ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රික්ටර් මාපකයේ 6.4 ක් පෙන්නුම් කළ තායිවාන භූමිකම්පාව
රික්ටර් මාපකයේ 6.4 ක් පෙන්නුම් කළ තායිවානයේ සිදුවූ දරුණු භූමිකම්පාවකින් සහ පසු කම්පන ගණනාවකින් හතර දෙනෙකු පමණ මිය ගොස් 200 කට ධික පිරිසක් තුවාල ලබා ඇත.
මෙම භූමිකම්පාව හේතුවෙන් වඩාත් දරුණු විනාශයක් සිදුවී ඇති හුවාලෙයින් නගරයේ ගොඩනැගිලි කිහිපයකට සහ මහා මාර්ගවලට දැඩි හානි සිදුවී ඇති අතර, එක් ගොඩනැගිල්ලක සිටි පුද්ගලයන් 140 දෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිඳු වාර්තාවක් ලැබී නොමැත.
ජනප්‍රිය සංචාරක කේන්ද්‍රස්ථානයක් වන හුවාලෙයින් නගරයේ ජනගහනය ලක්ෂයකට ආසන්නය.
හුවාලෙයින් නගර වැසියන්ට තම හානි වූ නිවෙස්වලින් බැහැරව ආරක්ෂක ස්ථාන කරා යන ලෙස දැනුම් දී ඇත.
පසු කම්පනවල බලපෑම හේතුවෙන් 800 කට ආසන්න පිරිසක් ප්‍රජා මධ්‍යස්ථාන තුළ රැඳී සිටිති.
නිවාස සහ කඩ සාප්පු පිහිටි ගොඩනැගිල්ලක් දැඩි හානි හේතුවෙන් එක් පසකට ඇලවී ඇති අතර, එහි විසූ 143 දෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිඳු වාර්තාවක් ලැබී නොමැත.
මේ අතර බදාදා උදෑසන සිට දිවි බේරාගත්තවුන් සෙවීමේ මෙහෙයුම් දියත්කොට ඇත.
භූමිකම්පාවෙන් පසු 40,000 කට ආසන්න නිවාස ප්‍රමාණයකට ජල සැපයුම නතර වී ඇති අතර, අධිවේගී මාර්ග සහ පාලම් තාවකාලිකව වසා දමා ඇත.
හුවාලෙයින් නගරයේ සියලුම පාසල් සහ කාර්යාල බදාදා වන තුරුත් වසා දමනු ලැබ තිබේ.
116 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් තායිවානයේ තායිනන් නගරයේ සිදුවූ භූමිකම්පාවෙන් වසර දෙකකට පසු සිදු වුණ දරුණුතම භූමිකම්පාව මෙයය.
තායිලන්ත ආණ්ඩුව පවසන පරිදි මෙම මාසය ඇතුළත භූමිකම්පා 100 ක් පමණ එරටින් වාර්තා වී ඇත.
මෙම කලාපය නිතරම භූමිකම්පන වාර්තාවන ප්‍රදේශයකි.
තවත් තොරතුරු: