ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මූල්‍ය අපචාර චෝදනා මත හිටපු ජනපති අත්අඩංගුවේ
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ලිබියානු නායක ගඩාෆිගෙන් මුදල් ආධාර ලබා ගත් බවට චෝදනා ලබා සිටින ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2007 ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් වියදම් කිරීමේ දී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සාකෝසි මේ වන විට පොලිස් අත්අඩංගුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.
පොලිසිය මින් පෙර ද හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කොට තිබේ. ඔහුගේ ආධාරකරුවෙකු වන ඇලෙක්සැන්ඩර් ජූරි පසුගියදා ලන්ඩන් නුවර දී අත්අඩංගුවට පත් විය.
2012 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නැවත බලයට පත් වීමට සාකෝසි දැරූ උත්සාහය අසාර්ථක විය.
නිකොලස් සාකොසිගේ මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා ගඩාෆිගෙන් මුදල් ලබාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් 2013 වර්ෂයේදී පොලිස් පරීක්ෂණ ආරම්භ විය. ඔහුට එරෙහි සියලු චෝදනා සාකෝසි ප්‍රතික්ෂේප කරයි.
මේ තොරතුරුද කියවන්න:
ප්‍රංශ සහ ලෙබනන ව්‍යාපාරිකයෙකු වන සියැඩ් ටකීඩීන් (Ziad Takieddine) සහ ගඩාෆි පාලනය යටතේ සිටි නිලධාරීන් සැපයූ තොරතුරු අනුව මෙම මූල්‍ය ගනුදෙනු පිළිබඳ හෙළිදරව් වී තිබේ.
ගඩාෆි විසින් සාකෝසිගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 6.2 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලබා දුන් බව ටකීඩීන් පවසා ඇත.