ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අන්ගෙලා මර්කල් සංක්‍රමණිකයන් සම්බන්ධ යුරෝපා සම්මුතියක් ඉල්ලයි
අසංවිධිත සංක්‍රමණිකයන් පිළිබඳ ගැටලුවට විසදුම් සොයනු පිණිස එකමුතුව ක්‍රියාකරන මෙන් ජර්මනියේ චාන්සලර් අන්ගෙලා මර්කල් යුරෝපා නායකයන්ගෙන් ඉල්ලීමක් කළාය.
සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රශ්නය යුරෝපා සංගමයේ තීරණාත්මක අවස්ථාවක් විය හැකි බව ජර්මනියේ පාර්ලිමේන්තුව අමතා අදහස් දක්වමින් ඇය කියා සිටියාය.
චාන්සලර් අන්ගෙලා මර්කල් එම අදහස් පළ කළේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් බ්‍රසල්ස් නුවර දී යුරෝපා නායක සමුළුවක් ආරම්භවීමට නියමිතව තිබියදීය.
මධ්‍යධරණී මුහුදේදී සිය ජීවිත අවදානමේ හෙළමින්, අප්‍රිකානුවන් ප්‍රමුඛ විවිධ ජාතීන් නව ජීවිතයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් යුරෝපයට සංක්‍රමණය වීම සම්බන්ධයෙන් කටයුතු කළයුත්තේ කෙසේදැයි සාකච්ඡා කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
සිරියානු යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සහ අනෙකුත් ගැටුම් හේතුවෙන් යුරෝපයට සංක්‍රමණය වී දේශපාලන රැකවරණ පතන පිරිස් ද ඒ අතර සිටිති.
දහස් ගණනක් සංක්‍රමිකයන් දිනපතා ග්‍රීක දූපත්වල වෙරළට ලඟා වූ 2015 දී තරම් පවතින තත්ත්වය තවමත් උත්සන්න වී නැත.
2015 වසරේ ඔක්තෝබර් මාසයේ ඇතිවූ ඉහළම සංක්‍රමණ වාර්තාවලින් අනතුරුව, නීති විරෝධී ලෙස යුරෝපයට පිවිසෙන ප්‍රමාණය 96% කින් පහත වැටී ඇති බව යුරෝපා සංගමයේ උපායමාර්ගික මෙහෙයුම් මණ්ඩලයවූ 'යුරෝපා කවුන්සිලය' ප්‍රකාශ කරයි.
නමුත් ජුනි මාසයේදී (2017) සංක්‍රමිකයන් රැගත් බෝට්ටුවලට ඉතාලි වරායන්ට ඇතුළුවීම තහනම් කිරීම, නැවත මෙම ගැටලුව යුරෝපා සංගමයේ ප්‍රමුඛ අවධානයට ලක්වීමට හේතුවිය.
"යුරෝපයේ සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයන් තමන් මුලින්ම ඇතුළුවූ රටෙහි සිටිය යුතුය" යන ඩබ්ලින් එකඟත්වය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් දැන් උදාවී තිබේ. ඉතාලියට සහ ග්‍රීසියට ඉතා ඉහළ පිරිසක් පැමිණෙන බැවින්, සිය අසල්වැසි රටවල් ද එම බර බෙදාගත යුතු බවට එම රටවල් බලපෑම් කරමින් සිටිති.
සංක්‍රමණිකයන් සහ සරණාගතභාවය අපේක්ෂා කරන්නන් සම්බන්ධයෙන් පුළුල් එකඟත්වයක් ඇතිකරගත යුතු බවට ඉතාලියේ නව රජය යෝජනා කරයි.
මෙම කාරණය ඉතාලි මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබිණි. ජාතික ලීගයේ නායක, මාටියො සල්විනි (Matteo Salvini) බලයට පත්වීමට එය ප්‍රධාන හේතුවක් විය. එසේම එය යුරෝපය පුරා බොහෝ රටවල මැතිවරණවලට ද අදාල කාරණයකි.
යුරෝපා සමුළුවේ විසඳුම් යෝජනා කවරක් විය හැකිද?
මිනිස් ජාවාරම් ව්‍යාපාරය කඩා දැමීම සඳහා "ගොඩබැසීමේ කලාපීය ක්‍රමවේද" පිළිබඳ ඕස්ට්‍රියානු - ඩෙන්මාර්ක යෝජනා මෙම සමුළුවේදී සාකච්ඡාවට බඳුන්වනු ඇත.
එය සමුළුවේ තීරණ පිළිබඳ දළ සටහන්වලට ද එක්කර තිබේ. මෙය සරණාගත ඉල්ලුම්පත් සම්බන්ධ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ ආර්ථික ප්‍රතිලාභ සඳහා කෙරෙන නීති විරෝධී සංක්‍රමණ නවතාලීමට හේතුවනු ඇතැයි විශ්වාස කෙරේ.
සබැඳි පුවත්: