'මත්පැන් පානය කරන, ලිංගිකව හැසිරෙන' කාන්තාවන් ගැන බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව කළඹයි

ඡායාරූප මූලාශ්‍රය, VEERE DI WEDDING/FACEBOOK PAGE
මත්පැන් පානය කරන, ඉතා රළු වචන කතා කරන කාන්තාවන් සිව් දෙනෙකු අතර පවතින බැඳීම විදහාපාන බොලිවුඩ් සිනමාපටයක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.
'Veere Di Wedding' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ පදනම් වෙන්නේ දිල්ලි නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ධනවත් පළාතක් පිළිබඳවය. පාසල් සමයේ සිට මිතුරියන්ව සිටි වැඩිහිටි ස්වාධීන කාන්තාවන් සිව් දෙනෙකු වටා මෙම කතා පුවත ගොඩ නැගී තිබේ. ඉන් එක් අයෙකුගේ විවාහ උත්සවයක් හා බැඳුණු සිද්ධි දාමයක් මෙම චිත්‍රපටයේ තේමාව වී තිබේ.
මිතුරියන් සිව් දෙනාම ඉතා නිදහසේ අසභ්‍ය වචන භාවිත කරන ආකාරය, මත්ද්‍රව්‍ය හා මත්පැන් පරිහරණය කරන ආකාරය සහ දඩබ්බර හැසිරීම් රටාවක් මෙම සිනමාපටය පුරාවටම දැකිය හැකිය.
ඉන්දියාවේ පවතින නොයෙකුත් සාමාජයීය ප්‍රශ්න අතර යෝජිත විවාහයන්ට ඇති අකමැත්ත, සිරුරේ බර පිළිබඳ ප්‍රශ්න, මිතුරන් සහ ඥාතීන් විසින් පුද්ගලයන් විනිශ්චය කිරීම, අධික මුදලක් වැය කරමින් සංවිධානය කරන මංගල උත්සව සහ සිය දෙමව්පියන්ගේ මෙන්ම ස්වාමිපුරුෂයන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත ලබා ගැනීම වැනි කරුණු සිනමාපටයේ දැක්වේ.
මෙම කාන්තාවන් සිව් දෙනා නිදහසේ අසභ්‍ය වචන භාවිත කරමින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා ගැන විවෘතව කතා කිරීම ඉන්දියානු සිනමාවට නව අත්දැකීමකි. ලිංගික ආශාවන් සපුරා ගැනීම පිළිබඳ බිය සැක නොමැතිව කතා කරන ඔවුන් සිය ධනය ගැන තැකීමක් නොකරන බව ද එහි පිළිබිඹු කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, VEERE DI WEDDING/FACEBOOK PAGE
'තනියෙන් පියෑඹීම '
Veere Di Wedding සිනමාපටය පසුගියදා සාර්ථක ලෙස එළිදැක්වීමත් සමග එහි කතා තේමාව සහ අන්තර්ගතය පිළිබඳ ට්විටර් සමාජ ජාලය ඔස්සේ නොයෙකුත් මතවාද පළ වන්නට විය. එහි එක් චරිතයක් රඟපාන ස්වාරා බාස්කර් (Swara Bhaskar) ස්වයං වින්දනයේ යෙදෙන දර්ශනයක් ඇතැමුන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
එක් පුද්ගලයෙකු පැවසුවේ මෙම චිත්‍රපටය නැරඹීමට ඔහුගේ මිත්තණිය සමග ගොස් "ඉතා අපහසුතාවට" පත් වූ බවය.
ඉන්දියානු දේශපාලනඥයෙකු සහ හිටපු මහ ඇමතිවරයෙකු වන ඕමාර් අබ්දුල්ලාට සිය උපහාසාත්මක අදහස් සඟවා ගැනීමට අපහසු වී ඇති සෙයක් මෙම ට්විටර් පණිවිඩයෙන් හැඟී යයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
සමාජ චාරිත්‍ර පිළිබඳ සාකච්ඡා කරන මෙවැනි සිනමාපට නැරඹීමට යමෙකු සිය සීයා හෝ මිත්තණිය කැඳවා ගෙන යෑම ගැන හාස්‍ය දනවන වැකි රැසක් පළ වී තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
ස්වාරා බාස්කර් පණ පොවන චරිතය එක්තරා අවස්ථාවක දී සයනයේ හිඳ "තනියම පියාඹනවා" දුටු ස්වාමිපුරුෂයා ඇයගෙන් වෙන් වීමට තීරණය කරයි. ස්වාමිපුරුෂයාට "බාගෙට වංචා" කළ බව ඇය තම මිතුරියන්ට පවසනීය.
ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙවලමක් ඇය සතුව තිබෙනු දුටු ස්වාමිපුරුෂයා තමන්ට 'අවමාන තර්ජන' කිරීමට පටන් ගෙන ඇති බව ඇය පවසන්නීය. සිදු වූ ලැජ්ජාව අමතක කිරීමට සිය දෙමව්පියන් සහ ඥාතීන් ඉදිරියේ ඇය මත්පැන් පානය කිරීමට යොමු වන ආකාරය චිත්‍රපටයේ දැක්වේ.
මේ තොරතුරුද කියවන්න:
මෙම සිනමාපටය පිළිබඳ පෞද්ගලික මත අනුව සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් කණ්ඩායම් දෙකකට බෙදී තිබෙන ආකාරයක් දැකිය හැකිය. සමහර ප්‍රේක්ෂකයන්ගේ සහ විවේචකයන්ට අනුව මෙම සිනමාපටයෙන් කාන්තා බැඳීම් සංවේදී ආකාරයෙන් පෙන්වා සිටීමට අපොහොසත් වී ඇති අතර, එය ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ ප්‍රතිගාමී සංකල්පයන් අනුමත කරන්නකි.

ඡායාරූප මූලාශ්‍රය, SWARABHASKAR/FACEBOOK PAGE
"ගැහැණු ළමයින්ට ඉතා හොඳ රසායනයක් තිබෙනවා. නමුත් මේ චිත්‍රපටියෙන් සිදුවන්නේ නොමඟ යැවීමක්," යැයි චිත්‍රපට විවේචකයෙකු වන රජීව් මසාන්ද් පැවසීය.
කෙසේවෙතත්, ස්වාරා බාස්කර් වෙනුවෙන් පෙනී සිටින ට්විටර් පරිශීලකයෝ ද මෙම සිනමාපටයෙන් ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ ප්‍රතිගාමී සංකල්ප අනුමත කරන බව පවසති.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
සාධනීය කෝණයකින් සිනමා පටය විග්‍රහ කරන පිරිස පවසන්නේ එය හුදෙක් කාන්තාවන් විනෝද වන ආකාරය පිළිබිඹු කරන්නක් බවය. මෙය ස්ත්‍රීවාදය හා සම්බන්ධ කර අදහස් පළකිරීම පුදුම සහගත බව ඔවුන්ගේ අදහසය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5

End of X post, 6
තවත් අය පවසන්නේ මෙම චිත්‍රපටය "ඉතා අසතුටුදායක" ලෙස නිමවා ඇති බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 7
'ධනවත් කාන්තාවන්ට අවශ්‍ය විනෝද වෙන්න'
සමාජ මාධ්‍ය ජාල මත ගැටුම් එසේ පවතින අතරවාරයේ Veere Di Wedding සිනමාපටය බොලිවුඩ් සිනමාවේ මහත් කැළඹීමක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. මෙම සිනමාපටයෙන් ඉන්දියානු කාන්තාවන් පිළිබඳ ඇතැම් මිථ්‍යා මතවාද බිඳ දැමීමට සමත් වී ඇති අතර, එයට ලැබෙන අති මහත් ප්‍රතිචාරයත් සමග එය සාර්ථක නිර්මාණයක් බවට පත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එය මේ වන විටත් වසරේ සාර්ථකම බොලිවුඩ් සිනමාපට අතරට එක් වීම පිළිබඳ එහි නිෂ්පාදකවරුන් සහ සිනමාවේදී ශෂංක ගෝෂ් සතුටු විය යුතුය. මෙහි සියලු ප්‍රධාන චරිත රඟපාන්නේ කාන්තාවන්ය.
පුරුෂයන් අතර තිබෙන සහෝදරත්වය පිළිබිඹු කළ බොලිවුඩ් සිනමාපට අතර, අවසානයේ දී කාන්තාවන් අතර බැඳීම පෙන්වන සිනමාපටයක් නිම වී තිබේ.
(දිල්ලි නුවර ස්වාධීන මාධ්‍යවේදිනියක වන සුධා ජී ටිලක්ගේ වාර්තාවකි.)
තවත් තොරතුරු: