ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බොලිවුඩ් තාරකා ශ්‍රීදේවි කපූර්ගේ මරණය 'හදිසි දියේ ගිලීමක්'
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලි ශ්‍රීදේවි කපූර් ගේ මරණය හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක් බව ඩුබායි හිදී සිදුකළ වෝහාරික වාර්තාවේ සඳහන්වේ.
සෙනසුරාදා (පෙබරවාරි 24) ඇය මියගියේ ඩුබායි නගරයේ පවුලේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමින් සිටියදීය.
මරණය පිළිබඳ වෝහාරික වාර්තාව ශ්‍රීදේවිගේ පවුලේ සාමාජිකයන් සහ ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ලබා දී ඇතිබව ගල්ෆ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
අදාල වාර්තාවේ ස්වභාවයට අනුව දේහය පෙරළා ඉන්දියාවට යැවීම ප්‍රමාද විය හැකි බව පුවත්පත වාර්තා කරයි.
පශ්චාත් මරණ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව තවමත් නිකුත්කර නොමැති අතර, විෂ විද්‍යාව පිළිබඳ පරීක්ෂණයේ ප්‍රතිඵල ද අවසාන වාර්තාව මගින් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේම, මුලින් ප්‍රකාශවූ "හෘදයාබාධ වාර්තාව" සහ වෝහාරික වාර්තාවේ සඳහන් "හදිසි දියේ ගිලීම" අතර සම්බන්ධය ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පැහැදිළි කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රීදේවි දශක 5කට වඩා වැඩි කාලයක් චිත්‍රපට 300 කට පමණ සිය රංගනයෙන් දායක වූවාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විය.
සිව් හැවිරිදි වියේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය.
ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි ද සිටි බව සැළකේ.
ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් ද ශ්‍රීදේවී කපූර් 2013 දී පිදුම් ලැබුවාය.
පෙර පුවත්: