ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කෙක්කෙන් කෑම සොයන 'කැලිඩෝනියානු' කපුටෝ
ස්කොට්ලන්තයේ ජීවත්වෙන 'කැලිඩෝනියානු' කපුටු වර්ගයා ආහාර සපයා ගැනීමට භාවිත කරන විශේෂ තාක්ෂණයක් පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබ ඇත.
එම කපුටු වර්ගයාට අතු ඉති කැබලි භාවිතයෙන් කෘමීන් අල්ලා ගත හැකි බව දිගු කාලයක් තිස්සේ දැන සිටිය ද, ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් ආහාර ලබා ගැනීම සඳහා උපකරණ නිර්මාණය කර ගන්නා බවත් පර්යේෂකයෝ පවසති.
අදාළ අධීක්ෂණය අනුව අතු රිකිල්ලක් කෙක්කක් බවට පත් කර ගැනීමේ හැකියාව සහ අවබෝධය එම කපුටන් සතු බව පර්යේෂකයන් හඳුනා ගෙන ඇත.
එවැනි උපකරණ භාවිතය නිසා සැඟවී ඇති කෘමි ආහාර සොයාගනු ලැබීමේ කපුටු හැකියාව දස ගුණයකින් පමණ වැඩි වෙයි.
"කුඩා කෙඳි ඉවත් කර ගැනීමට ඔවුන් තමන්ගේ හොට උපකරණයක් ලෙස නිවැරදිව භාවිත කරනවා. ඉතා තියුණු උලක් ලෙස සකසා ගැනීම නිසා අවහිරයක් නැතුව ගොදුර ලබාගන්න පුළුවන්" ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටියන් රූට්ස් පවසයි.
තවත් බොහෝ සත්ව කොට්ඨාශ, විශේෂයෙන් ම අග්‍රේෂයන් (primates) සහ අලියා ඔවුන්ට ආවේනික ලෙස උපකරණ භාවිත කරයි.
නමුත්, කෙක්කක් තනා ගැනීමට දන්නේ මිනිසාත් මෙම කැලිඩෝනියානු කපුටාත් පමණක් යයි විශ්වාස කෙරෙයි.
වෙනත් පුවත්: