'බූරුවෙක් සීබ්‍රාවෙක් කළ' බවට ඊජිප්තුවේ සත්වෝද්‍යානයකට චෝදනා

painting donkey to look like a zebra

ඡායාරූප මූලාශ්‍රය, MAHMOUD A SARHAN

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ පාට කළ බූරුවෙක් බව සත්වෝද්‍යාන බලධාරීන් පිළිගන්නේ නැත

බූරුවෙකුගේ සිරුරේ කළු පැහැති ඉරි ඇඳීමෙන් එම සතා සීබ්‍රා කෙනෙකු ලෙස පෙන්වීමට උත්සාහ කළ බවට එල්ලවන චෝදනා ඊජිප්තුවේ සත්වෝද්‍යානයක් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම සතාගේ ඡායාරූපය අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් තිබේ.

කයිරෝ ජාත්‍යන්තර නාගරික උද්‍යානයේ කළ සංචාරයක් අතරවාරයේ මහ්මුද් සර්හාන් නම් ශිෂ්‍යයා මෙම සතා සමග ගත් ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇත.

ප්‍රමාණයෙන් කුඩා මෙම සතාට උල් කන් යුවළක් හිමි අතර, මුහුණේ බොඳ වුණ කළු පැල්ලම් ද දැකිය හැකිය.

මෙම ඡායාරූපය සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් බෙදා හැරීමත් සමග 'සීබ්‍රාවෙකු වූ බූරුවා' පිළිබඳ විශේෂඥයන්ගේ අවධානය යොමු විය.

සීබ්‍රාවෙකුගේ සිරුරේ ඇති තීරු වඩාත් ස්ථාවර හා සමාන්තරව පිහිටා තිබිය යුතු බව පශුවෛද්‍යවරයෙකු උපුටා දක්වමින් එරට ප්‍රවෘත්ති සේවයක් වන එක්ස්ට්‍රා නිව්ස් ටීවී (Extranews.tv) පැවසුවේය.

එම කූඩුව තුළ සිටි සතුන් දෙදෙනාම වර්ණ ගන්වා තිබූ බව මහ්මුද් සර්හාන් Extranews.tv වෙත පැවසීය.

painting donkey to look like a zebra
ඡායාරූප ශීර්ෂ වැකිය, සීබ්‍රාවෙකුට කළු පැහැති හොම්බක් හිමි අතර, සිරුරේ සමාන්තරව පිහිටා ඇති තීරු දැකිය හැකිය

එහෙත් එරට ගුවන් විදුලි නාලිකාවක් වන නෝගම් එෆ්එම් (Nogoum FM) කළ විමසුමකදී සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක මොහමඩ් සුල්තාන් පැවසුවේ මේ සතුන් වර්ණ ගන්වා නොමැති බවය.

සත්වෝද්‍යාන සිය නරඹන්නන් රැවටීමට උත්සාහ කරන පළමු අවස්ථාව මෙය නොවන බවට ද චෝදනා එල්ල වෙමින් පවතී.

2009 දී ගාසාහි සත්වෝද්‍යානයක් බූරුවන් දෙදෙනෙකු සීබ්‍රා ලෙස පෙනෙන ලෙස වර්ණ ගන්වා තිබේ.

තවත් ගාසාහි සත්වෝද්‍යානයක සතුන් හිඟ වීම හේතුවෙන් 2012 වර්ෂයේදී පුළුන් පුරවන ලද සතුන් ප්‍රදර්ශනය කරන ලදී.

2013 දී චීන සත්වෝද්‍යානයක් ටිබෙටියන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු අප්‍රිකානු සිංහයෙකු ලෙස පෙන්වීමට උත්සහ කර තිබෙන අතර, 2017 දී චීනයේ Guangxi පළාතේ පිහිටි සත්වෝද්‍යානයක වායු පිරවූ ප්ලාස්ටික් පෙන්ගුවින් ප්‍රදර්ශනය තිබේ.

සති කිහිපයකට පසුව Guangxi පළාතේ තවත් සත්ත්වෝද්‍යානයක ප්ලාස්ටික් සමනළයන් ප්‍රදර්ශනය කිරීම නිසා බොහෝ විවේචන එල්ල වී ඇත.

මේ තොරතුරුද කියවන්න: