ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කටාර් එමීර්වරයාගෙන් සෞදි අරාබිය සහ එහි මිත්‍ර රටවල් වෙත චෝදනාවක්
සිය රට වෙත සීමා පනවමින් තම ආණ්ඩුව පෙරලීමට උත්සාහ කළ බවට කටාර් රාජ්‍යයේ එමීර්වර්යා සෞදි අරාබිය සහ එහි මිත්‍ර රටවල් වෙත චෝදනා කරයි.
ඇමරිකානු රූපවාහිනී වැඩසටහනක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ෂේක් තමීම් බින් හමාද් අල්-තානි කියා සිටියේ කටාර්හි ස්වාධීනත්වය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම සෞදි අරාබියට තර්ජනයක් වී ඇති බවය.
සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ඉල්ලා සිටින පරිදි සිය රටට අයත් අල් ජසීරා මාධ්‍ය ජාලය වසා නොදමන බව කටාර් එමීර්වර්යා එහිදී යළි යළිත් අවධාරණය කළේය.
ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් ඉහත කී රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට පසුගිය ජුනි 05 වෙනිදා කටයුතු කළහ.
කටාර් රාජ්‍යය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
සම්බාධක ඉවත් කිරීම සඳහා ඉහත කී අරාබි රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත පසුගිය ජුනි 23 වෙනිදා ඉල්ලීම් මාලාවක් ඉදිරපත් කරනු ලැබීය.
අල් ජසීරා මාධ්‍ය ජාලය වෙත මූල්‍යාධාර ලබා දීම වහා නතර කිරීම ඉහත කී ඉල්ලීම් අතරින් එකකි.
කෙසේ නමුත් සෞදි අරාබිය ඇතුළු එහි මිත්‍ර රටවල් හා මතුව ඇති අර්බුදය විසඳීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සාකච්ඡා සඳහා තමන් සූදානම් බව කටාර් එමීර්වර්යා සිය සම්මුඛ සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කළේය.
සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයක් ඩෝහා පාලනය සමග පැවති සබඳතා අත්හිටුවීමත් සමග කටාර් රාජ්‍යය තුළ ආහාර හිඟයක් ඇති වෙතැයි බිය පළ විය.
එවැනි තත්ත්වයක් යටතේ තම රට තුළම කිරි සහ එළවලු නිෂ්පාදනය කිරීම සඳහා කටාර් රාජ්‍යය විසින් දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.
කටාර්හි වෙළඳසැල් තුළ ප්‍රමාණවත් තරම් ආහාර ද්‍රව්‍ය ඇති බව බීබීසී සිංහල සේවය වෙත මීට ඉහතදී අදහස් දැක්වූ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් පැවසූහ.
ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?
කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.
දුරකතන :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න
ඊමේල් : [email protected]