ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෙක්සිකෝ ගුවන්යානා අනතුරින් සියලුදෙනාගේ දිවි ගැලවේ
මෙක්සිකෝවේ ඩුරැන්ගෝ (Durango) ප්‍රාන්තයේ අග නගරයෙන් ගුවන්ගතවූ මගී යානයක් අනතුරට පත්ව තිබේ.
ගුවන් ගත වූ සැනින් යානය අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.
ගුවන්යානය තුළ සිටි පුද්ගලයන් 103 දෙනා දිවි ගලවා ගැනීමට සමත් වී ඇති අතර ඉන් 97 දෙනෙක් තුවාල ලබා ඇත.
දැඩි සුළඟට මුහුණ දී ඇති යානය ඒ හේතුවෙන් එකවරම පහත් වී ඇති අතර එහිදී වම් පියාපත පොළවේ ගැටී යානයේ එන්ජින් ද්විත්වය ගැලවී ගොස් ඇති බව ආණ්ඩුකාර ජොසේ රෝසාස් පැවසීය.
යානය ගිනි ගැනීමට පෙර එහි සිටි බොහෝ මගීන් ඉන් පිටතට ගොස් තිබේ.
ගුවන්යානයේ සිටි දරුවන් දෙදෙනෙක් ද ඇතුළු මගීන්ගේ නම් හෝ ඔවුන් කවර ජාතීන්ට අයත් පිරිස් දැයි මෙතෙක් අනාවරණයවී නොමැත.
අංක AM2431 දරන ඒරෝ මෙක්සිකෝ ගුවන් යානය ග්වාලාලුපේ වික්ටෝරියා (Guadalupe Victoria) අන්තර්ජාතික ගුවන් තොටුපලේ සිට මෙක්සිකෝ සිටි (Mexico City) ගුවන්තොටුපල දක්වා පියාසර කිරීමට නියමිතව තිබිණි.
මෑතක සිදුවූ තවත් ගුවන් අනතුරු - කියවන්න:
මගීන් 97 ක් සහ සිව්දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය අතරින්, 37 දෙනෙකු රෝහල් ගත කළ බව බලධාරීහු පවසති.
"ගුවන් නියමුවා සැත්කමකට භාජනය කර තිබෙනවා. මේ දක්වා අපට ඇති තොරතුරු අනුව ජීවිත හානිවන අන්දමේ තුවාල නැහැ" ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය.
දැනට පවතින දත්ත අනුව අයහපත් කාලගුණය අනතුරට හේතුවී ඇති බවක් පෙන්නුම් කරන බව ගුවන්තොටුපල මෙහෙයුම්කරු කියා සිටියේය.