ලෝකයේ අවසාන පිරිමි උතුරු සුදු රයිනෝ සමුගනියි

ඡායාරූප මූලාශ්‍රය, AFP
මාස කීපයක් රෝගී තත්වයෙන් පසු වූ උතුරු සුදු රයිනෝ වර්ගයට අයත් ලොව අවසාන පිරිමි සුදු රයිනෝ මිය ගොස් තිබේ.
කෙන්යාවේ Ol Pejeta (ඔල් පෙජේටා) වන සංරක්ෂිතයේ ජීවත් වූ 'සුඩාන්' නම් මෙම රයිනෝගේ වයස හතලිස් පහකි.
රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් එම රයිනෝට එන්නත් ලබා දී ක්ෂණයෙන් මරණයට පත් කර ඇත.
'සුඩාන්'ගේ මරණයෙන් පසු ලෝකයේ දැනට ඉතිරිව සිටින උතුරු සුදු රයිනෝ දෙදෙනාම ගැහැණු සතුන්ය. ඉන් එකෙකු ඔහුගේ දියණිය වන අතර අනෙකා මිනිබිරිය වෙයි.
මධ්‍යම අප්‍රිකාවේ උගන්ඩාව ආශ්‍රිතව මෙම සතුන් වර්ගය අතීතයේ දී බහුලව දැක ගත හැකි විය. 1970 - 1980 අතර කාලය තුළ රයිනෝ අං ජාවාරම් කරුවන් විසින් මෙම සත්ත්ව විශේෂය විශාල වශයෙන් දඩයම් කර ඇත. රයිනෝ අඟ සාම්ප්‍රදායික චීන බෙහෙත් සදහා යොදා ගන්නා අතර යේමනයේ කිනිසි රඳවන ලෙස භාවිත කරයි.
අවසාන සතුන් කීප දෙනා අතරින් බොහොමයක් 2000 වර්ෂයේදී නොයෙකුත් හේතු නිසා මියගොස් ඇත.
උතුරු සුදු රයිනෝ සතුන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති සතුන් විශේෂයක් ලෙස 2008 වර්ෂයේදී ලෝක වන සත්ව සංවිධානය විසින් නම් කරන ලදි.
අනාගතයේ දී ජාන තාක්ෂණය උපයෝගී කර ගෙන සුදු රයිනෝ බිහි කිරීමට සැලසුම් කර ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
සුඩාන් සහ දැනට ජීවත් වන ගැහැණු රයිනෝ දෙදෙනා යොදා ගෙන ජීවීන් බිහි කිරීමේ සියලු උත්සාහයන් අසාර්ථක වී ඇත.
කාන්තාවන් සහ පිරිමින් මුණ ගැසීම සඳහා භාවිත කරන 'ඇප්' එකක පසුගිය වසරේදී සුඩාන් වෙනුවෙන් ගිණුමක් ආරම්භ වූයේ සහකාරියක් සොයා ගැනීමට නොව, රයිනෝ ක්ලෝනකරණය සඳහා ආධාර ලබා ගැනීමේ අරමුණෙනි.
මේ හේතුවෙන් ඔහු ලෝකය පුරා මහත් ප්‍රසිද්ධියට පත් වුණ අතර බොහෝ දෙනා ඔහුගේ මරණයෙන් කම්පාවට පත්ව සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, EPA
අනාගතයේදී ජාන තාක්ෂණය භාවිත කර සුදු රයිනෝ බිහි කිරීමේ අරමුණින් පසුගිය සඳුදා මියගිය සුඩාන්ගේ ජාන ලබා ගත් බව වන සංරක්ෂණය භාර නිලධාරීහු පවසති.
මිනිසෙකුගේ වයස මැනීමේ ක්‍රමවේදයට අනුව මියගිය පිරිමි සුදු රයිනෝගේ වයස අවුරුදු අනූවකි.
'සුඩාන්' ජීවත් වුණ අවසාන පැය විසි හතර තුල ඔහුට තනිව නැගී සිටීමට පවා නොහැකි වූ බව ඔල් පෙජේටා වන සංරක්ෂිතය භාර නිලධාරීන් පළ කළ ට්විටර් පණිවිඩයක සඳහන්ව ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මේ තොරතුරුද දැනගන්න:








