ඔස්ට්‍රේලියාවේ උද්‍යානයක තිබූ ඩයිනෝසර පාද සටහනකට හානි කෙරේ.

විනාශක කරන ලද තියරපොඩ් ඩයිනෝසර පාද සටහන

ඡායාරූප මූලාශ්‍රය, PARKS VICTORIA

ඡායාරූප ශීර්ෂ වැකිය, විනාශක කරන ලද තියරපොඩ් ඩයිනෝසර පාද සටහන

වර්ෂ මිලියන 115ක් පමණ පැරැණියයි සැලකෙන, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි ජාතික උද්‍යානයක තිබූ ඩයිනෝසරයකුගේ පාද සටහනනෙන් කොටසකට කිසියම් පිරිසක් හානි පමුණුවනු ලැබුහ.

2006 වසරේදී පොසිල විද්‍යාඥයින් විසින් වික්ටොරියාහි ගල්තලාවක තිබී තියරපොඩ් ඩයිනෝසර (theropod dinosaur) පාද සටහන සොයා ගන්නා ලදී.

ඩයිනෝසරයන්ගේ පොසිල සම්බන්ධයෙන් ප්‍රකට ප්‍රදේශයක් වූ එය, අයිස් යුගයෙහි ඩයිනෝසරයන් ලොව වාසයකල ප්‍රදේශ කිහිපයෙන් එකකි.

සෙ.මී. 30ක් පමණ පළල පාද සටහන කැඩීම සඳහා, මිටියක් වැනි යමක් භාවිත කරන්නට ඇතැයි බලධාරීහු විශ්වාස කරති.

"පේන විදියට යමෙක් මිටියක් හරි ගලක් හරි ආධාරයෙන් පාද සටහනේ කොටස් කඩා ඉවත්කරල තියෙනව" වික්ටෝරියා උද්‍යාන පාලක බ්‍රයන් මාර්ටින් බීබීසී වෙත පැවසීය.

"කඩා දැමූ කොටස්" ගල්තලාව මත විසුරුවා දමාගොස් ඇතිබව ඔහු පැවසීය.

පසුගිය සතියේ, ප්‍රදේශයේ පාසල් අධ්‍යාපන චාරිකාවක් මෙහෙයවූ නිලධාරියෙක් මෙම හානිය මුලින්ම දැක තිබේ.

මහජනයාට දැක ගැනීම සඳහා විවෘතව පැවති පාද සටහන විනාශ කිරීමට ප්‍රථම

ඡායාරූප මූලාශ්‍රය, PARKS VICTORIA

ඡායාරූප ශීර්ෂ වැකිය, මහජනයාට දැක ගැනීම සඳහා විවෘතව පැවති පාද සටහන විනාශ කිරීමට පෙර

මහජනයාට දැක ගැනීම සඳහා විවෘතව පැවති පාද සටහන, අපරාධකරුවන් හිතා මතාම ඉලක්කකර ඇතිබව උද්‍යාන පාලකවරයා පැවසීය.

"බොහෝ පුද්ගලයන් නොදැනුවත්කම නිසා ඉතා පහසුවෙන් පාද සටහන පසුකර යනවා. එතැනටම එන්න මොවුන් එය පිළිබඳව නිශ්චිතව දැනුවත්ව සිටියයුතුයි" ඔහු පැවසුවේය.

මේ විනාශ කිරීමෙන් තමන් කනස්සල්ලට පත්ව ඇති බව ප්‍රාන්ත බලධාරීහු පවසති.

"මාංශ භක්ෂක ඩයිනෝසරයා, අයිස් යුගයේ මේ ගල මත ඉතිරිකර ගොස් තිබූ පාද සටහනනෙන් එවක පැවති ශීතාධික පරිසරය තුළ එම අවස්ථාව නිරුපණය කිරීම මේ පාද සටහනේ සුවිශේෂත්වයයි" වික්ටෝරියා උද්‍යාන පැවසීය.

වෙනත් පුවත්: