ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශතකයකට පසු පෘථිවියට ළඟාවන විශාලතම ඇස්ටරොයිඩය
විශාල ඇස්ටරොයිඩයක් (Asteroid) පෘථිවිය පසු කර යාමට නියමිත බව නාසා ආයතනය පවසයි.
නාසා ආයතනය පවසන පරිදි ශතකයකට අධික කාලයකට පසු පෘථිවිය පසු කර යන විශාලතම ඇස්ටරොයිඩය (Asteroid) එයයි.
එම ඇස්ටරොයිඩය සාපේක්ෂ වශයෙන් පෘථිවියට කිලෝමීටර ලක්ෂ හැත්තෑවකට ආසන්න දුරකින් ගමන් කරනු ඇති බව එම ආයතනය කියා සිටියේය.
ෆ්ලෝරන්ස් නමැති ඇස්ටරොයිඩයේ විෂ්කම්භය කිලෝමීටර 4.4 කි. තවත් සියවස් ගණනාවක් යන තෙක් ඉන් පෘථිවියට තර්ජනයක් නොමැත.
ඇස්තමේන්තු අනුව පෘථිවිය සමීපයෙන් ගමන් කළ වෙනත් ඇස්ටරොයිඩ ප්‍රමාණයෙන් කුඩා ඒවාය.
2500 වසරේදී
සූර්යයා සහ ග්‍රහලෝක නිර්මාණය වීමේදී ඉතිරි වූ සුන්බුන් කොටස් ඇස්ටරොයිඩ ලෙස හඳුන්වයි.
ෆ්ලෝරන්ස් නමැති ඇස්ටරොයිඩය මුලින්ම සොයා ගනු ලැබුවේ 1981 වසරේදීය.
එහි සමීපතම ස්ථානයට ඇති දුර සාමාන්‍ය වශයෙන් පෘථිවිය සහ සඳ අතර දුර මෙන් දහඅට ගුණයකි.
නාසා ආයතනය පවසන පරිදි 1890 න් පසු ෆ්ලෝරන්ස් ඇස්ටරොයිඩය පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කරනුයේ 2017 වසරේදීය.
2500 වසරේදී ෆ්ලෝරන්ස් ඇස්ටරොයිඩය යළි ඒ ආකාරයට පෘථිවිය සමීපයෙන් ගමන් කරනු ඇති බවත් නාසා ආයතනය කියා සිටී.