ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පෆින් දුටු පෆින්; නිර්මාණාත්මක ඡායාරූපකරණය
ඇල්සිඩාර් පවුලට අයත් මුහුදු පක්ෂියෙක් වන පෆින්, එක්සත් රාජධානියේ ස්කෝමා දූපතේදී බහුලව දැක ගැනීමට ලැබෙයි.
ප්‍රජනන සමයේදී ඔවුන්ගේ හොට වර්ණවත් වීම සුවිශේෂය.
පෆින් චිත්‍රයට නැගීමට ප්‍රියතාවයක් දක්වන ඩේවිඩ් මිලර් ඔවුන්ගේ සමීපයෙහි රැඳී සිටීමට කදිම උපක්‍රමයක් භාවිත කරයි.
ගොඩබිමේදී සමීපව සිටින්නට හැකිවුනත් සයුරේ දී පෆින්ගේ හැසිරීම වෙනස් වෙයි.
පෆින් පක්ෂීහු, ඔවුන්ගේ රසවත් අහාරයක්වන මුහුදු පතුලේ සිටින වැලි ආඳන් සොයා මීටර් 60ක් පමණ කිමිදෙති.
ඔවුන්ගේ ජීවිතයේ වැඩි කොටසක් ගෙවෙන්නේ ජලයේ බැවින් සමීපව නිරීක්ෂණ සඳහා නිර්මාණාත්මක විසඳුමක් අවශ්‍ය වෙයි.
ඒඅනුව, ඩේවිඩ් මිලර් තම හිස මත සවිකිරීමට හැකි පෆින් කෙනෙක් නිර්මාණය කර ගනියි.
තවත් පුවත්: