ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිම්බාබ්වේ මැතිවරණය: ආණ්ඩුව උද්ඝෝෂණ මර්දනය කරද්දී 'සංයමයෙන්' සිටින්නැයි ජාත්‍යන්තරය ඉල්ලයි
සඳුදා පැවති මැතිවරණයෙන් පසු රටේ ඇතිවූ කැලඹීම පාලනයට කිරීම සඳහා සිම්බාබ්වේ ආණ්ඩුව හමුදාව යොදවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අතීතයේදී සිම්බාබ්වේ රාජ්‍යය යටත් කරගෙන සිටි, එක්සත් රාජධානිය ද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තම අවධානය යොමුවී ඇති බව පැවසූහ. එම සිදුවීම්වලදී හමුදාව එල්ල කළ වෙඩි පහරින් තිදෙනෙක් ගිය ගියහ.
හිටපු ජනාධිපති රොබට් මුගාබේ ඉවත් කිරීමෙන් පසු පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයවූ සඳුදා පැවති මැතිවරණයෙන් පාලක සානු-පීඑෆ් (Zanu-PF) පක්ෂයට ජය හිමි විය.
නමුත් සානු-පීඑෆ් පක්ෂය මැතිවරණ වංචා කළ බව විරුද්ධ පක්ෂය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවම නිකුත්කර නොමැත.
කියවන්න:
සිය ජනාධිපති අපේක්ෂක නෙල්සන් චමීසා (Nelson Chamisa), වත්මන් ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා (Emmerson Mnangagwa) පරාජය කළ බව MDC විරුද්ධ පක්ෂ සන්ධානය අවධාරණය කරයි.
සංයමයෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස්, සිම්බාබ්වේ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටියේය. මේ අතර, අප්‍රිකානු කලාපය පිළිබඳ එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය හැරියට් බෝල්ඩ්වින් (Harriett Baldwin) තමන් මේ සම්බන්ධයෙන් "බලවත් කණස්සල්ලට" පත්ව ඇති බව බව ප්‍රකාශ කළාය.
හරාරේ පිහිටුවා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් "සංයමයෙන් සිටින්න" යැයි හමුදාවෙන් ඉල්ලා සිටී. දීප්තිමත් අනාගතයක් සඳහා රට හමුවේ "ඓතිහාසික අවස්ථාවක්" උදාවී ඇති බව ද එම පණිවුඩයේ දැක්වේ.
මේ අතර, හමුදාවේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඇමනෙස්ටි ජාත්‍යන්තරය ද රජයෙන් ඉල්ලා සිටී.
ඡන්දයෙන් පසුව සිදුවූයේ කුමක්ද?
මැතිවරණයෙන් සානු-පීඑෆ් පක්ෂට තුනෙන් දෙකක බලයක් හිමිවී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කිරීමත් සමග හරාරේ නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේය.
රජය උද්ඝෝෂණ නොඉවසන බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ඔබර්ට් ම්පොෆු (Obert Mpofu) පැවසීය.