ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
MG: අනාරක්ෂිත ලිංගික ඇසුරින් බෝවන 'මැඩීම අසීරු විය හැකි' රෝගයක්
වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නොමැති ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් එය පැතිරීමේ අවදානමක් ඇති බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
මයිකොප්ලාස්මා ජෙනිටලියම් (MG - Mycoplasma genitalium) ලෙස හඳුන්වන මෙම රෝගයේ ලක්ෂණ පිටතට නොපෙනෙන නමුත්, බොහෝ විට කාන්තාවන්ගේ ශ්‍රෝණිය ආශ්‍රිත ආසාදන තත්ව ඇතිවී වඳභාවයට පත් වීමේ අවදානමක් පවතී.
MG රෝගයට නිවැරදිව ප්‍රතිකාර නොකළහොත් එය ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ලෙස ශරීරය තුළ වර්ධනය විය හැකිය.
මේ අනුව, බ්‍රිතාන්‍යයේ ලිංගික සෞඛ්‍යය සහ HIV පිළිබඳ සංගමය (BASHH), MG රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු ආකාරය ගැන නව උපදෙස් මාලාවක් හඳුන්වා දී තිබේ.
කුමක්ද මේ MG?
මයිකොප්ලාස්මා ජෙනිටලියම් යන බැක්ටීරියාව ඇතුළුවීම හේතුවෙන් පිරිමි මුත්‍ර මාර්ගයේ ප්‍රදාහයක් හටගැනීම හා එයින් ස්‍රාවය පිටවන අතර මුත්‍රා කිරීමේදී අධික වේදනාවක් ඇති විය හැකිය.
කාන්තාවකගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වූ විට එහි බලපෑමෙන් ගර්භාෂය සහ පැලෝපීය නාලය වැනි ප්‍රජනන ඉන්ද්‍රීන් ප්‍රදාහයකට ලක්වේ. මේ හේතුවෙන් අධික වේදනාවක් ඇති විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී උණ තත්වයක් හෝ රුධිර වහනය වීම ද සිදු විය හැකිය.
අනාරක්ෂිත ලිංගික හැසිරීම මගින් මෙම රෝගය බෝවෙන අතර, ලිංගික සංසර්ගයේදී උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිත කිරීමෙන් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකිය.
මේ තොරතුරුද දැනගන්න:
මයිකොප්ලාස්මා ජෙනිටලියම් ශරීරගත වූ පුද්ගලයෙක් නිතරම රෝගී ලක්ෂණ නොපෙන්වන අතර සමහර අවස්ථාවලදී ප්‍රතිකාර අවශ්‍ය නොවනු ඇත. නමුත් මෙහි රෝගී ලක්ෂණ හඳුනාගත් විට ක්ලැමීඩියා (Chlamydia) වැනි වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්වයක් ලෙස වැරදි නිගමනයකට එළැඹීමට ඉඩ තිබේ.
මෙය ගැටලුකාරී තත්වයක් බව BASHH පවසයි.
ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ප්‍රතිකාර කළ හැකි නමුත් මෙම බැක්ටීරියාව ඇතැම් ඖෂධ වලට ප්‍රතිරෝධයක් දක්වයි.
උපත් පාලන කොපු භාවිතකරන්න
ලෝකය පුරා මැක්රොලයිඩ්ස් (macrolides ) කුලයට අයත් ප්‍රතිජීවක ඖෂධවලින් සිදු කරන ප්‍රතිකාර ක්‍රමවලින් MG රෝගය සුව වීම අඩු වෙමින් පවතින බව BASHH උපදෙස් මාලාවේ ඇතුළත් වේ.
කෙසේවෙතත්, මැක්රොලයිඩ්ස් කුලයට අයත් එක් විශේෂ ප්‍රතිජීවක ඖෂධයක් වන azithromycin බොහෝ විට මෙම බැක්ටීරියාවට එරෙහිව ක්‍රියා කරනු නිරීක්ෂණය වී තිබේ.
රෝගය වැළදීම වළක්වා ගැනීම සඳහා පූර්වෝපාය අනුගමනය කරන ලෙස ලිංගික උපදේශකයෙකු සහ BASHH සාමාජිකයෙකු වන වෛද්‍ය පීටර් ග්‍රීන්හවුස් පවසයි.
" මයිකොප්ලාස්මා ජෙනිටලියම් ගැන ජනතාව දැනුවත් වීමට කාලයයි මේ," යැයි ඔහු තවදුරටත් පැවසීය.
'පාලනයෙන් තොර වීම'
BASHH උපදෙස් මාලාව ලිවීමට සහය දුන් පැඩි හෝර්නර් පැවසුවේ, "පසුගිය වසර 15 තුළ අපි මේ රෝගය ගැන ක්‍රියා කළ ආකාරයට ම ඉදිරියට ක්‍රියා කරන්න බැහැ. MG වේගයෙන් පැතිරී යෑමත් සමඟ එය නිසැකවම හදිසි තත්වයකට මුල පුරනවා" යනුවෙනි.
"MG රෝගය ආසාදනය වී ඇත්දැයි නිවැරදි පරීක්ෂණවලින් හඳුනාගෙන එයට නිසි ප්‍රතිකාර කර, රෝගීයා සම්පූර්ණයෙන් සුව වී ඇති බව තහවුරු කරගැනීම අපගේ උපදෙස් මාලාවෙන් නිර්දේශ කරනවා"
තවත් තොරතුරු: