ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බටහිර ප්‍රදේශයේ පිහිටි ෂියා සංස්කෘතික හා ආගමික මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 40 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට වාර්තා වේ.
එම ප්‍රහාරයෙන් අනතුරුව තවත් පිපිරීම් දෙකක් අදාළ ප්‍රදේශයෙන් වාර්තා වූ බවට එරට අභ්‍යන්තරය කටයුතු භාර අමාත්‍යාංශය බීබීසී සමග පවසා සිටියා.
මෙම ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකු හෝ භාර ගෙන නැත.
පසුගිය මාස කිහිපය තුළදී ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය ඇෆ්ගනිස්ථානය පුරා පිහිටි ෂියා මුස්ලිම් ඉලක්ක වෙත ප්‍රහාර ගණනාවක් එල්ල කළහ.
මෙම ප්‍රහාරයෙන් මිය ගිය අයගේ සිරුරුවල ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැකිය හැකි අතර, මළ සිරුරු කිසියම් ප්‍රමාණයක් ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිල්ලේ සිට පිටතට ගෙන යන ලැබූ බව ෂියා සංවිධානයේ මාධ්‍ය අංශය වන 'ඇෆ්ගන් ප්‍රෙස්' (Afghan Press) හි ප්‍රධානියා බීබීසී සමග පැවසීය.
"තබායන් සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රහාරයට ඉලක්ක වී තිබෙනවා. පිපිරීම සිදු වන අවස්ථාවේ දී ඇෆ්ගනිස්ථානය තුළ සෝවියට් ආක්‍රමණයේ 38 වැනි සංවත්සරය සැමරීම සදහා එහි උත්සවයක් පැවැත්වෙමින් තිබුණා" යැයි ඇෆ්ගනිස්ථානයේ නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නස්රාට් රහිමි ඒ.එෆ්.පී (AFP) පුවත් සේවයට පැවසීය.
එම ස්ථානයේ දී ශිෂ්‍යයින් පිරිසක් හා මාධ්‍ය කණ්ඩායමක සාමාජිකයින් අතර හමුවක් පැවැත්වෙමින් තිබූ බවට වාර්තා වුණි.
පසුගිය ඔක්තෝබර් මස ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 39 දෙනෙකු මිය ගියහ.
මේ තොරතුරුද දැනගන්න: