාම්ප්‍රදායික ඇඳුමයි.

සාරිය කෝටි සංඛ්‍යාත ඉන්දියානු කාන්තාවන්ගේ සුපුරුදු සාම්ප්‍රදායික ඇඳුමයි

ඡායාරූප මූලාශ්‍රය, Press Eye

ඡායාරූප ශීර්ෂ වැකිය, සාරිය කෝටි සංඛ්‍යාත ඉන්දියානු කාන්තාවන්ගේ සුපුරුදු සාම්ප්‍රදායික ඇඳුමයි

"ඔබ සාරිය අඳින්න දන්නේ නැහැයි කියල කියනවා නම් මම කියනවා ඒක ලැජ්ජාවට කාරණයක්ය කියල. සාරිය ඔබේ සංස්කෘතියේ අංගයක්. ඔබ සාරිය ගැන සතුටු වෙන්න ඕන. ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕන"

සබ්යාසාචි මුඛර්ජි ඇමෙරිකානු 'හාවර්ඩ්' සරසවියේ පැවති ඉන්දියානු සම්මන්ත්‍රණයක දී කර තිබුණේ එවැනි ප්‍රකාශයකි.

සබ්යාසාචි මුඛර්ජි ඉන්දියාවේ මුල්පෙළේ මෝස්තර නිර්මාණ ශිල්පියකු වන අතර ඉතා ජනප්‍රිය බොලිවුඩ් තරු රැසක් ඔහුගේ ගැණුම්කාරියෝ වෙති.

ඔහු සිය පළමු ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව පැහැදිලි කිරීමක් කරමින් එය කිසිවකු ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද්දක් නොවන බව කියා සිටියේය.

"සාරිය අඳින්න දන්නේ නැති කාන්තාවන් සම්බන්ධයෙන් ලැජ්ජාව කියන වචනය පාවිච්චි කිරීම පිළිබඳව මම මගේ කනගාටුව පළ කරනවා" සබ්යාසාචි මුඛර්ජි සිය අන්තර්ජාල පණිවුඩයේ එසේ ලියා ඇත.

"සාරි ඇඳීමට නොහැකිවීම සම්බන්ධයෙන් පෙන්වා දීමට ගත් උත්සාහයේ දී මම පාවිච්චි කළ වචන නාරි ද්වේශී සහ පුරුෂවාදී එසේම කාන්තා විරෝධී ප්‍රකාශයක් හැටියට අර්ථ දැක්වීම ගැන මම ඇත්තෙන්ම කනගාටුවට පත් වෙනවා. මා තුළ එවැනි අදහසක් තිබුණේ නැහැ" සබ්යාසාචි මුඛර්ජි කියා සිටියි.

කෝටි ගණනක් ඉන්දීය කාන්තාවන්ගේ සුපුරුදු ඇඳුම සාරියයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝටි ගණනක් ඉන්දීය කාන්තාවන්ගේ සුපුරුදු ඇඳුම සාරියයි

තවදුරටත් ආදහස් දක්වන මෝස්‌තර නිර්මාණ ශිල්පියා, තම ප්‍රකාශය සිදු වුණේ රැස්ව සිටි අය අතර සිටි කෙනෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී බවත් පවසයි.

"සාරිය ඇන්දොත් සැබෑ වයසට වඩා වැඩි වයසක පෙනුමක් ඇති වෙන බවට ඇතැම් තරුණියන් අතර පවතින අදහස පිළිබඳව කෙනෙක් මට ප්‍රශ්නයක් යොමු කළා. මම ඒ ප්‍රශ්නයටයි උත්තර දුන්නේ" සබ්යාසාචි මුඛර්ජි පැහැදිලි කළේය.

ඔහුගේ එම පැහැදිලි කිරීමට පෙර සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අදහස් දැක්වූ බොහෝ කාන්තාවන් සබ්යාසාචි මුඛර්ජිගේ ප්‍රකාශය 'නාරි ද්වෙශී එසේම සාරියට අවමන් කිරීමක්' ලෙස අර්ථ ගන්වා තිබුණි.

මෝස්තර නිර්මාණ ශිල්පී සබ්යාසාචි මුඛර්ජි (Sabyasachi Mukherjee)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෝස්තර නිර්මාණ ශිල්පී සබ්යාසාචි මුඛර්ජි (Sabyasachi Mukherjee)

සබැඳි පුවත්;