ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සියයක් කාන්තාවෝ: දඟ ගෙයි දිවි ගෙවූ දරුවන්ට මවක වූ ඉන්දිරා
දඬුවම් ලබා සිර ගත කෙරෙන නේපාලයේ මව්වරුන් බොහෝ විට බන්ධනාගාර තුළ රඳවා තබනු ලබන්නේ ඔවුන්ගේ බාල වියේ පසුවන දරුවන් ද සමගය.
අවුරුදු පහ සම්පූර්ණ වූ පසු එම දරුවන් ඔවුන්ගේ මව්වරුන්ගෙන් වෙන් කෙරේ.
ඉන්දිරා රණමගර්, එවැනි දරුවන්ට අධ්‍යාපනය ලබා දී පැහැබර අනාගතයක් උරුම කර දීම සඳහා කැප වූ දිරිය කාන්තාවකි.
බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් ඇය නේපාලය පුරා ළමා නිවාස ආරම්භ කර තිබේ.
"සෑම දරුවෙකුටම නිවසක් තිබිය යුතුයි. සෑම දරුවෙකුටම කුසට අහරක් ලැබිය යුතුයි. ආත්ම ගරුත්වයෙන් ජීවත් වීමේ අයිතිය ඔවුන්ට හිමි විය යුතුයි. එයයි මගේ සටන, එයයි මගේ සිහිනය" යනුවෙන් ඇය කියා සිටියාය.
දරුවන් ඇය අමතන්නේ 'අම්මා' යන නමිනි.
වසර 27 කාලයක් තුළ තමන් විසින් දරුවන් 1600 අධික සංඛ්‍යාවක් බේරා ගනු ලැබ ඇතැයි ඇය සඳහන් කළාය.
ගැහැණු ළමයෙකු වීමත් දුගී පරිසරයක හැදී වැඩීමත් නිසා ඉන්දිරාට පාසල් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබී නොමැත.
"මගේ සහෝදරයා පාසල් ගියා නමුත් ගැහැණු ළමයෙක් නිසා මාව පාසල් යැවුවේ නැහැ. මගේ සහෝදරයා ඉස්කෝලේ ගිහින් ඇවිත් ගෙදරවැඩ කරද්දී මම ඒවා ඉගෙන ගත්තා. නමුත් මට පැන්සලක් තිබ්බේ නැහැ" යනුවෙන් ඇය සිය අතීතය සිහිපත් කරන්නීය.
පොත් පැන්සල් නොතිබූ හෙයින් පොළොවේ අකුරු ලියමින් තමන් විසින්ම ඉගනීමේ යෙදුණු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
රැඳවියන්ගේ දරුවන්ට අමතරව දෙමව්පියන් විසින් හැර දමා යනු ලැබූ දරුවන්ට ද ඇය පිහිට වන්නීය.
සබැඳි යොමු: