ගැහැණු ළමුන්ට සහ කාන්තාවන්ට පණිවුඩයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, "ඔබට ආදරය කරන්න. ඔබව විශ්වාස කරන්න"

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනෙක් තම සිරුරේ හැඩය පිළිබඳ උනන්දුවක් දක්වති.

සම ඇදීමට ලක්වීම හේතුවෙන් ඒ මතුපිට ඇතිවන ඉරි සලකුණු (Stretch marks) පිළිබඳ ඇතැමෙක් නොසතුටට පත් වෙති.

තම ශරීරයට ඇලුම් කිරීමට කාන්තාවන් දිරි ගැන්වීම සඳහා තෙලිතුඩ යොදා ගන්නා චිත්‍ර ශිල්පිනියක් පිළිබඳ ස්පාඤ්ඤයෙන් වාර්තා වේ.

සිය සම මතුපිට ඇතිවන ඉරි සලකුණු පිළිබඳ කලකිරීමට පත් නොවී ඒවා ඇති සැටියෙන් භාර ගන්නා ලෙස සින්ටා ටෝ ගැහැණු ළමුන්ගෙන් සහ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නීය.

කාන්තාවන්ගේ සම මතුපිට ඇති ඉරි සලකුණු පින්තාරු කිරීමට ඇය පෙළඹී ඇත්තේ ඒවායේ ඇති අලංකාරය ඉස්මතු කිරීමේ බලාපොරොත්තුවෙනි.

"අඩුපාඩුවක් ලෙස සමාජය විසින් පෙන්වා දෙනු ලබන දේ අනෙක් අය සමග බෙදා ගන්න මට ඕන වුනා" යනුවෙන් සින්ටා ටෝ කියා සිටියාය.

කාන්තා සවිය

Stretch mark art

ඡායාරූප මූලාශ්‍රය, Zinteta

සිය නිර්මාණ නිසා තමන් සවිගැන්වෙන බව පවසමින් කාන්තාවන් තමා වෙත ලිපි එවන බව ඇය සඳහන් කරන්නීය.

"මට කතා කරපු එක් කාන්තාවක් කිව්වා": 'මගේ ඇඟ පින්තාරු කරන්න හැබැයි මම, මගේ ඇඟට වෛර කරනවා කියල'

"මම ඇයට කිව්වා": 'ඔබේ සිරුරට වෛර කරන තැනට ඔබව යොමු කළේ සමාජයයි ඔබට එය වෙනස් කළ හැකියි කියලා'

ගැහැණු ළමුන් සහ කාන්තාවන් වෙත පණිවුඩයක් දීමට කැමති බව සින්ටා පවසන්නීය.

"ඔබට ආදරය කරන්න. ඔබව විශ්වාස කරන්න"