නේපාල් ගුවන් අනතුර: මරණ සංඛ්‍යාව තවත් ඉහළට

1949 දී පළමු ගුවන් යානය ගොඩ බස්වන ලද තැන සිට පසුගියදා සිදුවූ ගුවන් යානා අනතුර දක්වා, නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපළ ආශ්‍රිතව අනතුරු 70 කට වඩා සිදුවී පුද්ගලයින් 700 කට වඩා මියගොස් ඇති බව වාර්තාවේ.

පුද්ගලයන් 71 රැගත් බංග්ලාදේශයේ 'US-Bangla' ගුවන් සේවයට අයත් යානය සඳුදා (මාර්තු 12) අනතුරට පත්වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේවන විට 51 දක්වා ඉහළගොස් ඇත. කිහිපදෙනෙකු ඇත.

නේපාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව මියගිය පුද්ගලයන්ගෙන් 22 ක් නේපාල ජාතිකයන් වන අතර 28 ක් බංගලාදේශ ජාතිකයන්ය. අනෙක් තැනැත්තා චීන ජාතිකයෙකි.

වසර 69ක ඉතිහාසය තුළ සිදුවූ 70 ඉක්මවන අනතුරු අතරට මගී ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ද ඇතුළත්වේ.

සිදුවූ බොහෝ අනතුරුවලට නිරන්තරයෙන් වෙනස්වන කාලගුණය මෙන්ම අත්දැකීම් අඩු නියමුවන් සහ ගුවන් තොටුපළේ දුර්වල නඩත්තුව ද මේ සඳහා හේතුවී ඇත.

සුරක්ෂිතතා හේතු මත නේපාල ගුවන්යානා තම දේශසීමාවලට ඇතුළුවීම යුරෝපා සංගමය විසින් 2013 වසරේදී තහනම් කරන ලදී.

පසුගිය දශකය තුළ නේපාලයේ සිදුවූ ප්‍රධාන පෙළේ ගුවන් අනතුරු:

  • 2006 සැප්තැම්බරයේ පුද්ගලයන් 24 දෙනෙක්ට මරු කැඳවමින් හෙළිකොප්ටර් යානාවක් අනතුරට පත්විය.
  • 2010 සැප්තැම්බරයේදී නේපාල සුන්දරත්වය නරඹමින් සිටි සංචාරකයන් පිරිසක් රැගත් ගුවන්යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 14 දෙනාම අනතුරට පත්විය.
  • 2012 වසරේ මැයි මාසයේදී ඉන්දියානු වන්දනාකරුවන් 21 දෙනෙක් ගමන් ගත් යානයක් අනතුරට පත්වීමෙන් 15 දෙනෙක් මියගියහ.
  • එම වසරේ සැප්තැම්බර් මාසයේදී පුද්ගලයන් 19 දෙනෙක්ට මරු කැඳවමින් තවත් ගුවන් අනතුරක් සිදුවිය.
  • 2014 දී සිදුවූ අනතුරකින් 18 දෙනෙක් මියගියහ.
  • 2015 දී ධාවන පතයෙන් ඔබ්බට ඇදී ගිය එයාබස් ඒ330 (A330) යානයක සියලුම මගීන් නිරුපද්‍රිතව ඉවත්කර ගන්නා ලදී.

සමාන තොරතුරු: