කිණිහිරක පන්නරය ලද මව් දිරිය

වීඩියෝ ශීර්ෂ වැකිය, 'වානේ පන්නරය ලැබූ හැටි'

වානේ පන්නරය ලබන්නේ තැලෙන විටය. මිනිස් ජීවිතයත් එබඳුය.

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලංඔය වෙසෙන පී.ජී සොබාවති ඒ සඳහා එක් සාක්ෂියකි.

අනේක විධ දුක් දොම්නස් මධ්‍යයේ දශක තුනකට වැඩි කාලයක් මේ දිරිය මව යකඩ හා ගැටෙන්නීය.

දාසය වෙනි වියේදී දීග ගිය ඇය සිය සැමියාගේ හිරිහැරවලට ගොදුරු වුවාය.

බීමත්කම නිසා රෝගාතුර වූ සිය සැමියා සුව කිරීමට ඇය උත්සාහ දරුවාය.

line
line

ඇය පවසන පරිදි ඔහු සුවය ලද නමුත් ඈ මුහුණ දුන් හිරිහැර එපරිදිම විය.

"පස්සේ මගේ දරුවෝ තුන්දෙනයි මාවයි දාලා එයා යන්න ගියා" ඇය අතීතය සිහිපත් කරයි.

"දරුවන්ට බරක් නොවී"

යකඩ තැලීම

"දාලා යන කොට ලොකු පුතාට අවුරුදු හතරයි. දෙවැනි පුතාට අවුරුදු දෙකයි, ඊළඟ එක්කෙනාට මාස එකහමාරයි"

සිය දරුවන් උස්මහත් කිරීම සඳහා ඇය තෝරා ගනු ලබන්නේ මව් දෑතට නුහුරු කිණිහිර සහ මිටියයි.

ඒ අනුව ඈ යකඩ තැලීම සිය ජීවිකාව කර ගත්තීය.

line
line

යළි විවාහ දිවියට පත් වූ පසුව එසැමියා තම පළමු විවාහයේ දරුවන්ට ද හොඳින් සැළකූ බව පී.ජී සොබාවති පවසන්නීය.

සිය දරුවන් හය දෙනාගේ අනාගතය සුරක්ෂිත කළ තමන් ඔවුන්ට බරක් නොවී යකඩ තැලීම ඉදිරියටත් කර ගෙන යන බව පී.ජී සොබාවති කියා සිටියේ සිනහබර මුවිනි.