'අවසන් 'මැමත්' මියගියේ පිපාසයෙන්'

Woolly Mammoth

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රධාන භුමියේ සිටි මැමත් ගහනයට වඩා තවත් වසර දහස් ගණනක කාලයක් සාන්ත පෝල් දූපතේ සද්දන්තයන් ජීවත්වූ බවට සාධක හමුවී තිබේ
    • Author, රෙබෙකා මොරෙල්
    • Role, බීබීසී විද්‍යා තොරතුරු අංශය
  • Published

වසර පන්දහසකට පෙර මිහිතලය මත විසූ 'මැමත්' නම්වූ අවසන් සද්දන්ත හස්ති විශේෂය විනාශවී යාමට හේතුව සොයා ගැනීමට හැකිවූ බව උතුරු ඇමරිකාවේ විද්‍යාඥයෝ විශ්වාස කරති.

හුදෙකලා දූපතක් වන ඇලස්කාවේ සාන්ත පෝල් දූපතේ දී හමුවී ඇති 'මැමත් කොලනියකින්' ලබාගත් තොරතුරු අනුව නිගමනය කළ හැකි වන්නේ මෙම සත්ව විශේෂය වඳවී ගොස් ඇත්තේ බීමට ජලය නොමැති කමින් බවයි විද්‍යාඥයින් පවසන්නේ.

අයිස් යුගය අවසානවීමත් සමග පෘථිවිය උණුසුම් වී මුහුදේ ජල මට්ටම ඉහළ ගොස් බීමට ජලය ඇති බිම් ප්‍රමාණය කුඩා වූ බවයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේවුවද මිනිස් දඩයම් කරුවන් අතින් සහමුලින් විනාශ වී ගිය ප්‍රධාන භුමියේ සිටි මැමත් ගහනයට වඩා තවත් වසර දහස් ගණනක කාලයක් සාන්ත පෝල් දූපතේ සද්දන්තයන් ජීවත්වූ බවට සාධක හමුවී තිබේ.